Ads 468x60px

.

ඉන්දරතන හිමියන්ගේ ආදාහන පූජෝත්සවයේ සම්පූර්ණ ඡායාරූප, හඬපට සහ වීඩියෝ එකතුව

බෝවත්තේ ඉන්දරතන හිමියන්ගේ ආදාහන පූජෝත්සවයේ සම්පූර්ණ ඡායාරූප එකතුව / සම්පූර්ණ හඬපට එකතුව / වීඩියෝ දැක බලා අසා ගන්න පිවිසෙන්න....

http://www.facebook.com/media/set/?set=a.527168854007675.1073741828.123534534371111&type=3

කටාර් රටේ ගෑනුන්ට බුදු රුව ඇති බ්ලවුස් අන්දවලා.

බකට් වල අඩියේ බුදු රුව... 

කටාර් රාජ්‍ය තුළ බෙදා හැරෙන බුදු රුව සහිත කාන්තා බ්ලවුසයක් උකුවෙල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකඛාධිකාරි ශාස්ත්‍රපති මාඋස්සාවේ අග්ගධම්ම හිමියන් අතට පත්ව තිබෙනවා. 

කටාර් රාජ්‍යයේ කර්මාන්ත ශාලාවක කළමණාකරුවකු සතුව තිබූ එම බ්ලවුසය එහි සේවය කළ මාතලේ,රෙඩ්බානාගම,පදිංචි සමන් අසේල මහතාවිසින් ශාස්ත්‍රපති මාඋස්සාවේ අග්ගධම්ම හිමියන් වෙත 29 උදැසන බාරදී තිබෙනවා. සමන් අසේල මහතා එම බ්ලවුසය බාරදෙමින් කියා සිටියේ කටාර් රට තුළ බුදු දහමට නිගරු කිරීමේ මෙවැනි දේ  සිදු වෙන බවයි.

ප‍්‍රංශයේ පිරිමි දෙදෙනෙක් පෝරුවට නගී

සමලිංගික විවාහ නීතිය ප‍්‍රංශ පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් දින කිහිපයකට පසුව පළමු සමලිංගික යුවලගේ විවාහ මංගලෝත්සවය දකුණු දිග ප‍්‍රංශයේ මොන්ටිපිලර් නුවරදි දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ පවත්වන ලදි.

වින්සන්ට් ඔස්ටින් සහ බෲනෝ බොයිලියෙව් යන තරුණයන් දෙදෙනා මෙසේ ප‍්‍රංශය තුළදී නීත්‍යානුකූලව විවාහ දිවියට එක්වූ පලමු සමලිංගිකයන් ලෙස  වාර්තා පොතට එක්වූහ.


ප්‍රේමය බිඳී ගියෑයි වියරුවෙන් පෙම්වතා, පෙම්වතිය සහ ඇගේ මව මරා දැමු හැටි.

මම කඩුව රැගෙන ගියේ කවුරුත් මරන්න හිතාගෙන නොවේ. ඒ අයව බය කරන්න...

දර්ශනමාලිගේ තාත්තා මට කොටන්න කැත්තක්‌ අරන් ආවා...

අනුරාධපුර පරණ නුවර පාරේ අභයපුර ප්‍රදේශයේ නිවසකට පෙරේදා (28 දා) රාත්‍රි කඩා වැදුණු තිස්‌ හැවිරිදි තරුණයකු විසින් එකම පවුලේ මවක සහ දියණියක කැත්තකින් කපා කොටා ඝාතනය කොට ඇත.

මෙහිදී කැති ප්‍රහාරයට ලක්‌ව මියගිය තරුණියගේ හැට දෙහැවිරිදි පියා බරපතළ කැපුම් තුවාල සහිතව ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‌ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම ද්විත්ව ඝාතනය පෙරේදා (28 දා) රාත්‍රි 8.00 ත් 8.30 ත් අතර කාලයේ සිදුකොට ඇති බව පොලිස්‌ පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇත.

සිද්ධියෙන් මියගොස්‌ ඇත්තේ හැට දෙහැවිරිදි පින්හාමිගේ ශීලා කරුණාරත්න සහ විසිතුන් හැවිරිදි තක්‌ෂිලා දර්ශනමාලි කරුණාරත්න යන දෙදෙනාය.

ජයලත් ජයවර්ධන මහතා අභාවප‍්‍රාප්ත වෙයි.

අද දිනය ඇතුලත ඒ මහතාගේ දේහය මෙරටට...

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එහි නියෝජ්‍ය මහ ලේකම් දොස්තර ජයලත් ජයවර්ධන මහතා අභාවප‍්‍රාප්ත වී තිබෙනවා.

අද පෙරවරුවේ සිංගප්පූරුවේ මවුන්ට් එලිස බෙත් රෝහලේදී ඒ මහතා මෙසේ අභාවප‍්‍රාප්ත වී ඇති අතර හෘද
යේ අබාධයක් හේතුවෙන් ඒ මහතාට ශාල්‍යකර්මයක්ද එහිදී සිදු කර තිබුණා.