Ads 468x60px

.

සෑම තත්පරයකටම දරුවන් තිදෙනෙක්

ලොව කුමන හෝ ස්ථානයක සෑම තත්පරයකටම දරුවන් තිදෙනෙකු උපදින බව නවතම සමීක්‍ෂණ වාර්තාවක් පෙන්වා දෙන අතර එය වසරකට මිලියන 93ක් බව එම වාර්තාව වැඩිදුරටත් සනාථ කරන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

රද්දොළුගම ප්‍රදේශවාසීන්ට බොන්න වතුර නැහැ

දඬුගම්ඔයේ ජලය පානය කිරීමෙන් වැළකෙන ලෙස උපදෙස්දීමත් සමඟ තමන් උග්‍ර පානීය ජල ගැටලුවකට මුහුණ දී සිටින බව රද්දොළුගම ප්‍රදේශවාසීන් පවසයි.
රද්දොළුගම නිවාස සංකීර්ණයේ ජීවත්වන ජනතාව මින් වඩාත්ම දුෂ්කරතාවට පත්ව ඇත.

ගොළු කතට හදි කළ ති‍්‍රරෝද රියදුරා දැලේ

ගොළු කාන්තාවකට ලිංගික අතවරයක් සිදු කළ දෙදරු පියෙක් කොටවෙහෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ කාන්තාව ඇඟළුම් සේවිකාවක් වන අතර ඇය සිය සේවය නිමකර එමින් සිටියදී මෙම සිද්ධියට මුහුණදී ඇත.

සිද්ධියට මුහුණදුන් ගොළු කාන්තාවදෙදරු මවක් බව පැවසේ.

හම්බන්තොට අලි සංහාරය

2018 පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා තරඟ වදින ශ්‍රීලංකාව කෙසේ හෝ එය යතාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා හම්බන්තොට ප්‍රදේශයේ විශාල ක්‍රීඩා ගම්මානයක් සහ ගුවන්තොටුපලක් ඉදිරිකිරීමට සැලසුම්කර ඇත.

මේ පෝස්ටරය දැක්කම මොකද හිතෙන්නේ

මේ දවස්වල ඇගකිලිපොලා යන පොස්ටරයක් මීගමුව නගරය පුරාත් කට්ටුව සහ දළුපත  ප්‍රදේශවලත් අලවල  තියෙනවා.එහි ලියවිලා තියෙන්නේ මීගමුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි මාක් සුජිත් ගැන.ඔහු දැනට මීනිමරුම් චෝදනා පිට බන්ධනාගාර ගතකරලයි තියෙන්නේ.
ඔහු අතින් ඝාතනයයට ලක්ව ඇත්තේ රුවන් දිල්සිරි නම් වු කට්ටුව  ප්‍ර දේශයේ පදිංචිකරුවෙකු වු දෙදෙරු පියෙක්.මේ පොස්ටරවල සදහන් කිසිවකටත් කිසිදු සම්බන්ධයක් නැති අහිංසකයෙකි.මේ පොස්ටරය දැක්කම ඔබට මොකද හිතන්නේ  ?

යතුරු පැදියේ ගැටී මිය ගිය වැල්ලවීදිය සිසුවාගේ මරණය ගැන. මීගමු පොලියෙන් නිහඩ පිලිවෙතක්. ප‍්‍රදේශවාසීන්ගෙන් පොලිසියට චෝදනා

මීගමුව වැල්ලවීදිය ප‍්‍රදේශයේ පදිංචිව හුන් 17 හැවිරිදි ඩිල්ෂාන් මිය යන විට වැල්ලවීදිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ දීප්තිමත් සිසුවෙකු සහ ජනපි‍්‍රය පාසල් කී‍්‍රඩකයෙකු විය. එදින දේවස්ථානයේ සිට මිතුරන් තිදෙනෙකු සමඟ පාපැදි වලින් ( පාපැදි 03 කින් ) සිය නිවස දෙසට යමින් සිටියදී එනම් ලූවිස් ප‍්‍රදේශයේ කී‍්‍රඩාංගනය අසලදී පසුපසින් පැමිණුන යතුරු පැදියේ ඩිල්ෂාන් පැමිනි පාපැදිය ගැටී තිබේ. එහිදී ඇති වූ අනතුර සමඟ මීගමුව රෝහලටත් ඉන් පසු ස්කෑන් වාර්තාවක් ලබා ගැනීමට කොළඹ ජාතික රෝහලටත් ඩිල්ෂාන්ව යැවුනු අතර කොළඹ සිට ආපසු මීගමුව රෝහලට එන ගමනේදී ඔහු මිය ගොස් තිබීනි.

ජිනා මැඩම්ට ඇප නෑ

කොල්ලූපිටිය සුපිරි වෙළෙඳ සංකීර්ණයක මහල් කිහිපයක් කුලියට ගෙන ගණිකා නිවසක් පවත්වාගෙන ගියේ යැයි කියන රෝස්මරි ජූඞ් පෙරේරා නොහොත් ජිනා මැඩම් නමැත්තිය ලබන 29 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත භාරයේ තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා පසුගියදා නියෝග කළේය.

ඉන්දියාවේ වඳුරු මඟුලක්

වඳුරන් දෙදෙනෙකු අතර සිදුකළ විවාහයක් පිළිබඳව ඉන්දියාවේ රාජස්තාන් ප‍්‍රාන්තයෙන් වාර්තා වේ.
මෙම අපූරු විවාහයේ මනමාළයා වී ඇත්තේ රාජු නම් වඳුරෙකි.
වසර තුනකට පෙරදී සිහිසුන් වී සිටි රාජු 38 හැවිරිදි රාජේෂ් නම් ත‍්‍රීරෝද රථ රියදුරකු විසින් දරුකමට හදාගත් වඳුරෙකු බවත් රාජේෂ් සමග ආහාර ගැනීම, දුම්බීම, නිදාගැනීම සිදුකරන මෙම සත්ත්වයා එම ප‍්‍රදේශයේ ගම්වැසියන් අතර මහත් ප‍්‍රසිද්ධියක් ලබාසිටි බව පැවසේ.

වේයන්ගොඩ ගුවන් පාලම ඉදිකිරීම අද ඇරැඹේ

වේයන්ගොඩ මංසන්ධියේ වාහන තදබදය අවම කිරීම සඳහා නව ගුවන් පාලමක්‌ ඉදිකිරීමේ කටයුතු අද (12 වැනිදා) පෙරවරුවේ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරනු ලබයි.

වරකාපොල බස්‌-ලොරි ගැටුමෙන් 37 කට තුවාල

කොළඹ නුවර මහාමාර්ගයේ වරකාපොල නගරයේ ක්‍රීඩාපිටිය ඉදිරිපිට පෙරේදා (10 දා) රාත්‍රියේ පෞද්ගලික බස්‌ රථයක්‌ හා වැලි ලොරියක්‌ මුහුණට මුහුණලා ගැටීමෙන් බස්‌ රථයේ සිටි 35 දෙනකු, ලොරි රථයේ රියෑදුරු හා ලොරි සහායක තුවාල ලබා වරකාපොල හා කෑගල්ල රෝහල්වලට ඇතුළත් කර ඇති බව වරකාපොල පොලිසියේ රථවාහන අංශය කියයි.

රුසියානු ගණිකාවක් ඉල්ලා මාලක සිල්වා හඬා වැටෙයි

මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු පිළිබඳ අමාත්‍යය මර්වින් සිල්වා ගේ පුතු වන මාලක සිල්වා කොල්ලුපිටියේ ගණිකාවන සපයන ආයතනයක සිටින රුසියානු ගණිකාවකට වශී වී ඇතැයි වාර්තා වේ.