Ads 468x60px

.

මුළු ලෝකෙටම සීනි ඇමති කෙනෙක් ඉන්න එකම රට - ආඩම්බරයි හසන්ත මහත්තයෝ ආඩම්බරයි

ජාතියේ උක් රස සොයා ගිය ගමනක්...

‘දැන් සීනි ඇමති.. මේ පැත්තෙන් ළඟදිම තේ කොල ඇමති, තව ටිකක් කල් යනකොට ටිං කිරි ඇමති, මේ ගොල්ලො එකතු වෙලා තේ කඩයක් දා ගනීවි. තමුන්නාන්සෙලා බලාගෙන ඉන්නව...

ගාල්ලේ පැවති ජනහමුවක් අමතමින් එසේ පැවසුවේ අප රටේ ප්‍රසිද්ධ දේශපාලකයෙකි. එමදේශපාලකයා මෙසේද පවසනවා. ඇමතිවරු පැටවු ගහනව වගේ කුකුල්ලූ බිත්තර දානව වගේ බිහිවෙනව. අපේ රටේ කමයි මුළු ලෝකෙටම සීනි ඇමතිකෙනෙක් ඉන්න එකම රට.

මුළු ලෝකෙටම සීනි දෙන රටවල් තියෙනව බ‍්‍රසීලය වගේ රටවල් ඒ වුණත් සීනි ඇමතිල නෑ. මං හිතන්නෙ මේ ඇමති මණ්ඩලේ ඉන්න අයට ඕන දියවැඩියා ඇමති කෙනෙක්. ප්‍රෙෂර් ඇමති කෙනෙක්. ළඟදීම තේ කොල ඇමති, ටිං කිරි ඇමති, ආදී නව ඇමතිවරුන්ද බිහිවනු ඇතැයි එම දේශපාලකයා පවසනවා.

දෙමව්පියන්ගේ යාලූවෙක් පුංචි කාලේදිම මාව කෙලෙසුවා - රවි ශංකර්ගේ දියණිය කියයි...

මට ඒ අවාසනාවන්ත සිදුවීමෙන් කවදාවත් අත්මිදෙන්න බෑ...

ඒ හින්ද "බිලියනයක පිබිදීම" නමින් ප‍්‍රචාරක වීඩියෝවක් එළිදක්වනවා...

රවි ශංකර්ගේ දියණිය අනුෂ්කා ශංකර් කතා කරයි...

තමන්ගේ දෙමව්පියන්ගේ විශ්වාසය දිනා සිටි පුද්ගල යෙකුගේ බලහත්කාරයෙන් අවාසනාවන්ත ලෙස ලිංගික අතවරයට ලක් වීමට ළමා කාලයේදි තමාට සිදුවූ බව ඉන්දියානු මහා සංගීතවේදි රවි ශංකර්ගේ දියණිය අනුෂ්කා ශංකර් පවසනවා.

පාකිස්තානයේ ඉන්දියාවේ වැලැන්ටයින් දින විරෝධි උද්ඝෝෂණ - පෙම්වතුන්ට ප්‍රහාර..

වැලන්ටයින් පූජකතුමා පෙම්වතුන් හොර රහසේ විවාහ කර දුන් දිනය අදයි...

පාකිස්තානයේ ප්‍රධාන ආගමික පක්ෂයේ ආධාරකරුවන් විසින් පෙරේදා වැලන්ටයින් දින විරෝධී උද්ඝෝෂණ යක් පවත්වා තිබෙනවා. 

කෑ කෝගසමින් පැවති මේ උද්ඝෝෂණයේදි වැලන්ටයින් සැමරුම ඉස්ලාම් විරෝධී බව ප්‍රකාශ කරමින් එය ප්‍රතික්ෂේප කරනලෙස ඉල්ලා සිටි ඔවුහු ඒවෙනුවට ශික්ෂණ දිනයක් පැවැත් විය යුතු බව ඉල්ලා සිටියා.

පෙෂවෝ හි පුවත් පත් සමාජ ගොඩනැගිල්ල ඉදිරියට රැස්වු ජමාට් -ඉ - ඉස්ලාමි පක්ෂයේ ශිෂ්‍ය අංශය වැලන්ටයින් සැමරුම් විරෝධි සටන් පාඨ හඬනගමින් එය ලොවපුරා අවිනීත බව පතුරුවන්නකැයි පවසා තිබෙනවා.

එහෙත් පාකිස්තාන තරුණ පරම්පරාව අතර වැලන්ටයින් දිනය බෙහෙවින් ජනප්‍රිය බවත් එදින සමරමින්ඔවුන් සිය පෙම්වත් පාර්ශවය සමග කාඩ්පත් චොක්ලට් හා තෑගි හුවමාරු කර ගන්නා බවත් ප්‍රකාශ වී තිබෙනවා.

කෙසේ වෙතත් පාකිස්තානය ඉතා දැඩි මුස්ලිම් සම්ප්‍රදායික රටක් බැවින් බොහෝ දෙනකු වැලන්ටයින් දින සැමරුම අනුමත‍ නොකරන්නේ එය බටහිරින් පැමිණි දෙයක් බව හුවා දක්වමිනි‍.

විජිත නානායක්කාර විවෘත විශ්ව විද්‍යාලයේ බෙන්ච් ගලවයි...

විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන් සඳහා අධ්‍යයන කටයුතු කරගෙන යාමට එළිමහන් භූමියේ සකසාගෙන තිබූ ආසන (Bench) විවෘත විශ්ව විද්‍යාලයේ උපකුලපති වරයා වන ආචාර්ය විජිත නානායක්කාර ගේ නියෝගය පරිදි ගලවා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශයෙන් ශිෂ්‍යයන් කල විමසීමේදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ඉහලින් ආ නියෝගයකට තමන්ට කටයුතු කිරීමට සිදුව ඇති බවයි.

මේ ගැන ශිෂ්‍ය නියෝජිතයෙකු මෙසේ පවස
නවා.

"විජිත නානායක්කාර මහත්මයට විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වෙන්න තියෙන ප්‍රදානම සුදුසු කම තමයි පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයෙකු විදියට ඉදිරිපත්වෙලා පරාජය වීම. 


එතුමා සමාජ විද්‍යාඥයෙක් විදියට එතුමාව හදුන්වා ගත්තත් විවෘත විවි. උපකුලපති තරනතුර බාර ගත්තු දවසෙ ඉදන්ම කරපු දේවල වල හැටියට එතුමා දන්න සමාජ විද්‍යාවක් නැති බව ක්‍රියාවෙන්ම ඔප්පු කරල තියෙන්නෙ. 

රාහු කාලය හඳුනාගන්න උපකරණයක් හැදු රක්වානේ තරුෂි...

ඉගෙනුම ලබන්නේ ගෝණකුඹුර මහා විද්‍යාලයේ 8 වන වසරේ...

රක්වාන ගෝණකුඹුර මහා විද්‍යාලයේ තරුෂි විදුෂිකා රාජපක්ෂ ශිෂ්‍යාව රාහු කාලය හඳුනාගැනීම සඳහා උපකරණයක් නිර්මාණය කර තිබෙනවා.

බිත්ති ඔරලෝසුවක් ආධාරයෙන් නිර්මාණය කර ඇති මේ උපකරණය රාහු කාලය පවතින වේලාවේදී රතුපාට බල්බයක් දැල්වෙන ලෙස සකස් කර
තිබෙනවා.