Ads 468x60px

.

විජිත නානායක්කාර විවෘත විශ්ව විද්‍යාලයේ බෙන්ච් ගලවයි...

විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන් සඳහා අධ්‍යයන කටයුතු කරගෙන යාමට එළිමහන් භූමියේ සකසාගෙන තිබූ ආසන (Bench) විවෘත විශ්ව විද්‍යාලයේ උපකුලපති වරයා වන ආචාර්ය විජිත නානායක්කාර ගේ නියෝගය පරිදි ගලවා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශයෙන් ශිෂ්‍යයන් කල විමසීමේදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ඉහලින් ආ නියෝගයකට තමන්ට කටයුතු කිරීමට සිදුව ඇති බවයි.

මේ ගැන ශිෂ්‍ය නියෝජිතයෙකු මෙසේ පවස
නවා.

"විජිත නානායක්කාර මහත්මයට විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වෙන්න තියෙන ප්‍රදානම සුදුසු කම තමයි පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයෙකු විදියට ඉදිරිපත්වෙලා පරාජය වීම. 


එතුමා සමාජ විද්‍යාඥයෙක් විදියට එතුමාව හදුන්වා ගත්තත් විවෘත විවි. උපකුලපති තරනතුර බාර ගත්තු දවසෙ ඉදන්ම කරපු දේවල වල හැටියට එතුමා දන්න සමාජ විද්‍යාවක් නැති බව ක්‍රියාවෙන්ම ඔප්පු කරල තියෙන්නෙ. 

ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය දවස්වල විවෘත විවි. ඇතුලෙ පවත්වන්න තිබුනු FUTA EXCO මීටින් එකට ආචාර්්‍යවරුන්ට එන්න ඉඩ දෙන්න එපාය කියල නියෝග කරල ගාලගෝට්ටියක් ඇතිකරෙත් මේ මහත්මයම තමයි. 

මීට මාසේකට විතර උඩදි විජිත මහත්මයා විවෘත විශ්වවිදයාලයේ ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාලීය ක්‍රිඩාපිටියෙ ක්‍රිඩා කරන එක තහනම් කලා. හැබැයි කිසිදු නිල ක්‍රමවේදයකට අනුව නෙවෙයි. අඩුම ගානේ නිවේදනයක් නිකුත් කරල නෝටිස් එකක්වත් ගැහුවෙ නැහැ. ආරක්ෂක අංශය යොදවල බලෙන් තමයි ඒක කලේ. 

තීරණයට හේතුව විදියට කිව්වෙ විවෘත විවි. කියන්නෙ ‘දුරස්ථ අධ්‍යාපනය ක්‍රියාත්මක වන විශ්වවිද්‍යාලයක්. ඒ හින්දා විවෘත විවි. ට ක්‍රිඩා පිටියක් අවශ්‍යය නැහැ‘ කියල. මේ මෝඩ තීරණයට විරුද්ධව උද්ගෝෂණය කරපු ශිෂ්‍ය ක්‍රියාකාරීන් පස් දෙනෙක්ව සිද්ධිය වෙලා සති දෙකකට පස්සෙ (නැවතත්) කිසිඳු නිල ක්‍රමවේදයකින් තොරව පංති තහනම් කරා. 

දැනට දවස් 45ක්ටත් වඩා කාලයක් ගතවෙලාත් අතවම Inquiry එකක්වත් නැහැ. හේතු වශයෙන් ඉදිරිපත් කරල තියෙන්නෙ ‘විනය විරෝධි හැසිරීම‘ කියන චෝදනාව. මේ පංති තහනම් වෙලා ඉන්න ශිෂයො පස් දෙනාම විශ්වවිද්‍යාලයේ අවසන් වසරවල ශිෂ්‍යයින්. 

තුන් දෙනෙක් ඉංජිනේරු තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගම් නියෝජිතයින් (පීඨ සංගම් සභාපති සහ ලේකම් ද ඇතුලුව), මේ ක්‍රිඩාපිටියෙ අවුල ඇති වෙච්ච දවස් වලම මෙතුමා ශිෂ්‍ය සංගම් නියෝජිතයින් ඒ ගැන කතාබහ කරන්න ගිය වෙලාවකදි කියල තිබුනෙ “මේක දුරස්ථ අධ්‍යාපනය ක්‍රියාත්මක වෙන තැනැක් හින්ද එතුමගෙ පාලන කාලෙදි පිට්ටනිය වහනවට අමතරව, තවදුරටත් පුස්තකාලයට පොත් ගන්නෙ නැහැය. 

ඒ වෙනුවට ඊ-බුක් ලබාදීමට සහ නේවාසිකාගාරය වැඩි දියුණු කරන්න අදහසක් නැතය කියල. එතුමා විශ්වවිදයාලයේ උපකුලපති නිසා එතුමට අවශ්‍ය දේ කරනවය සහ තව දේව්ල කියල තිබුනා., පහුගිය සෙනසුරාද එස්.බී ඇමතිවරයා මෙතුම සහ මෙතුමගේ ගෝල බාලයන් ටික එක්ක පැය දහයක සාකච්චාවක් විවෘත විශ්වවිදයාලය තුල තිබුනා. 

ඒ ගත්තු තීරණ අනුවද කොහෙද, ඊයෙ උදෙ සිසුන් විශ්වවිද්‍යාලයට එනකොට, ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු සවස 6න් පස්සෙ ශිෂයින්ට විශ්වවිද්‍යාල භූමියේ රැඳී සිටීම තහනම් කරල සහ එලැඹෙන 15 වනදා සිට 28 දින දක්වා අධ්‍යයන ක්‍රියාකාරකම් (ලෙක්චර්ස්, ලැබ් ක්ලාස්) සඳහා පමණක් විශ්වවිද්‍යාලය විවෘතව තබන බව සඳහන් නෝටිස් අලවල තිබුනා. 

ඒ විදියට පෙර සුදානමක් ඇතුව තමයි හදිසියෙම ඊයෙ හවස 6න් පස්සෙ කැම්පස් එකේ රැදි හිටිය ශිෂයින්ව ආරක්ෂක අංශ යොදල බලයෙන් ඉවත් කරල රාත්‍රි 7ට විතර බෙන්ච් ඉවත් කිරීම පටන් ගත්තෙ., "

මේ ගැන අදහස් දක්වන තවත්  සිසුවෙකු පවසන්නේ 71 කැරැල්ලට සම්බන්ධවන කාලයේ සමාජ සාධාරණත්වය ගැන දෙඩූ විජිත නානායක්කාරලාට බලයක් අතට ලැබුණු විට ක්‍රියා කරන්නේ ඉඩි අමීන් මානසිකත්වයෙන් බවයි. 


එසේම BA උපාධිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ද එම විශ්ව විද්‍යාලයෙන්ම MA උපාධිය කොට බැන්ගලෝර් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලැබූ  විජිත නානායක්කාර වැනි දේශීය උගතුන් ලෝකයට විවෘත වී නොමැති අතර කිසි දිනෙක ශිෂ්ඨ බටහිර විශ්ව විද්‍යාලයක අභාෂය ලැබී නොමැති නිසා ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොරව අන්තනෝමතිකව ක්‍රියා කිරීමට පෙළඹී ඇති බවට බොහෝ සිසුහු පවසති එහිද සත්‍යතාවයක් තිබේ. 

ලෝකයට විවෘත නොමැති මෙවැනි ලිං මැඩි උගතුන්ගෙන් දේශීය විශ්ව විද්‍යාල පිරී තිබෙන අතර පසුගිය වසර 20 තුල අන්තර්ජාතික පිළිගැනීමට ලක් වූ එකම පරියේෂණ  නිබන්ධනයක්වත් එළි දැක්වීමට මේ නාමික උගතුන්ට හැකි වී නැත.  තමන්ගේ විශ්ව විද්‍යාල තුල ප්‍රජාතන්ත්‍රවාදය භාවිතා නොකරන මොවුන් රටේ පාලකයාගෙන් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා පාරවල් දිගේ ඇවිදීම ලෝක විහිළුවක් බට පත් වී තිබේ.

කෙසේ නමුත් තමන්ව සමාජ විද්‍යාඥයෙක් ලෙස හඳුන්වාගන්න විජිත නානායක්කාර නායකත්වය දෙන ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය, ජගත් විශ්ව විද්‍යාල වර්ගීකරණ අනුව දැනට   ඉතාම පහත අඩියකට පත් වී ඇත.


2011 ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගතකිරීම් අනුව මොරටුව විශ්ව විද්‍යාලය 2324 ද , පේරාදෙණිය විශ්ව විද්‍යාලය 2615 ද රුහුණ විශ්ව විද්‍යාලය 2552 ස්ථානය නියෝජනය කරන අතර ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය (Open University of Sri Lanka) ඉතාමත් පහළ 4189 ස්ථානයට පත්ව තිබේ. 

අප්‍රිකාවේ නොදියුණු රටක් ලෙස සැලකෙන උගන්ඩාවේ මකිරෙරේ විශ්වවිද්‍යාලය ( Makerere University ) 2011 ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 1062 ස්ථානයට පත් වී තිබෙන අතර මෙකි සාක්ෂරතාවයෙන් අඩු අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍ය වල විශ්ව විද්‍යාල වලට  පවා සටනක් දීමට නොහැකිව පරාජයට පත් වී තිබෙන ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල මෙවැනි පහත් අඩියකට පත් කිරීමට මෙවැනි පරිපාලකයන්ද දායක වී තිබේ.


 - අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails