Ads 468x60px

.

පාකිස්තානයේ ඉන්දියාවේ වැලැන්ටයින් දින විරෝධි උද්ඝෝෂණ - පෙම්වතුන්ට ප්‍රහාර..

වැලන්ටයින් පූජකතුමා පෙම්වතුන් හොර රහසේ විවාහ කර දුන් දිනය අදයි...

පාකිස්තානයේ ප්‍රධාන ආගමික පක්ෂයේ ආධාරකරුවන් විසින් පෙරේදා වැලන්ටයින් දින විරෝධී උද්ඝෝෂණ යක් පවත්වා තිබෙනවා. 

කෑ කෝගසමින් පැවති මේ උද්ඝෝෂණයේදි වැලන්ටයින් සැමරුම ඉස්ලාම් විරෝධී බව ප්‍රකාශ කරමින් එය ප්‍රතික්ෂේප කරනලෙස ඉල්ලා සිටි ඔවුහු ඒවෙනුවට ශික්ෂණ දිනයක් පැවැත් විය යුතු බව ඉල්ලා සිටියා.

පෙෂවෝ හි පුවත් පත් සමාජ ගොඩනැගිල්ල ඉදිරියට රැස්වු ජමාට් -ඉ - ඉස්ලාමි පක්ෂයේ ශිෂ්‍ය අංශය වැලන්ටයින් සැමරුම් විරෝධි සටන් පාඨ හඬනගමින් එය ලොවපුරා අවිනීත බව පතුරුවන්නකැයි පවසා තිබෙනවා.

එහෙත් පාකිස්තාන තරුණ පරම්පරාව අතර වැලන්ටයින් දිනය බෙහෙවින් ජනප්‍රිය බවත් එදින සමරමින්ඔවුන් සිය පෙම්වත් පාර්ශවය සමග කාඩ්පත් චොක්ලට් හා තෑගි හුවමාරු කර ගන්නා බවත් ප්‍රකාශ වී තිබෙනවා.

කෙසේ වෙතත් පාකිස්තානය ඉතා දැඩි මුස්ලිම් සම්ප්‍රදායික රටක් බැවින් බොහෝ දෙනකු වැලන්ටයින් දින සැමරුම අනුමත‍ නොකරන්නේ එය බටහිරින් පැමිණි දෙයක් බව හුවා දක්වමිනි‍.

පෙබරවාරි 14 ශික්ෂන දිනයක් ලෙස දැක්වෙන බැනරයක් රැගත් උද්ඝෝෂකයින් වැලන්ටයින් සම්ප්‍රදායෙන් කෙරෙන්නේ අවිවාහක පිරිමි හා ගැහැනුන්ට පාපයේ ගැලී එක්ව සිටීමට අනුබල දීම යැයි පවසා තිබෙනවා.

ශිෂ්‍ය සංවිධානයේ ප්‍රධානී ෂාෂාද් ආමද් පවසා ඇත්තේ වැලන්ටයින් දිනය සැමරීමට ඉඩ නොදෙන අතර බලධාරින් එම සැමරීම වැලැක්විය යුතු බවත් නොඑසේ වුවොත් ඔවුනට ආවේණික ක්‍රම‍වේදයන් මගින් එය මර්දනය කිරිමට පියවර ගන්නා බවත්ය.

මේ අතර අදට යෙදී ඇති ලෝක ආදරවන්තයන්ගේ දිනයට විරුද්ධ කණ්ඩායමක් වන "ශිව සේනා" විසින් ඉන්දියාවේ ආදරවන්තයන්ට අමානුෂික ලෙස පහරදී තිබෙනවා.

ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේදී එල්ලකර ඇති මෙම ප්‍රහාරයට හේතුව ලෙස ඔවුන් පවසන්නේ වැලන්ටයින් දිනය ඉන්දියාවට නොගැලපෙන බවයි.

පෙම්වතුන්ට පහර දෙන වීඩියෝව බලන්න පහතින්.





අද පෙම්වතුන්ගේ දිනය නොහොත් වැලන්ටයින් දිනයයි. පෙම්වතුන්ගේ නිදහස වෙනුවෙන් කැපවුණු ක්‍රිස්තියානු පුජකවරයෙකු වන ශාන්ත වැලන්ටයින් පුජකවරයා සිහිපත් කිරීම උදෙසා මෙම වැලන්ටයින් දිනය සමරනු ලැබේ. මෙහි ඉතිහාස කතාව මෙසේය.

රෝමයේ ජීවත්වූ වැලන්ටයින් පූජක තුමා වෛද්‍යවරයකු ලෙසද කටයුතුකළ අයෙකි. රෝමය පාලනය කරනු ලැබූ ක්ලොඩියස් නම් කෲර පාලකයාගේ පාලන සමයේ දී තරුණ තරුණියන්ගේ විවාහයට බාධා ඇති විය.

ඒ යුද්ධය නිසාවෙන් වන අතර සියලුම තරුණයන් යුද්ධයට යාම අනිවාර්ය අතර විවාහය තහනම් විය. ඒ හේතුවෙන් තරුණ තරුණියන්ට විවාහ වීමට නොහැකි විය. මේ අතර වැලන්ටයින් පූජකතුමා මැදිහත්ව පෙම්වතුන් හොර රහසේ විවාහ කර දුන් අතර මේ නිසාම පූජකතුමා ක්ලෝඩියස්ගේ උදහසට ලක්ව දඟගෙයි දුක් විඳ ක්‍රි.ව. 270 අද වැනි දිනක දී ලෝකයෙන් සමුත්තේ ය.

ඔහු පෙම්වතුන් වෙනුවෙන් කරනු ලද සේවය උදෙසා පෙබරවාරි 14 වන දින වැලන්ටයින් දිනය ලෙසින් නම්කොට ඔහුව සමරනු ලබයි. නමුත් අද දිනයේ පෙම්වතුන්ගේ දිනය සමරන ලංකාවේ පෙම්වතුන් කීදෙනෙකු වැලන්ටයින් පිටුපස ඇති මෙම ඉතිහාසය දන්නේද?

ආසියාවේ බොහෝ රටවලට මෙන්ම ලංකාවටද වැලන්ටයින් දිනය ආගන්තුකය. බටහිරින් පැමිණෙන වැලන්ටයින් දිනය ලංකාව ආක්‍රමණය කරන්නේ අනුව දශකයේය. ඒ සම්පුර්ණ වානිජකරණය වූ දිනයක් ලෙසය.

ලංකාවට වැලන්ටයින් දිනය ගෙන එම පිටුපස ඇත්තේ වෙළඳ අරමුණුය. මේ වෙළඳ අරමුණු ඔස්සේ ලාබාල පෙම්වතියන් කීදෙනෙකු සිය පතිවත හෝටල් කාමරයක් තුල විනාශ කරගන්නේදැයි අප නොදන්නෙමු.

එහෙත් මේවනවිට වැලන්ටයින් දිනය සැමරීමට එරෙහි වීමේ ප්‍රවන තාවයක් ඉන්දියාවේ මෙන්ම ලංකාවේද ඇතිවී තිබේ. වැලන්ටයින් දිනය සැමරීමට විරුද්ධව ඇතැම් සංවිධාන අද දිනයේ ක්‍රියාත්මක වීමට නියමිතයි.
 
Related Posts with Thumbnails