Ads 468x60px

.

චතුරිකා ගේ පියාට ගයාන් පිහියෙන් ඇන්නාද?

චතුරිකා පීරිස්ගේ පියාට ඇගේ පෙම්වතා වන ගයාන් විසින් පිහියෙන් ඇණ තුවාල සිදු කල බවට අද වෙබ් අඩවි කිහිපයක තොරතුරු වාර්තා වී තිබුණා. නමුත් මේ පිළිබඳව සොයා බලපු අපිට නම් දැන ගන්නට ලැබුණේ ඒක අර්ධ සත්‍යයක් කියලයි.

චතුරිකා පීරිස් හා ගයාන්ගේ පෙම් පලහිලව්ව
කාටත් දැන් රහසක් නෙවෙයි. මේ දෙන්න දැන් ජීවත් වෙන්නේ එකට. කොහොම නමුත් මේ මඟුලට චතුරිකාගේ මාපියන් ඒතරම් කැමැත්තක් දැක්වුවේ නැහැ.

නමුත් චතුරිකාගේ සැප දුක් බලන්නට මාපියන් චතුරිකා හා ගයාන් පදිංචිව සිටින අතුරු ගිරියේ නිවසට ගොස් තිබෙනවා. කොහොමෙන් කොහොම හරි නිවසේ කුස්සියේදී වූ කතා බහ බහින් බස් වීමක් දක්වා දුර දිග ගොස් තියෙනවා. ඒ වෙලාවේ ගයාන් එළවලු වගයක් කපකපලු හිටියේ.

"සිත ඔබට මුවා වී” නිරෝෂා ගුණමකු වෙයි

සිත ඔබට මුවා වී ඉකිබිඳිනා
ඔබ ඇය හා සිනාසී සුව විඳිනා
ප්‍රේම ලොවේ දොර කවුළු වැසී
සිත ඉකි ගසමින් හඬන හැටී


දෙමළ හා හින්දි තනු අනුව සිංහල ගී ගයමින් සිටි නිරෝෂා විරාජිනීගේ ගමන් මගේ හැරවුමක් සලකුණු කළ ගීතය මෙයයි. 

සමන්ත පෙරේරා සංගීතවත් කළ මෙය රචනා කළේ අරුණ කිත්සිරි විසිනි. නිෂ්පාදන සම්බන්ධීකාරකයෙකු ලෙස ක්‍ෂේත්‍රයට පැමිණ ඉන් පසුව ගීත රැසක් ලියූ අරුණ කිත්සිරි පසුගියදා හදිසියේ මිය ගියේය.

බියගම සාම මාවතේ පුංචි නිවසට පැමිණ ඔහුට අවසන් බුහුමන් පුදන්නට ඔහුගේ ගී පද රචනා ගැයූ බොහෝ ගායක ගායිකාවන් හෝ ශබ්දාගාරවලට වී ඔහු සමග යහමින් මධුවිත පානය කළ බොහෝ දෙනෙකු පැමිණ සිටියේ නැත.

වාස් මේ පෙන්වන්නේ ඒ පිළිමෙද?

මේ සිද්ධිය වුණේ ගුණරත්න වීර කෝන් ජාතික උරුමයන් පිළිබඳ ඇමති වෙලා ඉන්න කාලේ. හරියටම කිව්වොත් 2012 ජනවාරි.

එතකොට වාස් ගුණවර්ධන තමයි කුරුණෑගල භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි. මට ආරංචියක් ආවා ගොකරැල්ලේ පන්සලක වටිනා පිළිමයක් තියෙනවා කියලා. කුරුණෑගල ඉන්නවා මගේ බ්‍රෝකර් කෙනෙක් උපුල් කියලා. උපුල් පිළිමේ ගැන හොයලා මට කිව්වා ගන්න එන්න කියලා. 

කුරුණෑගලට යන්න කලින් මම පිළිමේ ගැන හොයලා බැලූවා. මට මුලින් ආරංචි වුණේ ඒක මැණික් ඔබ්බපු මහා ලක්ෂ්මී පිළිමයක් කියලා. මේ වගේ දේවල් ඞීල් කරද්දී පරිස්සම වැදගත්. පිළිම ගැන, නිධාන ගැන දන්න කියන හාමුදුරුවරු, බ්‍රෝකර්ලා මගේ ළඟ ඉන්නවා. 

ඒ වගේම මේ ඞීල්වල ඉන්න මුදලාලිලාත් මගේ හොඳ යාළුවෝ. දකුණට කැරකුණු හක්ගෙඩි හතරක් ඒ පිළිමේ හතරවටේ තියලා දිනපතාම පිච්ච මල් පූජා කළාම හිතූ පැතූ දේ ලැබෙනවා කියලා තමයි මට ආරංචිය ආවේ. ඉතිං මටත් ඕනෑ වුණා ඒ පිළිමේ ගන්න.’’

ඔහු, වාස් ගුණවර්ධන කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙස සිටි සමයේ තමන්ට සිදුවූ අත්දැකීමක් ගැන කියන්න පටන් ගත්තේ එලෙසිනි. ලියුම් කරුට ඔහු හමුවන්නේ ප‍්‍රසිද්ධ වෙරළ හෝටලයක පැවති උත්සවයකදීය. ඔහු අතමිට සරු ව්‍යාපාරිකයෙකි. එමෙන්ම පෞරාණික භාණ්ඩ පිළිබඳව හසළ දැනුමක් ඇත්තෙකි.