Ads 468x60px

.

ටෙලි නිළි සුමිත්‍රා රත්නායක පොලිසියට අහුවුන හැටි..

ඉමිටේෂන් මාලයක්‌ උකස්‌ කරන්න ගිහින් වැඩ වැරදිලා ...

දිවුලපිටිය ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවකට ව්‍යාජ ලෙස සකස්‌ කරන ලද රන් මාලයක්‌ උකස්‌ කිරීමට උත්සහ කල ටෙලිනාට්‍ය නිළියක් වන සුමිත්‍රා ස්‌වර්ණා රත්නායක මෙම මස 16 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන රක්‌ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ කොටිකාවත්ත පදිංචි සුමිත්‍රා ස්‌වර්ණා රත්නායක නමැත්තියයි
.

මෙම ටෙලිනාට්‍ය නිළිය සම්බන්ධයෙන් දිවුලපිටිය රාජ්‍ය බැංකුව කළ දැනුම් දීමකට අනුව පසුගිය 04 වැනිදා දහවල් දිවුලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුනා.

මෙම නිළිය ජනප්‍රිය ටෙලිනාට්‍ය

කිහිපයකම සුළු චරිත නිරූපණය කර ඇතැයි හෙළිවූ බවද පොලිසිය කියනවා.

මෙම නිළිය ඇතුළු කණ්‌ඩායමක්‌ ව්‍යාජ රන් භාණ්‌ඩ නිෂ්පාදනය කොට රට පුරා බැංකුවලට උකස්‌ කිරීමේ ජාවාරමක නිරතව සිට ඇතැයි සිදුකරන ලද පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළි වී තිබෙනවා.

එසේ රන් භාණ්‌ඩ උකස්‌ කිරීමට නිළියගේ මුහුණ යොදා ව්‍යාජ නම් සහ ලිපිනයන් සහිතව සකස්‌ කර ඇති ව්‍යාජ ජාතික හැඳුනුම්පත් හතරක්‌ ද සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.

සංවිධානාත්මකව කෙරෙන මෙම ජාවාරමේ මහ මොළකරුවන් කොටුකර ගැනීමට මේ වන විට පොලිසිය පුළුල් පරීක්‍ෂණයක්‌ අරඹා ඇත.


මෙම නිළිය කඩුවෙල මේනක හෝටලයේදී රුපියල් 5000 කට ගණිකා සේවයේ නියලුනයි පොලිස් අත්අඩංගුවට පත්වුනු අතර ඇය කියා සිටියේ එය තරහ කාරයෙකුගේ බොරුවක් බවයි.
 
Related Posts with Thumbnails