Ads 468x60px

.

හඳහන්දෙණිය දොළේ වතුර රතු වුනේ රතු වැස්සෙන්ද.

මෙවැනි සිද්ධියක් දැකලා නෑ...
බෝතලයකට ගත්විට පෙට‍්‍රල් වගේ...

අයගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නිකගොඩ හඳහන්දෙණිය දොළ දැනට දින දෙකක පමණ කාලයක සිට ජලය තද රතු පැහැයට හැරී තිබෙනවා.

මෙම දොළ ආරම්භ වන්නේ ජේ. ජයසේන සහ ඞී. අයිරාකාන්ති යන අයට අයත් කුඹුරු යායේ බුබුලක් මගිනි. මහදොළ ආරම්භයේ සිටම රතු පැහැයක් දක්නට ලැබෙයි.

මේ සිද්ධිය මුලින්ම දැක ඇත්තේ අනුර නම් ප‍්‍රදේශවාසියෙකි. මේ පිළිබඳව අයගම ප‍්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප‍්‍රකාශකයකුගෙන් කළ විමසීමකදී ඔහු ප‍්‍රකාශ කළේ මේ වන විට ජලසාම්පල් ලබා ගෙන පරීක්ෂණ සඳහා සූදානම් කර ඇති බවයි.

ගණිකා වෘත්තිය නීතිගත කරන්නැයි කීවාට ගීතාට මල පැනලා...

අපේ ඇතැම් දේශපාලනඥයන්ගේ මානසික තත්වය ඉතා පහත් තත්වයකට වැටිලා..

ගණිකා වෘත්තිය නීතිගත කරන්නැයි මේ ළඟදී කියා තිබුණා... 

මේක කාන්තාවන්ට කරන අපහාසයක්...
මේකටද ජනතාව ඡන්දෙ දුන්නෙ...

අපේ රටේ ජනතාව බෞද්ධ, ඉස්ලාම්, කි‍්‍රස්තියානි ආගම්වලට අනුව යහපත් සංස්කෘතියකින් ජීවත් වුණාත් මේ කතාව ඒ සංස්කෘතියට මරු පහරක් නේද? අපේ කාන්තාවන් මදිනම් පිටරටිනුත් ගේන්න යැයි ප‍්‍රකාශ කර තිබුණා.’’

බෙන්තර – ඇල්පිටිය ශී‍්‍ර ල.නි.ප. සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මිය මේ කියා සිටියේ ‘එක ගමකට එක වැඩක් ’ යටතේ තුන්දුව මාතෘ නිවාසය පිළිසකර කොට ජනතා අයිතියට පැවරීමෙන් පසු පැවැති ජනහමුව අමතමිනි.

‘මේ රටේ රජුන් තනන්නේ කාන්තාවනුයි. අද මේ මාතෘ නිවාස ඉදි කළේත් කාන්තාවන්ටයි. අපේ රටේ වැඩිපුර ඡන්ද දෙන්නෙත් ඔවුනුයි. මහින්ද ච්න්තනය යටතේ ඇල්පිටිය, කහදුව, කැටපොළ, සූරියගම, තුන්දුව මාතෘ නිවාස හැදුවා. මේ වැසිකිළිවලට වතුර නැහැ. මම කිව්වොත් කියන දේ කරන කෙනෙක්. 

පාර්ලිමේන්තු භෝජනාගාර නිරීක්ෂණයත් රෝසිට පවරයි...

රෝසි සේනානායකගේ නම විශේෂයෙන් සඳහන් කරලා...

කාන්තා මන්තී‍්‍රවරියන්ට කෑමවල තත්ත්වය පරීක්ෂා කිරීමට විශේෂ හැකියාවක් තියෙනවා...

පාර්ලිමේන්තු භෝජනාගාරය තුළ තත්ත්වය පරීක්ෂාකර ගුණාත්මක බව ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රෝසි ප‍්‍රමුඛ කාන්තා මන්තී‍්‍රන්ට කටයුතු කරන්නැයි කථානායක චමල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙනවා.

කාන්තා මන්තී‍්‍රවරියන්ට කෑමවල තත්ත්වය පරීක්ෂා කිරීමට විශේෂයෙන් කටයුතු කළ හැකි බව ඔහු කීය. එහිදී කථානායකවරයා රෝසි සේනානායක මහත්මියගේ නම විශේෂයෙන් සඳහන් කළ බව විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා පැවසීය.

මෙකී තීරණය ගෙන ඇත්තේ මෑතකදී පැවැති පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධ රැස්වීමකදීය. එසේම රෝසි සේනානායක මහත්මියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තු භෝජනාගාරය තුළ මී පැණි සමග විශේෂිත වූ ධාන්‍ය වර්ග උදෑසන ආහාරය සඳහා ලබාදීමටද කථානායකවරයා එකඟ වූ බවද අමරතුංග මහතා කීය.


"පබා" ඉල්ලූ ඌරු මස් නොලැබුනත් "රෝසි" ඉල්ලූ ගෝල්ඩන් සිරප් ලැබෙයි...

ජංගම දුරකතනයට ලැබෙනා කෙටි පණිවුඩ කෙළින්ම ඇහැට ලබා ගන්නා ක්‍රමයක්...

ජංගම දුරකතනයට ලැබෙනා කෙටි පණිවුඩ කෙළින්ම ඇසට ලබා දිය හැකි  සිවි කාච විශේෂයක් නිපදවීමට ඛෙල්ජියමේ ගෙහෙන්ට් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පරිසක් සමත් වී තිබෙනවා.

ඒ ජංගම දුරකතනය හා රැහැන් රහිත ‘වයර්ලස්‘ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වීමෙන් පණිවුඩය ඇසට ලැබෙයි.  දියුණු රූපවාහිනී තිර මෙන් පැහැදිලිව ඇස මත පණිවුඩ ප්‍රක්ෂේපණය කිරීමේ හැකියාව මේ කාච සතුය. 


පිටසක්වළ යානා ලංකාව ආක්‍රමණය කරයිද..?

අපි දුර දක්නයකින් මේක බැලුවා හරිම අමුතුයි... 

දවසින් දවස, අමුතුම හැඩගන්නවා. පළමුවැනි දවසෙ අපි මේක දැක්කෙ ගිනි බෝලයක් වගේ රවුමට... 
 
මේ දිනවල වැඩියෙන්ම කියවෙන මාතෘකාවක් බවට පත් වී තිබෙන්නේ පිටසක්වළ ජීවීන් සහ යානාය. පසුගිය කාලයේ පිටසක්වළ ජීවීන් දුටු බවටත් ඒවා ඡායාරූප ගත කළ බවටත් විවිධ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන් ඔස්සේ අපට දැන ගැනීමට ලැබිණ.

පිටසක්වළ යානයක් දුටු බවට ආසන්නම සිදුවීම පසුගියදා වාර්තා වූයේ අම්බලන්තොට ප්‍රදේශයෙනි. ශ්‍රී ලංකාවට පිටසක්වළ යානා පැමිණෙන බවට වූ මෙම අන්දෝලනාත්මක ප්‍රවෘත්තියෙන් පසු ඊළඟ සිදුවීම වාර්තා වූයේ පසුගිය සෙනසුරාදා වැලිමඩිනි.


දෙසැම්බර් හය වැනිදා උදෑසන 10.30ට පමණ වැලිමඩ නැදුන්ගමුව මහා විද්‍යාලයේ සිසුවියෝ හය දෙනෙක් විද්‍යාල ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරමින් සිටියහ. හදිසියේ තමන්ට ඉහළ අහසේ විශාල දීප්තිමත් ආලෝකයක් මේ සිසුවියෝ තිදෙනා දුටුහ. 

එකවර දුටු ආලෝකයේ දීප්තිය දරා ගත නොහැකිවූවා සේම මේ නම් පිටසක්වළ යානාවක් බව ප්‍රත්‍යක්‍ෂ කර ගැනීම කෙතරම් කලබලකාරී එකක් වූයේද යත් සිසුවියන් හයදෙනාම එකවරම

ලෝක විනාශයෙන් බේරීමට පුළුවන් කියන ප‍්‍රංශයේ බුගරාච් කඳුවැටියේ සැඟවුණු රහස කුමක්ද.?

ලෝක විනාශය දා පිටසක්වල ගැලවුම් කරුවන් එනතෙක් ප‍්‍රංශයේ ජනකාය බලා සිටිනවා..

දෙසැම්බර් 21 සිදුවනු ඇතැයි කියන ලෝක විනාශය ලං ලංව එන නිසා නොඉවසිල්ල බය හා අනාගත න්‍යායන් ශීග‍්‍රයෙන් පැතිරී යනවා.

දෙසැම්බර් 21 දින ලෝකය අවසන් වෙතැයි යන මායා දින දර්ශනය සහ ග‍්‍රහලෝකයන් පෘථිවිය මත වැටෙනු ඇතැයි යන ලෝක විනාශ මතයන් බොරු බව පෙන්වීම සඳහා නාසා ආයතනයෙන් තොරතුරු නිකුත් කර තිබෙනවා. ඇමරිකානු රජයේ නිල බ්ලොග් පිටුවේ කියා ඇත්තේ 2012 ලෝක විනාශය පිලිබඳ සියළු අනාවැකි කටකතා වන බවයි.

මේ ගැන වැරදි මත අන්තර්ජාලයේ පලකර තිබුනත් දෙසැම්බර් 21 හෝ වෙනත් කිසිම දිනක එවැන්නක් සිදු නොවන බව එම පිටුවේ දක්වා තිබෙනවා


ප‍්‍රංශයේ බුගරාච් කඳුවැටිය පාමුල වීධ ඇදහිලි ඇති අය කඳවුරු බැඳගෙන සිටින්නේ ලෝක විනාශය දා අඩි 4040ක් වූ කඳු මුදුනෙන් පිටසක්වල ජීවීන් මතු වී තමන් ගලවා ගනු ඇතැයි

මායාවරු තරුණ සුරූපිනියන් බිලිදුන් අභිරහස් විළක්...

ලෝක විනාශය - නිවැරැදි දැක්මක්..

වත්මන් ලොවට මායා ශිෂ්ටාචාරය පිළිබඳව අලගිය මුලගිය තැන් සොයන්නට හේතු වූයේ 2012 වර්ෂයේ ලෝක විනාශය පිළිබඳව මුල්වුණ මායා දින දර්ශනයක් නිසාය. 

ලොව නන් දෙස රටවල් මායා දින දර්ශනය පිළිබඳව මිථ්‍යාවූද සත්‍ය වූද විශ්ලේෂණයන් ගෙන එද්දී එම ශිෂ්ටාචාරයේ නොදුටු පැතිකඩ ද හාරා අවුස්සන්නට විණි. ලෝක විනාශ කතාවට පෙර සිටම මේ පිළිබඳව කාරණා ලොවට හෙළිකරගෙන තිබුණ මුත් කාගේත් අවධානය මේ අසිරිමත් ශිෂ්ටාචාරයට යොමු වූයේ 2012 වසර ආරම්භයේ සිටය.

මායාවරුන්ගේ මායා ලෝකය පිළිබඳව ගවේෂණයක යෙදුණ ඇමෙරිකානු ජාතික පුරාවිද්‍යාඥ -එඞ්වර්ඞ් හර්බට්” විසින් මෙම ශිෂ්ටාචාරයේ අප‍්‍රකට බොහෝ දේ ලොවට දායාද කළේය. මධ්‍යම ඇමෙරිකාවේ උත්තර යුකැටන් ප‍්‍රදේශයේද, හොන්ඩියුරාස් හි කෝපන් ප‍්‍රදේශයේ සහ ගෝතමාලාවේ ටිකල් සහ ඉක්ස්කැන් ප‍්‍රදේශ අතරද මායාවරුන්ගේ ශිෂ්ටාචාරය මුල් බැසගෙන තිබුණි. 


ඊයේ අලූයම මන්නාරම් අහසේත් විශාල ආලෝකයක්‌...

කිසිම දිනක එවැනි එළියක්‌ දැකලා නෑ...

මන්නාරම් අහසේ ඊයේ (9 දා) අලුයම විශාල ආලෝක එළියක්‌ දිස්‌වූ බව මන්නාරමේ වැසියෝ ප්‍රකාශ කරනවා.

අලුයම් කාලයේදී විශාල ආලෝක වස්‌තුවක්‌ ඉහළ අහසේ සිට කෙමෙන් කෙමෙන් පොළොවට පාත්වූ බව සිද්ධිය සියෑසින් දුටුවෝ පැවසුවා.