Ads 468x60px

.

හඳහන්දෙණිය දොළේ වතුර රතු වුනේ රතු වැස්සෙන්ද.

මෙවැනි සිද්ධියක් දැකලා නෑ...
බෝතලයකට ගත්විට පෙට‍්‍රල් වගේ...

අයගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නිකගොඩ හඳහන්දෙණිය දොළ දැනට දින දෙකක පමණ කාලයක සිට ජලය තද රතු පැහැයට හැරී තිබෙනවා.

මෙම දොළ ආරම්භ වන්නේ ජේ. ජයසේන සහ ඞී. අයිරාකාන්ති යන අයට අයත් කුඹුරු යායේ බුබුලක් මගිනි. මහදොළ ආරම්භයේ සිටම රතු පැහැයක් දක්නට ලැබෙයි.

මේ සිද්ධිය මුලින්ම දැක ඇත්තේ අනුර නම් ප‍්‍රදේශවාසියෙකි. මේ පිළිබඳව අයගම ප‍්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප‍්‍රකාශකයකුගෙන් කළ විමසීමකදී ඔහු ප‍්‍රකාශ කළේ මේ වන විට ජලසාම්පල් ලබා ගෙන පරීක්ෂණ සඳහා සූදානම් කර ඇති බවයි.

ප‍්‍රදේශවාසීන්ට මෙම දොළෙන් නෑම සහ ජලය පානය නොකරන ලෙස අවවාද කළ බව ද එම නිලධාරියා පැවසුවේය. ප‍්‍රදේශයේ වැසියකු වන ප‍්‍රසාද් වික‍්‍රමසිංහ අප සමග කියා සිටියේ අවට තේ වතුවල යොදන පොහොර ජලය මිශ‍්‍රවීමෙන් මෙම තත්ත්වය ඇති වේදැයි සැක කරන බවයි.

මෙම දොළ අසල ජීවීන් වන විශ‍්‍රාමික ග‍්‍රාම නිලධාරිනි ස්වර්ණලතා දිසානායක මහත්මිය පැවසුවේ මීට පෙර මෙවැනි සිද්ධියක් නොදුටු බවයි. මෙම ජලය බෝතලයකට ගත්විට පෙට‍්‍රල් වැනි පැහැයක් ගනී. දොළේ මාළු මැරී යාමක් දක්නට නැත. මෙම දොළ පිඹුර ගඟට එක්වෙයි.

ගම්වාසින් විසින් මෙම දොළෙහි ආරම්භක දිය බුබුල වෙත ගොස් පරික්ෂා කිරීමෙන් අනතුරුව වතුර බුබුලෙන්ද වතුර උනනන්නේ මෙම පැහැයෙන් බවට තහවුරු වී ඇති බවට දැනගැනීමට ලැබුණි.

අයගම ප‍්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් මෙම දොළෙහි වතුර සාම්පල් ගෙන පරීකෂා කිරීමට කටයුතු යොදා ඇති අතර එතෙක් එහි මිනිසුන්ට දිය නෑම තහනම්කොට ඇත. මෙම දොළෙහි වතුර රතු පැහැයක් ගන්නේ එය දොළෙහි එක්රැස්වී පවතින අවස්ථාවේ වන අතර ඒවා බෝතලයකට ගෙන බැලු විට දිස්වන්නේ පෙට්‍රල් පැහැයෙනි.

වතුරෙහි පැහැය වෙනස් වීම දොළෙහි සිටිනා මාළුන්ට හා වෙනත් කිසිදු ජීවියෙකුට මෙතක් බලපෑ නොමැත. වතුර රතු පැහැ වීම ගැන සලකා බලන කල එය වඩාත් ආන්දෝලනාත්මක වන්නේ ලංකාවට රතු වැසි කිහිපයක්ම ඇද වැටුණු කාල පරිච්චේදයක් තුල මෙවන් සිදුවීමක් සිදුවීම නිසාය.

මෙයට පෙර ඉන්දියාවේ කේරලයේ ප්‍රාන්ත වලට 2001 , 2008, 2012 වසර වලදී රතු වැසි වැටි තිබුනත් ලංකාවට වැටුණු රතු වැස්ස කෙරලේ රතු වැස්සෙන් සම්පුර්ණ වෙනස් එකක් බවට දැනට සිදු කල පරීක්ෂණ වලින් තහවුරු කරගෙන තිබේ .

ලංකාවේ හටගත් රතු වැස්සට හේතුව උල්කාපාතයක හෝ වල්ගා තරු කඩා වැටීමේ ප්‍රතිඵලයක් විය හැකි බවත් මිහිතලය මත ජීවීන්ගේ ආරම්භය විශ්වයේ තවත් කොතැනක සිට පැමිණි ජීවයකින් ආරම්භ වූ බව මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහයන්ගේ මතයයි.




රතු වැස්සෙන් අපට කියන පෙර නිමිත්ත අසුබ එකක්ද..? 
 
Related Posts with Thumbnails