Ads 468x60px

.

පාර්ලිමේන්තු භෝජනාගාර නිරීක්ෂණයත් රෝසිට පවරයි...

රෝසි සේනානායකගේ නම විශේෂයෙන් සඳහන් කරලා...

කාන්තා මන්තී‍්‍රවරියන්ට කෑමවල තත්ත්වය පරීක්ෂා කිරීමට විශේෂ හැකියාවක් තියෙනවා...

පාර්ලිමේන්තු භෝජනාගාරය තුළ තත්ත්වය පරීක්ෂාකර ගුණාත්මක බව ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රෝසි ප‍්‍රමුඛ කාන්තා මන්තී‍්‍රන්ට කටයුතු කරන්නැයි කථානායක චමල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙනවා.

කාන්තා මන්තී‍්‍රවරියන්ට කෑමවල තත්ත්වය පරීක්ෂා කිරීමට විශේෂයෙන් කටයුතු කළ හැකි බව ඔහු කීය. එහිදී කථානායකවරයා රෝසි සේනානායක මහත්මියගේ නම විශේෂයෙන් සඳහන් කළ බව විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා පැවසීය.

මෙකී තීරණය ගෙන ඇත්තේ මෑතකදී පැවැති පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධ රැස්වීමකදීය. එසේම රෝසි සේනානායක මහත්මියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තු භෝජනාගාරය තුළ මී පැණි සමග විශේෂිත වූ ධාන්‍ය වර්ග උදෑසන ආහාරය සඳහා ලබාදීමටද කථානායකවරයා එකඟ වූ බවද අමරතුංග මහතා කීය.


"පබා" ඉල්ලූ ඌරු මස් නොලැබුනත් "රෝසි" ඉල්ලූ ගෝල්ඩන් සිරප් ලැබෙයි...

රෝසි සේනානායක මන්ත්‍රීවරිය විසින් පාර්ලිමේන්තුවේ උදැසන ආහාර වේලට එක්කරන ලෙස යෝජනා කළ කෑම ලැයිස්තුව සඳහා පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා පාර්ලිමේන්තු භෝජනාගාරයේ උදැසන කෑම වේලට දැනට දෙන ආහාරවලට අමතරව මි පැණි, බේකන්, කොන් ෆ්ලෙක්ස් හා ගෝල්ඩන් සිරප් ලබාදීමට තීරණයවී තිබේ.

එම දේවල් එක්වුවද රු.80ක් වූ එම උදැසන කෑම වේලෙහි මිලෙහි වැඩිවීමක් සිදුනොවේ.

මීට අමතරව උපේක්ෂා ස්වර්ණමාලී මන්ත්‍රීවරිය විසින් දිවා ආහාරය සදහා ඌරු මස් හා හරක් මස් ලබාදෙන ලෙසට කල යෝජනාවට මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන් විරුද්ධ වීම නිසා ඌරු මස් ලබාදීම කතානායකවරයා විසින් නවතා ඇත. නමුත් මන්ත්‍රීවරුන්ට හරක් මස් ලබාදීමට අනුමැතිය ලැබී ඇත.

දැනට මන්ත්‍රීවරුන් සදහා පාර්ලිමේන්තු භෝජනාගාරයේ උදැසන ආහාරය සදහා කවුපි, මුං ඇට, කිරිබත්, ආප්ප, ලබාදෙන අතර එම කෑම වේලක් සදහා රුපියල් 80 ක් අයකෙරේ.

දිවා ආහාරය සදහා රුපියල් 150ක් අය කලද එම කෑම වේලක් සදහා පමණක් රුපියල් 1,500කට වැඩි මුදලක් වැයවන බව වාර්තාවේ.



 

 
Related Posts with Thumbnails