Ads 468x60px

.

ලෝක විනාශය ඇරඹුනාද ? කිරිබාති රාජ්‍යය මුහුදේ ගිලෙමින් පවතී - ජනතාව ඉවත් කෙරේ

මධ්‍යම නිවර්තන කලාපයට අයත් පැසිෆික් සමුදුරු තීරයයේ පිහිටි කිරිබාති රාජ්‍යය ගෝලීය උණුසුම හේතුවෙන් සාගරයේ ගිලෙමින් පවතින ලොව ප‍්‍රථම දුපත් රාජ්‍යය බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 


ජන සංඛ්‍යාව 100000 කට අධික ප‍්‍රමාණයක් සිටින අතර මෙහි ඇති සුවිශේෂීත්වය වනුයේ කොරල් පර 32 කින් යුත් දුපත් 32 ක් ඔවුන් සතු වීමයි. වර්ග කිලෝමීටර මිලියන 3.5 කට අධික ප‍්‍රදේශයක තැන තැන පිහිටි කොරල්පර මෙම රාජ්‍යය සතු ප‍්‍රධානතම ස්වභාවික සම්පතයි.

ලන්ඩන් ප‍්‍රවෘත්ති ප‍්‍රකාශනයකට අනුව දැනටමත් මෙහි අධික ලෙස ජල මට්ටම ඉහල යමින් එම කොරල්පර සහිත දුපත් ප‍්‍රදේශ සම්පූර්ණයෙන්ම ජලයෙන් වැසී යමින් පවතින අතර දැනට එහි වැසියන් එයින් ඉවත් කරමින් පවතී. 

සම්පූර්ණයෙන්ම පාහේ ප‍්‍රදේශය ජලයේ ගිලෙමින් පවතින අතර එරට රජය විසින් මෙම ගිලෙන දුපත් කෘත‍්‍රිම ආකාරයෙන් නිර්මාණය කරමින් එය පාවෙන රාජ්‍යයක් සේ සැකසීමට අවධානය යොමු කර ඇති අතර එය යථාර්ථයක් කිරිමට අපහසු තරමේ අති විශාල මුදලක් වැය වන බවද වාර්තාවේ.
 
Related Posts with Thumbnails