Ads 468x60px

.

වැලිකඩ කැරැල්ලේ මිය ගිය රැදවියන් සංඛ්‍යාව 27 තෙක් ඉහලට...

ඊයේ දිනයේ සිදුවූ වැලිකඩ බන්ධනාගාර රැඳවියන් සහ ආරක්‍ෂක අංශ අතර ගැටුමෙන් මිය ගිය රැදවියන් අතර බන්ධනා ගාරයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ ප‍්‍රභල පාතාල සාමාජිකයින් සිටින බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග පවසනවා.

මේ වන විට මිය ගිය රැදවියන් අතර කළු තුෂාර, පොන්න කපිල, කොණ්ඩ අමිල, මාලන් සහ සශී යන පාතාල සාමාජිකයින් සිටින බව තහවුරු නොකල ආරංචි මාර්ග කියනවා.

මේ අතර ඇතිවූ ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගොස් ඇතැයිද දැනගන්නට ලැබෙනවා.



බන්ධනාගාර කැරැල්ලෙන් 16 ක් මියගිහින් - කමාන්ඩෝ සෙබළු හිර ගෙදර පාලනය අතට ගනි.
2012 නොවැම්බර් මස 10 07:08:14

තුවාල ලැබූවන් අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ 13 ක්...
 
බන්ධනාගාර කැරැල්ලෙන් 16 දෙනකු මියගොස් ඇතැයි ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. 

තුවාල ලැබූ 59 දෙනකු ජාතික රෝහලට ඇතුලත් කැර ඇති අතර තුවාල ලැබූවන් 43 දෙනකු මේ වනවිට ප්‍රතිකාර ලබනවා. තුවාල ලැබූවන් අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ 13 ක්, බන්ධනාගාර නියාමකයෙක් හා සිවිල් වැසියෙක් ද සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අතර යුද හමුදා කමාන්ඩෝ බලකාය අද අලුයම වැලිකඩ සම්පූර්ණ පාලනය සියතට ගත්තේය.සිරකරු මරණ සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගියේය.තුවාල ලැබූ සිරකරුවන් ගණන 13ක් පමණ වෙති.

වැලිකඩ කැරැල්ලේ ගිනි නිමෙයි - 11 දෙනකු මියගිහින් හය දෙනකුගේ තත්ත්වය බරපතලයි...
2012 නොවැම්බර් මස 09 22:22:13

කඳුළු ගෑස් ගැසීමේ තත්ත්වයට පත්ව ඉන්පසු වෙඩි හුව මාරුවකින් අවසන් වූ වැලිකඩ බන්ධනාගාරයේ කැරැල්ල පැය 6කට වැඩි කාලයක් පැවතියේය


තත්ත්වය දැන් සන්සුන් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි.


බන්ධනාගාර ආරංචි මාර්ග කියනුයේ මරණීය දණ්ඩනය නියමු වූ පිරිස් මාංචු දමා එළියට ගෙන සෝදිසිය ආරම්භ කරද්දී ඊට එරෙහිව සිරකරුවන් නැගී සිටි බවයි. ඉන් පසු තත්ත්වය ක්‍රමයෙන් උග්‍ර විය.
 

බන්ධනාගාර කැරැල්ලෙන් 11 ක් මරුට...
2012 නොවැම්බර් මස 09 22:12:33

බන්ධනාගාරයේ සිට කොළඹ ජාතික රෝහලට 40 දෙනකු ගෙන ආ බවත් රෝහලට ගෙන එන විටත් ඉන් 11 දෙනකු මියගොස් ඇති බවත් හය දෙනකුගේ තත්ත්වය බරපතල බවත් ජාතික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. බන්ධනාගාරය අසළ රැඳී සිටින මාධ්‍යවේදීන් පවසන්නේ තවමත් ඉදහිට පිපිරීම් ශබ්ද ඇසෙන බවයි.

බන්ධනාගාර ගැටුමෙන් සිරකරුවන් 10 දෙනෙකු මිය ගිහින්...
2012 නොවැම්බර් මස 09 21:12:33
වැලිකඩට බන්ධනාගාරයේ කලබලයක්...

හිරකරුවෝ 9ක් මිය යති...

වැලිකඩට යුද ටැංකිත් ගෙන එයි... 

සිරකරුවන් පිරිසක් තාප්පය කඩාගෙන පැනලා?

විශේෂ කාර්ය බලකාය යොදවා වැලිකඩ බන්ධනාගාරයේ අද සවස සිදු කළ මෙහෙයුමකින්  පසු රැඳවියන් පිරිසක් කළබලකාරී ලෙස හැසිරීම නිසා එම තත්ත්වය පාලනය කිරීමට අමතර පොලිස් කණ්ඩායම් යොදවා ඇතැයි පොලිසිය කියයි.

එයට සිරකරුවන් එයට විරෝධය පල කර තිබෙන අතර එහිදී ගැටුමක් ඇතිවී තිබෙන්නේ චැපල් වාට්ටුව පරීක්ෂා කිරීමට සැරසෙන අවස්ථාවේදීය.

විවාහයද , අනේ මංදා අනේ... ප්ලීස්... අපි ඒ ගැන කතා නොකර ඉමු - උමයංගනා කියයි

ස්වර්ණවාහිනියෙන් විකාශය වෙන “ඉටිමල්” ටෙලි නාට්‍යයේ මහේලි, “පියවි” ටෙලි නාට්‍යයේ ඉන්දි සහ ජාතික රූපවාහිනියෙන් විකාශය වෙන “ෆෙංෂුයි ගෙදර” ටෙලි නාට්‍යයේ සෝමලතා විදිහට රඟපාන්නේ උමයංගනා වික්‍රමසිංහ. 

මේ හින්ද උමයංගනා මේ දවස්වල හුඟක් ජනප්‍රියයි. ඒ වගේම ඇය දික්කසාද වීමටද සැරසෙන බව මීට පෙර පුවතකින් අප ඔබ වෙත ගෙන ආවා. මේ ඒ පිලිබඳව ඇය සමග කල කතා බහක්.

ඉතිං මහේලිටත් ඉන්දිටත් සෝමලතාටත් මොන වගේ ප්‍රතිචාරද ලැබෙන්නෙ.?
තරුණ පරම්පරාවේ අයගෙන් මහේලිටත් සෝමලතාටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. එයිනුත් ක්‍ෂේත්‍රයේ අයගෙනුත් සෝමලතාට ප්‍රතිචාර ලැබෙනවා.


මේ තරමට ආදරය ලැබෙනකොට මොකද හිතෙන්නෙ.?
නිළියක් වීම මොන තරම් වාසනාවක්ද කියල හිතෙනවා. සමාන්‍ය කෙනකුට ලබන්න බැරි දුර්ලභ අවස්ථාවක් සහ අත්දැකීමක්නෙ. ඒක හින්ද මට මේක බොහොම ගෞරවනීය වෘත්තියක්.


එතකොට දැන් රඟපෑම ඔයාගෙ වෘත්තියද?
රඟපෑම මගේ වෘත්තීය ජීවිතයේ එක පැත්තක්. අනෙක් පැත්ත නිවේදිකාවක්. මම ශ්‍රී  ඊඍ ප්‍රවෘත්ති නිවේදිකාවක්. නිවේදිකාවක් හැටියට මගේ ආරම්භය දෙරණ රූපවාහිනිය. දෙරණ ප්‍රථම ප්‍රවෘත්ති නිවේදිකාව වීමේ භාග්‍ය ලැබුණේ මට.


සෑබැ දිවා ගුහාව ශ්‍රී පාදයට නුදුරින්...

දැනට ලදු කැලෑවෙන් වැසී පවතින මේ ස්ථානය බැතිමතුන්ට වැදපුදා ගැනීමට

සුදුසු වන පරිදි ඉතාම ඉක්මණින් සකස් කිරීමට පියවර...

ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ සමන්ත කූටයට වැඩම කර ශ්‍රී පාද පද්මය පිහිටුවීමෙන් පසු විවේකී සුවයෙන් වැඩ විසූ දිවාගුහාව හෙව‍ත් භගවාලෙන නමැති පූජනීය ගල්ලෙන ශ්‍රී පාද පද්මයට අඩි 300 ක් පමණ පහළින් මහගිරිදඹය නැමති ස්ථානයට ආසන්නයෙන් සොයාගෙන ඇත.

සබරගමුවට අධිපති සුමන සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් ශ්‍රී පාද පද්මය පිහිටවූ භාග්‍යවතුන් වහන්සේ දිවා විහරණය කළ ස්ථානය දිවා ගුහාව ලෙස හැදින් වෙනවා .

අපේ මළල ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රකට වීරයා...

මිනිස් අධිෂ්ඨානයේ මහිමය පිලිබඳ පාසල් දරුවන්ට ඉගැන්වීම සඳහා ඔහුගේ කතාව ජපානයේ පාසල් පෙළ පොත් වලට පවා ඇතුලත් වුනා.


ව්‍යාපාරිකයාගේ සිරුර මතට බඩු කන්ටේනරයක් පෙරළෙයි

රියදුරාගේ කකුලක් කැඩී ඇති අතර එහි රියදුරු සහ සහයක පැන දුවලා...

තවත් කාන්තාවන් තිදෙනෙක් අනතුරින් බරපතල තුවාල...

ගාල්ල,කොළඹ ප්‍රධාන මාර්ගයේ තෙල්වත්ත, දළුවතමුල්ල මහා මාර්ගයේ දී අද (09) පෙරවරු 8 ට පමණ කන්ටේනරයක් පාර මාරු වෙමින් සිටි ව්‍යාපාරිකයකු වන ලද්දු ශ්‍රියානන්ද සිල්වා නැමැති ව්‍යාපාරිකයාගේ සිරුර මතට පෙරළී ඔහු එතැනම මරුමුවට පත් වී තිබෙනවා.

මේ වනවිට එම මාර්ගයේ දැවැන්ත වාහන තදබදයක් පවතිනවා. කොළඹ සිට ගමන් කරන සියලු වාහන කහව හන්දියෙන්ද , ගාල්ල දෙසින් කොළඹට එන රථ වාහන හික්කඩුවෙන්ද අතුරු මාර්ගවලට යොමු කරනු ලබනවා. අද උදේ මෙම කන්ටේනරය මෝටර් රථ වාහන උපකරණ තොගයක් පටවා ගෙන කොළඹ සිට ගාල්ල දෙසට ගමන් කර තිබෙනවා. 

දළුවත්තමුල්ල ප්‍රදේශයේ බත් කඩයක් පවත්වා ගෙන යන ව්‍යාපාරිකයකු වන ශ්‍රියානන්ද සිල්වා මහතා කිසියම් අවශ්‍යතාවක් සඳහා මාර්ගයෙන් එහා පැත්තේ පිහිටි වෙළෙඳසල දෙසට පාර මාරු වෙමින් සිට තිබෙනවා. මෙම අවස්ථාවේ පැමිණි කන්ටේනරය පැදවූ රියදුරා පාර මාරුවන පුද්ගලයා බේරා ගන්න වාහනය පැත්තකට කපා තිබෙනවා

වින්ඩෝස් ලයිව් මැසෙන්ජර් වෙනුවට ස්කයිප්...

හේතුව නම් පසුගිය කාලයේ මයික්‍රොසොෆ්ට් ආයතනය ස්කයිප් සමාගම මිලදි ගැනීමයි...

ඉදිරියේදී වින්ඩෝස් ලයිව් මැසෙන්ජර් නම් චැට් නවතා දැමීමා  ඒ වෙනුවෙට ස්කයිප් යොදා ගැනීමටත්  මයික්‍රොසොෆ්ට් ආයතනය තීරණය කර තිබෙනවා.

2013 මාර්තු මාසයේ සිට චීනයේ හැර වින්ඩෝස් ලයිව් මැසෙන්ජර් සේවාව අත්හිටුවන බව බීබීසී ලෝක පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

මෙයට හේතුව නම් පසුගිය කාලයේ මයික්‍රොසොෆ්ට් ආයතනය ස්කයිප් සමාගම මිලදි ගත් පසු  මයික්‍රොසොෆ්ට් ආයතනය මැසෙන්ජර් සේවාවන් 2ක් තිබිම නිසා ඉන් එකක් ඉවත් කිරිම සදහා එම ආයතනය කටයුතු කලා.

2013 සම්පුර්ණ අයවැය යෝජනාවලිය මෙන්න.

විශ්‍රාමිකයන්ට රු. 500ක සහ 750ක ජීවන වියදම් දීමනාවක්‌...

ස්‌ථිර ජීවනෝපායක්‌ නැති 65 ඉක්‌මවූ ජූලි වර්ජකයින්ට රු.5000ක්‌...

හුදකලා පාසල් දරුවන්ට නොමිලේ පාවහන් සහ අමතර නිල ඇඳුමක්‌...


ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පාර්ලිමේන්තුව හමුවේ ඊයේ දිනයේ ඉදිරිපත් කරන ලද 2013 වසර සඳහා වූ අයවැය යෝජනාවලිය මෙහි දැක්වේ. 

විදේශ මත්පැන් බදු 25 කින් ඉහළට

කුඩා ව්‍යාපාරවලට වැට්‌ සහ අමතර බදු සහන

නියඟයෙන් වගා හානි වූ ගොවීන්ගේ ණය කපා හැරේ

කොටස්‌ වෙළෙඳපොළට එන සමාගම්වලට බදු විරාම

මෝටර් වාහන ආදායම් බලපත්‍ර ගාස්‌තු වැඩිවේ

සියලුම රජයේ සේවකයන්ට 2013 වසරේදී රුපියල් 1500 ක මාසික දීමනාවක්‌ සහ විශ්‍රාමිකයන්ට මසකට රුපියල් 500ක සහ 750ක ජීවන වියදම් දීමනාවක්‌ ලබා දීමට යෝජනා කරන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (08 වැනිදා) පාර්ලිමේන්තුවේදී අයවැය යෝජනා ඉදිරිපත් කරමින් පැවැසීය.

එමෙන්ම 2013 ජනවාරි මස 01 වැනිදාට වයස අවුරුදු 65 ඉක්‌මවූ ජීවනෝපාය මාර්ගයක්‌ නොමැති ජූලි වර්ජකයන්ට මසකට රුපියල් 5000 ක දීමනාවක්‌ ලබා දීමට ද ජනාධිපතිවරයා යෝජනා කළේය. ඒ සඳහා රුපියල් මිලියන 300 ක්‌ වාර්ෂිකව වෙන් කෙරේ.

ඕස්ටේ‍්‍රලියාවට හොරෙන් යන අයට වැට බඳින්නට මර්වින් - රොබින් අතර සාකච්ඡා...

ඕස්ටේ‍්‍රලියාවට ඇතුලූ වන අනවසර සංක‍්‍රමණිකයන් ඉදිරියේදී ගත හැකි කි‍්‍රයාමාර්ග...

ඕස්ටේ‍්‍රලියානු තානාපතිනි රොබින්මූඩ් මහත්මිය සහ මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අතර සුහද හමුවක් ඊයේ පස්වරුවේ පැවති බව එම අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා .

මහජන සම්බන්ධතාහා මහජන කටයුතු අමාත්‍යංශය තුල එම සුහද හමුව පැවති  බවත්, එහිදී  ඕස්ටේ‍්‍රලියාවට ඇතුලූ වන අනවසර සංක‍්‍රමණිකයන් සම්බන්ධයෙන් මහජන සම්බන්ධතා අමාත්‍යවරයා වශයෙන් ඉදිරියේදී ගත හැකි කි‍්‍රයාමාර්ග පිලිබදව ඇමතිවරයා සාකච්ඡා කල බවත් එම නිවේදනයේ සදහන් වෙනවා .