Ads 468x60px

.

විවාහයද , අනේ මංදා අනේ... ප්ලීස්... අපි ඒ ගැන කතා නොකර ඉමු - උමයංගනා කියයි

ස්වර්ණවාහිනියෙන් විකාශය වෙන “ඉටිමල්” ටෙලි නාට්‍යයේ මහේලි, “පියවි” ටෙලි නාට්‍යයේ ඉන්දි සහ ජාතික රූපවාහිනියෙන් විකාශය වෙන “ෆෙංෂුයි ගෙදර” ටෙලි නාට්‍යයේ සෝමලතා විදිහට රඟපාන්නේ උමයංගනා වික්‍රමසිංහ. 

මේ හින්ද උමයංගනා මේ දවස්වල හුඟක් ජනප්‍රියයි. ඒ වගේම ඇය දික්කසාද වීමටද සැරසෙන බව මීට පෙර පුවතකින් අප ඔබ වෙත ගෙන ආවා. මේ ඒ පිලිබඳව ඇය සමග කල කතා බහක්.

ඉතිං මහේලිටත් ඉන්දිටත් සෝමලතාටත් මොන වගේ ප්‍රතිචාරද ලැබෙන්නෙ.?
තරුණ පරම්පරාවේ අයගෙන් මහේලිටත් සෝමලතාටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. එයිනුත් ක්‍ෂේත්‍රයේ අයගෙනුත් සෝමලතාට ප්‍රතිචාර ලැබෙනවා.


මේ තරමට ආදරය ලැබෙනකොට මොකද හිතෙන්නෙ.?
නිළියක් වීම මොන තරම් වාසනාවක්ද කියල හිතෙනවා. සමාන්‍ය කෙනකුට ලබන්න බැරි දුර්ලභ අවස්ථාවක් සහ අත්දැකීමක්නෙ. ඒක හින්ද මට මේක බොහොම ගෞරවනීය වෘත්තියක්.


එතකොට දැන් රඟපෑම ඔයාගෙ වෘත්තියද?
රඟපෑම මගේ වෘත්තීය ජීවිතයේ එක පැත්තක්. අනෙක් පැත්ත නිවේදිකාවක්. මම ශ්‍රී  ඊඍ ප්‍රවෘත්ති නිවේදිකාවක්. නිවේදිකාවක් හැටියට මගේ ආරම්භය දෙරණ රූපවාහිනිය. දෙරණ ප්‍රථම ප්‍රවෘත්ති නිවේදිකාව වීමේ භාග්‍ය ලැබුණේ මට.



කොහොමද ඒ අවස්ථාව ඔයාට ලැබුණේ.?
උසස් පෙළ කරල ඉවර වෙලා ප්‍රතිඵල එන අතරතුර මං පාඨමාලා කිහිපයක් හැදෑරුවා. ඒ එකක් තමයි රූපවාහිනීකරණය. ඔය කාලෙම අලුත් රූපවාහිනී නාළිකාවකට නිවේදිකාවන් අවශ්‍යයි කියන දැන්වීමකට මමත් අයදුම්පත්‍රයක් දැම්මා. ඒ දෙරණ නාළිකාව. සම්මුඛ පරීක්ෂණයෙන් මාව තේරුණා. ඇත්තටම ප්‍රවෘත්ති නිවේදිකාවක් කියන්නෙ විශාල වගකීමක් තියෙන වෘත්තියක්.


පුංචි කාලෙ ඔයා හීන මැව්වේ කවුරු වෙන්නද?
හැම පොඩි ළමයකුටම වාගෙ මටත් පුංචි පුංචි හීන තිබුණා. මං ඒ හීනවලට ආසා කළා. ඉස්කෝලෙ යන කාලෙ. මතක තියෙන එහෙම එක හීනයක් තමයි වෛද්‍යවරියක් වෙන එක. මම උසස් පෙළට කළේ විද්‍යා විෂයයන්. ප්‍රතිඵලත් එක්ක ඔෟෂධ වේදිනියක් වෙන්න ඉගෙන ගන්න සුදුසුකම් තිබුණා. ඒත් මම ගියේ නිවේදිකාවක් වෙන්න සුදුසුකම් සපුරා ගන්නයි. අද වෙනකොට මගේ ඒ හීනය සැබෑවෙලා.


ඉස්කෝලෙ යන කාලෙ ඔයා මොනවාගෙ ගැහැනු ළමයෙක්ද?
ඒ කාලෙ මම බොහොම නිහඬ ගැහැනු ළමයෙක්. ඒත් මම සාහිත්‍ය කටයුතු වගේම ලේඛන කටයුතුවලත් නිරත වුණා. පාසලේ සාහිත්‍ය සංගම්වලට සම්බන්ධ වෙලා කටයුතු කළා. පොත්පත් කියෙව්වා. පත්තරවලට ලිපි ලිව්වා. මට මතකයි මං රාගම බැසිලිකා විද්‍යාලයේ 5 වසරේ ඉගෙන ගන්න කාලෙ ‘වෛද්‍යවරියක් වෙන්න කැමැතියි’ කියලා රිවිරැස පත්තරේට ලියපු ලිපිය.


වැඩිපුරම කියෙව්වේ අද්භූත කතන්දර පොත්, කරුණාසේන ජයලත් මහත්මයාගෙ පොත් කියවන්නත් ආසා කළා. ගොළු හදවතට හරිම කැමැතියි. ඉස්කොලෙදි සී. ආර්. ඩික්සන් ඇන්තනී ගුරුතුමා මගේ සාහිත්‍ය වැඩකටයුතුවලට හුඟක් උදව් කළා. පස්සෙ කාලෙ උසස් පෙළ කරන්න මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකාවට ආවට පස්සෙ ගුරුතුමා මට ලියුමක් එවල තිබුණා. දුව ලේඛන කලාවට යොමුවෙන්න. නැතිනම් ඔබගේ හැකියාවන් මොට වේවි කියලා.


ඇයි ඉතිං ලේඛන කලාවට යොමු වෙන්න හිතුවෙ නැත්තේ.?
හිතේ නම් තියෙනවා. ඒත් ඒ වගේ දේකට යොමුවෙන්න තියෙන කාලය අඩුයි.


ඒ තරමටම ඔයා අවිවේකියිද?
ඉස්සර නම් කාර්ය බහුල කමක් අවිවේකයක් තිබුණා. ඒත් මං දැන් ලොකුවට කාර්ය බහුල වෙන්න කැමැති නෑ.


ඔයාට ඔයාගෙ පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?
ඇත්තටම ඒ ගොල්ලන්ට මං ගැන හරිම සතුටුයි. අදටත් රූගත කිරීම්වලට තාත්තා මාත් එක්ක එනවා. මට හැම සහයෝගයක්ම ලබා දෙනවා.


ආපහු හැරිල බලනකොට මේ ආ ගමන ගැන ඔයාට මොකද හිතෙන්නෙ.?
මට ලැබුණු හැම දෙයක් ගැනම සතුටුයි. සතුට කියන දේ අර්ථ ගැන්වෙන්නෙ එක එක්කෙනා ජීවත්වෙන විදිහත් එක්කනෙ. ජීවත්වෙන මේ ටික කාලෙට සතුටින් ජීවිතය ගත කරන්න පුළුවන් නම් තමයි වටින්නෙ. හිතින් හරි පවක් කරන්නැතුව ඉන්න පුළුවන් නම් තමයි වටින්නෙ. බෞද්ධයෙක් හැටියට මම මගේ ආගමෙන් ඒ විනය ජීවිතයට ලබා ගන්න උත්සාහ කරනවා.


ආදරය ගැන මොකද හිතෙන්නෙ?  

හරිම සුන්දරයි

ඔයාගෙ ජීවිතෙත් එක්ක ගත්තහම විවාහය ගැන මොකද හිතෙන්නේ?   
විවාහයද , අනේ මංදා

ඇයි ?    

කල් යනකොට දැන්නැද්ද ඉතිං අනේ... ප්ලීස්... අපි ඒ ගැන කතා නොකර ඉමු.

උමයංගනාගෙයි උදයගෙයි දික්කසාදයට හේතුව මෙන්න

 
Related Posts with Thumbnails