Ads 468x60px

.

අධිවේගීයේ ලේසර් කැමරා - ප්‍රවේසම් වන්න

ඉහළම තාක්ෂණයෙන් යුත් ලෝකයේ දියුණුම වේග මාපක ලේසර් කැමරා පද්ධතිය ඊයේ (11) සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ සවිකර ඇත.දක්ෂිණ අධිවේගී මාර්ගයේ මේ වනවිට රිය අනතුරු 93ක් සිදු වී ඇති අතර ඉන් වැඩිම ගණනක් අධික වේගය නිසා සිදුවූ ඒවා බවට තහවුරු වී ඇති නිසා මෙම කැමරා පද්ධතිය සවි කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කීය.

ශිල්පා ගේ කැදැල්ලට අළුත් අමුත්තෙක්

බොලිවුඩ් නිළි ශිල්පා ෂෙට්ටි ද මව් පදවිය ලැබීමට යන බව වාර්තා වේ.මේ ශිල්පා ගේ හා ඇගේ සැමියා වන රාජ් කුන්ද්‍රාගේ කූළුඳුල් දරුවා වේ.සිය කැදැල්ලට අළුත් අමුත්තෙකු එක්වීමට යන බව ශිල්පා, ට්විටර් පණිවිඩයක් ඔස්සේ පවසා තිබුණි. ශිල්පා ෂෙට්ටි මවක් වීමට යන බවට මීට කලින් කටකතා පැතිරගොස් තිබුණු අතර එම කටකතා ශිල්පා විසින් ප‍්‍රකික්ෂේප කර තිබුණි.බි‍්‍රතාන්‍යයේ ව්‍යාපාරික යෙකු වන රාජ් කුන්ද්‍රා හා ශිල්පාගේ විවාහය 2009 දී සිදුවිය. 

සේවාග්ගේ දස්කම වෙනුවෙන් පූනම්ගේ අමුතු තෑග්ග

සුගියදා බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලකුණු 219 ක් රැස්කරමින් එක්දින ජාත්‍යන්තර කි‍‍්‍රකට් පිටියේ වැඩිම ලකුණු ලබා ගත් විරේන්‍ද‍‍්‍ර සේවාග්ට, සරාගී නිරූපිකාවක් වන පූනම් පාන්ඬේ අමුතු තෑග්ගක් ලබාදීමට තීරණය කර තිබේ.පූනම් සේවාග්ගේ දස්කම වෙනුවෙන් සිය පේ‍‍්‍රක්‍ෂකයන් මෙතෙක් නොදුටු ආකාරයේ රළු සරගී වීසියෝවක් නිකුත් කිරීමට කටයුතු යොදා තිබේ.

මම ආයෙත් විවාහ වෙන්න කැමතියි - උපේක්ෂා

ඔබ යලිත් විවාහ උනොත් ? මම විවාහ වෙන්නේ නෑ කියන්නේ නෑ. මගේ විවාහ ජිවිතයේ දරුවෙක් හිටියේ නැතිඑක හොඳයි. මගේ දෙමවුපියෝ වෙන් උනේ මට අවුරුදු 3 දී. මම ඒ වේදනාව හොඳට දන්නවා. ඉතිං මට ඒ පාපයට අතගහන්න නොලැබීම භාග්‍යක්. මම යලිත් විවාහ වෙන්න කැමතියි. නමුත් ගිනිපෙනෙල්ලෙන් බැට කාපු මනුස්සයා කලාමැදිරි එළියටත් බයයි කියල කතාවක් තියනවනේ. ඒ නිසා මට ගැලපෙන කෙනෙක් ලැබුනොත් යලිත් විවාහ වේවි. දේශපාලන වැඩ කටයුතු එහෙම ?ඇත්තටම කාර්යබහුලයි. මේ දිනවල ඇය වැය විවාදය නිසා දිනපතාම පාර්ලිමේන්තු යෑමට සිදුවෙනවා. මට පුළුවන් ප්‍රමාණයෙන් ජනතාවට සේවය කරනවා.

පබාගේ සැමියා සතු ලක්ෂ 1200 නැවතත් පබාට

පබා හෙවත් උපේක්ෂා ස්වර්ණමාලි එක්සත් ජාතික පක්ෂය හැරදමා රජයට එකතු වීමේදී ලබාදුන් අත්තිකාරම් මුදල වන ලක්ෂ 1200 ක මුදල උපේක්ෂා ගේ සැමියා තවමත් කට්ටි පනින බැවින් ඊට මැදිහත්වී එම මුදල් උපේක්ෂා හට ලබාදීමට නාමල් රාජපක්ෂ මැදිහත් වී ඇත .මේ සදහා මෙර්වින් සිල්වා මන්ත්‍රී වරයා හමුවී ඇති නාමල් සතියක් ඇතුලත පබාට අයත් මුදල් ලබා නොදුන හොත් පබාගේ සැමියාට ජීවතුන් අතර සිටීමට නොහැකිවනු ඇතිබවට දන්වා ඇත.

යොවුන් ගායිකා ශෂිකාගේ අලුත්ම වැඩේ

යොවුන් පරපුර නියෝජනය කළ දක්ෂ ගායිකාවක් වන ශශිකා නිසංසලා සංගීත විෂය භාර ආචාර්යවරියක ලෙස කටයුතු කිරීමට පටන්ගෙන තිබේ. කැළණිය සරසවියේ උපාධිධාරිනියක් වනකැලණියේ ශී‍්‍ර ධර්මාශෝක විද්‍යාලයේ සංගීත ගුරුවරිය ලෙස මේ වන විට සේවය කරමින් සිටී.

අවුරුද්දක පුංචි පුතෙකුගේ මවක වන සශිකාට විවේකයක් ලැබුණු විටක ප‍්‍රසංග වේදිකාවේද ගීත ගායනා කරන බව අය පවසන්නීය.

කෲස් ගේ අවධානය තාබුට

ප‍්‍රකට හොලිවුඩ් නළු ටොම් කෲස් පසුගිය දිනවල ඉන්දියාවේ සංචාරයක නිරත වූ අතර, ඔහු වෙනුවෙන් සූදානම් වූ සාදයකට බොලිවුඩ් තරු රැසක්සහභාගී විය.මෙහිදී කෲස් ගේ අවධානය දිනාගැනීමට බොහෝ තරු උත්සහගත් බව ඉන්දීය ටැබිලොයිඩ් මාධ්‍ය වාර්තා කර තිබුණි.
කෙසේ වුවද, එසේ කිරීමට අනවශ්‍ය වූයේ එක් නිලියකට පමණි. ඒ, බොලිවුඞ් නිළි තාබු ය.

ඇමතිවරු පරදා මන්ත්‍රීවරු ජයගනී

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ඇමතිවරුන් අතර 11 පවත්වන ලද කතානායක අභියෝග කුසලාන තරගාවලියේ ජයග්‍රහණය හිමිවූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ කණ්ඩායමටයි.අමාත්‍ය කණ්ඩායම වෙනුවෙන් සුසිල් ප්‍රේම්ජයන්ත අමාත්‍යවරයා නායකත්වය ලබා දෙන අතර එම කණ්ඩායමට අමාත්‍ය විමල් වීරවංශ, ඩිලාන් පෙරේරා, ලසන්ත අලගියවන්න, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, මහින්දානන්ද අලූත්ගමගේ, රෝහණ දිසානායක, ඉන්දික බණ්ඩාරනායක, ,මහින්දානන්ද අලුත්ගමගේ,ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරුන් එක්වී සිටියේය.

අනුරාධපුර තරුණියන් දෙදෙනෙකු මරා එල්ලා ඔහුත් ගෙල වැලලාගෙන

අනුරාධපුර, එප්පාවල, කඩිගාව ප්‍රදේ‍ශයේ සොහොයුරියන් දෙදෙනෙකු සහ තරුණයකු ගෙල වැළලාගෙන ජීවිතක්ෂයට පත් වී තිබේ.මෙම තරුණයා 17 හැවිරිදි එක් තරුණියක සමග නිවසින් පැනගොස් ඇති අතර එවක 15 වන වියේ පසුවූ බාලවයස්කාරියක් බැවින් තරුණයාට එරෙහිව නඩුවකද පවරා ඇත.නඩුවෙන් නිදහස් වූ පසුව එම තරුණියගේ නිවසට පැමිණි තරුණයා බලෙන්ම එහි පදිංචි වී ඇත.මේ අතර  එම තරුණයා විසින් 17 හැවරිදි තරුණියගේ නැගණිය වන 15 හැවිරිදි තරුණිය සමගද සම්බන්ධතා පවත්වා ඇත.මේ පිලිබඳ අදහස් දක්වන එම තරුණියන්ගේ මව අදහස් පල කරසිටින්නේ තමාගේ වැඩිමහල් දියණියට ගස් නැගීමට කිසිදු හැකියාවක් නොතිබුණු බවත් සිය දියනියන් දෙදෙනා එම තරුණයා විසින් මරා එල්ලා ඇති බවත් යනුවෙනි.

නිළියෝ විතරක් ගණිකාවෝ කියන එක වැරදියි - චමිලා පීරිස්

පුංචි තිරයේ හා සිනමාවේ හුරු පුරුදු මුහුණක් මෙන්ම මේ දිනවල සිරස ටී.වී. නාලිකාවේ විකාශය වන "ආදරේ අහස තරම" ටෙලි නාට්‍ය ඔස්සේ ද ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා සිටින තරුවක් සමඟ සොඳුරු පිළිසඳරක නිරත විය.ඒ අනුව මෙවර තරුවක වතගොත විශේෂාංගයෙන් ඔබත් සමඟ එකතු වන්නේ වසර 20ක පමණ කාලයක් රංගන ක්ෂේත්‍රයේ රැඳී සිටින, අනුරපුරින් රංගනයට පිවිසි චමිලා පීරිස්ය.