Ads 468x60px

.

පියුමි - රේමි විවාහය සිදුකරන තැන හෙළි කරයි

මේ දිනවල සිරස ටී.වී. නාලිකාව ඔස්සේ විකාශය වන ආදරේ අහස කරම් ටෙලි නාට්‍ය හරහා ප්‍රේක්ෂකයින් අතර දැඩි ලෙස ජනප්‍රියත්වයට පත්ව සිටින තාරුණ්‍යයේ තවත් සිහින කුමරියක් සමඟ සොඳුරු පිළිසඳරක නිරත විය. ලාංකික ප්‍රේක්ෂකයින්ගේ සිත් ඇඳ බැඳ තබාගත් ඇය පියුමි පුරසිංහයි.තරුණ සිත් වසඟ කරමින් කෙටි කලක් තුළ ජනප්‍රියත්වයට පත් ඇය සමඟ අප පුංචි කතා බහක නිරත වුණේ ආදරේ අහස තරම් ටෙලි නාට්‍යෙය් දර්ශන තලයකදීය.විවාහය ගැන මොකද හිතන්නේ?

ආශ්චර්යයේ පිවිසුම හෙට සවස 6ට මහජනතාවට විවෘතයි (පින්තුර සහිතයි)

ජනාධිපතිතුමන් අතින් හෙට (27) ජනතා අයිතියට පැවරෙන දක්ෂිණ අධිවේගී මාර්ගය ජනතාවගේ ගමන් බිමන් සඳහා විවෘත වන්නේ එදින පස්වරු 6 ට බව නියෝජ්‍ය ඇමැති නිර්මල කොතලාවල මහතා කියයි. එදින නිල උත්සව රැසක් පැවැත්වෙන නිසා මේ තීරණය ගත් බව නියෝජ්‍ය ඇමැතිවරයා කියයි. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිල උත්සවය කරන්දෙනිය නගරයේදී පැවැත්වෙයි. දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කිරීමේ අවස්ථාවට ආරාධිතයෙකු වශයෙන් සහභාගිවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.දින 5ක කාලයක් ඒ මහතා ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතර එම කාලය තුළ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ඇතුළු පිරිසක් හමු වී සාකච්ඡා කිරීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.

සමලිංගික සේවනය සහ නිරුවතින් ස්නානය කිරීම හෙළිවීම දැරියන් පැනයාමට හේතුවද?

රන්මුතුගල සහතික කළ බාලිකා නිවාසය භාරයට අධිකරණ නියෝග මත භාරදී තිබූ තරුණියන්ට හා බාල වයස්කාර දැරියන්ට වද හිංසා කරමින් කෲර ලෙස සැලකූ බව කියන සිද්ධියට සම්බන්ධයෙන් අනෙක් බාලිකාවන් දෙදෙනා පිළිබඳව පරීක්ෂණ පවත්වා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් වයි. ප‍්‍රනාන්දු මෙනෙවිය ඊයේ (24) ළමා ආරක්ෂක අධිකාරියට නියෝග කළාය.

අවපීඩන කාලගුණික තත්වය තවදුරටත් ප්‍රවේසම්වන්න !

මේ දිනවල පවතින දැඩි සුළං සහ වැසි තත්ත්වයට හේතු වූ වායුගෝලයේ අවපීඩන තත්වය තවදුරටත් වර්ධනය වෙමින් පවතින බව අවධාරණය කර සිටින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ඒ පිළිබදව විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.අද (26) දිනය තුළද  දිවයිනේ ප‍්‍රදේශ රැසකට තද සුළං මෙන්ම වැසි හෝ කඩින් කඩ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පී.ජී යසරත්න මහතා පවසයි.

සමන්ත බද්‍ර හිමිගේ උපන්දින සාදය

පිටිදූවේ සමන්ත බද්‍ර හිමිගේ අවසන් වරට පැවති උපන් දිනය සඳහා අඩි 2කට වඩා දිග විශාල කේක් එකක් ලැබී තිබුණා. උපන්දිනය නිමිත්තෙන් උන් වහන්සේට දායකයින්ගෙන් එදින සිවුරු පිරිකරද විශාල ප්‍රමාණයක් ලැබී තිබුණා. පහතින් දැක්වෙන්නේ එම බර්ත්ඩේ කේක් එකේ ජායාරූපයකි.

ශලනි සිනමා නිළියක් ලෙස අභිශේක වෙයි

සිරස කුමරිය ලෙස අභිෂේක වෙමින්  වර්තමානයේ ජනපි‍්‍රය ටෙලිනාට්‍ය නිළියක්, මෝස්තර නිරූපිකාවක් හා නර්තන ශිල්පිනියක් බවට පත්ව සිටින ගෝනකුඹුර පංගුකාරගේ ශලනි තාරකා විජේබණ්ඩාර අද (25)  සිට සිනමා නිළියක් බවටද අභිශේක ලැබුවාය.රීගල්, ලිඩෝ ඇතුළු සිනමාහල් 31 කදී අද (25) ප‍්‍රදර්ශනය ආරම්භ කළ සංජය ලීලාරත්නගේ 'සෙල්වම්’ විත‍්‍රපටයේ චරිත මවමින් ශලනි සිනමා නිළියක් ලෙස අභිශේක වූවාය.
ඇය සිරස කුමරිය ලෙස අභිෂේක ලැබුවේ 2007 වසරේදී වන අතර එවකට ඇගේ වයස අවුරුදු 17 කි.

විදුලිය කාන්දුවක් හේතුවෙන් හිජ්රා නපුංසක සමුළුව ගිනි අරං

නපුංසක ප‍්‍රජාව විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවර පවත්වන ලද සමුළුවකදී හටගත් හදිසි ගින්නකින් පුද්ගලයන් 15කට වැඩි පිරිසක් මියගොස් තවත් 35 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලැබූ බව විදෙස් වාර්තාවල සඳහන් වේ. පස්වසරකට වරක් පැවැත්වෙන මෙම සම්මන්ත‍්‍රණය සඳහා ඉන්දියාව, බංගලාදේශය හා නේපාලය යන රටවලින් දහස්ගණනක් පැමිණ ඇත.විදුලිය කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න ඇතිවන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර, ගින්නට අසුවූ ගෑස් සිලින්ඩරයක්පිපිරී ඇත.මේ පිළිබඳව පරීක්‍ෂණයක් පවත්වන මෙන් නවදිල්ලි ප‍්‍රාන්ත ආණ්ඩුව ඉල්ලා සිටියි.

රාගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන ලොකු සීයාගේ සිරුර සොයාගනී

මීට මාසයකට පමණ පෙර නාඳුනන සන්නද්ධ කණ්‌ඩායමක්‌ විසින් පැහැරගෙන ගිය රාගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන මොහොමඩ් සාලි නියාස්‌ හෙවත් ලොකු සීයා අභිරහස්‌ අන්දමින් මරා දමා සිරුර ඉටිරෙදිවලින් ඔතා ගලක්‌ බැඳ අක්‌කරේපත්තුව මුහුදේ ගිල්ලවා තිබියදී අක්‌කරේපත්තුව පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා. පැහැරගත් කණ්ඩායම විසින් ඔහුව ඝාතනය කිරීමෙන් පසුව සිරුර පොලිතින්වලින් ඔතා අක්‌කරෙයිපත්තුව මුහුද වෙත බෝට්‌ටුවකින් රැගෙන ගොස්‌ එය ගිල්වා දමා තිබෙන්නේ පොලිතින් උරය කටුකම්බිවලින් ගැටගසා ඊට විශාල ගලක්‌ බැඳ දමමින් කිසිදිනක කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමටයි.

මම තවම ආදරය ගැන හිතලා නැහැ - සංසාරි

දිගු දෑස වීඩියෝව සඳහා පෙම්වතුන් ලෙස පෙනී සිටියේ ප්‍රවීන නළු ජැක්සන් ඇන්තනිගේ පුතු අකිල සහ නිරුපිකාවක් වන ෂෙරිල් රොමේන් ඩෙකර්ය.මොවුන් දෙදෙනා පෙනී සිටි වීඩියෝව නිසා ඔවුන් දෙදෙනා සැබෑ ජීවිතයේදී පෙම්වතුන් ලෙස ක්‍රේෂ්ත්‍රයේ කතාවක් පැතිරී තිබුනා.මේ දිනවල රොමේෂ් සුගතපාලගේ "දිගු දෑස දුටුවාම" ගීතය බොහෝ දෙනා අතර ජනප්‍රිය වූ ගීතයක්.මෙම ගීතය වඩාත් ප්‍රේක්ෂකයන් අතරට ගියේ එම ගීතයට නිර්මාණය වුන රුප රචනය නිසයි. නමුත් එය සත්‍යයක් නොවන බව ඇය පසුගිය දිනක සති අන්ත පුවත්පතකට අදහස් පළකර තිබුනා..මේ ඇයගේ වදන්

නුවරඑළියටත් ගං වතුර


අධික වර්ෂාවත් සමඟ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක ජල ගැලීම් තත්ත්වයක් හටගෙන තිබේ.නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ එරන්දන හේමවර්ධන පැවසුවේ මේ ‍හේතුවෙන් පුද්ගලයින් 100 ‍කට ආසන්න සංඛ්‍යාවක් අවතැන්ව ඇති බවය. මේ අතර අධික වර්ෂාව හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරු මැද පළාත්වල පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබේ.