Ads 468x60px

.

ශලනි සිනමා නිළියක් ලෙස අභිශේක වෙයි

සිරස කුමරිය ලෙස අභිෂේක වෙමින්  වර්තමානයේ ජනපි‍්‍රය ටෙලිනාට්‍ය නිළියක්, මෝස්තර නිරූපිකාවක් හා නර්තන ශිල්පිනියක් බවට පත්ව සිටින ගෝනකුඹුර පංගුකාරගේ ශලනි තාරකා විජේබණ්ඩාර අද (25)  සිට සිනමා නිළියක් බවටද අභිශේක ලැබුවාය.රීගල්, ලිඩෝ ඇතුළු සිනමාහල් 31 කදී අද (25) ප‍්‍රදර්ශනය ආරම්භ කළ සංජය ලීලාරත්නගේ 'සෙල්වම්’ විත‍්‍රපටයේ චරිත මවමින් ශලනි සිනමා නිළියක් ලෙස අභිශේක වූවාය.
ඇය සිරස කුමරිය ලෙස අභිෂේක ලැබුවේ 2007 වසරේදී වන අතර එවකට ඇගේ වයස අවුරුදු 17 කි.ශලනිගේ පියා ව්‍යාපාරිකයෙකු වන අතර ඇගේ මව රූපලාවන්‍ය ශිල්පිනියකි.බලංගොඩ ශාන්ත ඇග්නස් කන්‍යාරමයෙන් මූලික අධ්‍යාපනය ලද ඇය පසුව නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබාගත්තාය.ශලනි මුලින්ම රංගනයට පිවිසියේ 'පතිනි’ ටෙලි නාට්‍යයේ උප ප‍්‍රධාන චරිතයක් සඳහා පණ පොවමිනි.ඇය මුලින්ම ටෙලිනාට්‍ය ප‍්‍රධාන චරිතයකට දැකවූයේ ශර්ලි පී. දෙලංකාවලගේ පූජාසනය ටෙලි නාට්‍ය සඳහාය.පසුව ඇය, ඉසුරු බවන, හන්සි, සමනලී, අපි අපි වගේ, ගඟ අද්දර හා සඳ සඳ වගේ ටෙලි නාට්‍ය හරහා ජනාදරයට පත් වූවාය.ශලනි, හීරෝ හොන්ඩා, රයිනෝ හා ජැනට් වැනි වෙළෙඳ දැන්වීම් සඳහා ද නිරූපිකාවක් ලෙස ද එක්ව තිබේ.මේ දිනවල පේ‍්‍රක්‍ෂකයන් අතර ඇය ජනපි‍්‍රයත්වයට පත්ව ඇත්තේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වනිසිහින පියාපත්’ හි 'මිහිරංගි’ගේ චරිතයත් සමගය.
 
Related Posts with Thumbnails