Ads 468x60px

.

පියුමි - රේමි විවාහය සිදුකරන තැන හෙළි කරයි

මේ දිනවල සිරස ටී.වී. නාලිකාව ඔස්සේ විකාශය වන ආදරේ අහස කරම් ටෙලි නාට්‍ය හරහා ප්‍රේක්ෂකයින් අතර දැඩි ලෙස ජනප්‍රියත්වයට පත්ව සිටින තාරුණ්‍යයේ තවත් සිහින කුමරියක් සමඟ සොඳුරු පිළිසඳරක නිරත විය. ලාංකික ප්‍රේක්ෂකයින්ගේ සිත් ඇඳ බැඳ තබාගත් ඇය පියුමි පුරසිංහයි.තරුණ සිත් වසඟ කරමින් කෙටි කලක් තුළ ජනප්‍රියත්වයට පත් ඇය සමඟ අප පුංචි කතා බහක නිරත වුණේ ආදරේ අහස තරම් ටෙලි නාට්‍යෙය් දර්ශන තලයකදීය.විවාහය ගැන මොකද හිතන්නේ?

ඇත්තටම විවාහය ගැන මගේ අදහසක් තියෙනවා.  මම 2013දි විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා.

ඒ කියන්නේ දැන් පෙම්වතෙක් ඉන්නවා ?  ඔව්

ඔහුගේ නම ඔබේ රසික රසිකාවියන්ට හෙළි කරන්න කැමතිද?
ඔව්. එයාගේ නම රේමි රාජ්ලාල් එයා ව්‍යපාරිකයෙක්

ඔබ රංගන ක්ෂේත්‍රයට කොහොමද පිවිසුණේ? ඒ වගේම එහි රැඳි සිටින්නේ ඇයි?
ක්ෂේත්‍රයට ආවේ අහම්බෙන්. මොකද මම රංගනයෙන් දායක වුණු පළවෙනි නාට්‍ය නිෂ්පාදනය කළේ මගේ නෑදැයෙක්. ඉතින් එයාගේ ආරධනයක් නිසා තමයි මම මේ ක්ෂේත්‍රයට පිවිසුණේ. නමුත් මට වැඩි කාලයක් ක්ෂේත්‍රයේ ඉන්න හම්බවෙන එකක් නැහැ. මොකද මගේ වෘත්තිය රංගන නෙමෙයි ඒක නිසා ඉදිරියේදි මගේ වෘත්තිය වෙනස් වෙන්න ඉඩ තියෙනවා. 

පියුමි මොන වගේ නිර්මාණ තුළින් ද ඔබ ඉදිරියේදි ප්‍රේක්ෂකයින් හමුවට යන්නේ?
ඉදිරියේදි චිත්‍රපටි දෙකකට දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ ඒ වගේම මේ දවස්වල සිරස  ටී.වී. නාලිකාවේ විකාශය වන ආදරේ අහස තරම් ටෙලි නාට්‍ය තුළින් ද මාව ප්‍රේක්ෂකයින්ට දකින්න ලැබෙනවා

මෙතෙක් ඔබ දායක වූ හොඳම නිර්මාණය මොකක්ද?
ඇත්තටම මම ආස ටෙලි නාට්‍ය 2ක් තියෙනවා. එකක් හිරුට හොරෙන්, ඒ ටෙලි නාට්‍ය මම වෙනස්ම චරිතයක් රඟ පෑවේ. අනිත් එක ආදරේ අහස තරම් ටෙලි නාට්‍යයේ අශේනිගෙ චරිතයට කැමතියි.

රංගන ක්ෂේත්‍රයට පිවිසුනේ නැත්නම් මේ වෙනකොට ඔබ කොහෙද ඉන්නේ?
ව්‍යාපාරික කාන්තාවක් වෙන්න ඉඩ තිබ්බා.

රංගන ජීවිතේ අමතක නොවන සිදුවීම ගැන මතක් කළොත්
මම පළවෙනි වතාවට කැමරාව ඉස්සරහට ගියපු අවස්ථාවේදි එක රූප රාමුවක් රෑ 9 ඉඳලා පාන්දර 5වෙනකම් ගන්න සිදුවුණා.

ඔබේ රූපයේ වෙනස් කර ගන්න අවස්ථාවක් ලැබුණොත් මොකද කරන්නේ?
(සිනාසෙමින්)---බර අඩු කර ගන්න කැමතියි.

පියුමි ඇලඩින්ගේ පුදුම පහන ඔයාට ලැබිලා ප්‍රාර්ථනා තුනක් කරන්න කිව්වොත් මොනවද කරන්නේ?
මම වැඩියෙන්ම ආදරේ කරන අම්මා, නංගි සහ පෙම්වතා හැමදාම මගේ ළගින් ඉන්න ඕන, මම කැමති විදිහෙ ලස්සන ගෙයක් සහ මම වැඩියෙන්ම ආස කරන ෆෙරාරි වර්ගයේ මෝටර් රථයක්  ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා.

කවදක හරි දේශපාලනයට පිවිසෙන්න බලාපොරොත්තුවක් තියෙනවද?
අනේ නැහැ. මම දේශපාලනයට කැමතිම නැති කෙනෙක්.

දේශපාලනය කරන අය ගැන මොකද හිතන්නේ?
දැන් දේශපාලනය ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට ඉන්නේ නිසි අධ්‍යාපනයක් නැති දේශපාලනයට කිසි ගැලපීමක් නැති පුද්ගලයින් පිරිසක් තමයි දේශපාලනය කරන්නේ.
 
මෙතෙක් කාලයකට කරපු දඟම වැඩේ මොකක්ද?
(සිනාසෙමින්)-----කරපු දඟම වැඩේ යාළුවොත් එක්ක ජොලියට කරපු වැඩක්. අපි දවසක් වාහන දෙකකින් ඇවිල්ලා එක කඩයකින් හොඳට බඩ පිරෙන්න කාලා බිල ගෙවන්නේ නැතුව පැනලා ආවා..

මේ වෙලේ මතක් කරන්න කැමති යාළුවෝ කවුද?
ගොඩක්ම ළඟින් ඉන්නේ මගේ නෑදෑයින්. නෑදෑයෝ තමයි මගේ යාළුවෝ. නම් විදියට කිව්වොත් පින්කි, මදු, නීලියා සහ අසන්ති

සැබෑ ජීවිතයත් රඟපෑමක් වෙලාද?
මෙහෙමයි ඉතින් සැබෑ ජීවිතේ රඟ පාන්න වෙන්නේ මොකක් හරි හොර වැඩක් කරන්න අම්මට බොරු කියන්න වෙද්දි තමයි.


එ කියන්නේ හොර වැඩත් කරනවා?
(සිනාසෙමින්)---- ඔව් ඉතින් කරනවනේ මේ කාලේ හොර වැඩ.

දකින්න කැමතිම සිහිනය මොකක්ද?
ඇත්තටම මම දකින්න කැමති සිහිනය මගේ විවාහ උත්සවය

හැම ගැහැණු ළමයෙක්ගෙම හීනයක් වන විවාහය පියුමි මොන විදියටද සැලසුම් කරලා තියෙන්නේ?
ඔව්. සම්ප්‍රදායන්ට සහ සංස්කෘතියට ගරු කරමින්  මම ම සැලසුම් කරලා මෙගේ මංගල උත්සවය මම ගන්නවා. මම බුද්ධාගම ඒක නිසා මම බඳින්න කැමති පන්සලේ.  මම පන්සලේදි කසාඳ බැඳලා තමයි විවාහ උත්සවය ගන්නේ.

කලා ක්ෂේත්‍රෙය් වැඩියෙන්ම කැමති කාටද?
මාලනි ෆොන්සේකා මහත්මියට සහ ඉන්දියාවේ අමිතාබ් බච්චන්ට.
 
Related Posts with Thumbnails