Ads 468x60px

.

නයි නළගන ගම කාලා රටම අන්දවපු බොරුව හෙළිවේ.

නාගයා රුපියල් 20,000කට මිලදී ගෙන තිබුණේ භාරයක් ඔප්පු කරන්නලු...

කොල්ලූපිටියේ පිහිටි සමාජ ශාලාවක නාගයෙකු සමග රංගනයක නිරත වන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගෑනීමත් සමඟ මහත් ආන්දෝලනයකට තුඩු දුන් නිරෝෂා විමලරත්න හෙවත් නළඟන පිළිබදව පසුගිය කාලය පුරාවටම මාධ්‍ය හරහා තොරතුරු රැසක් හෙළිදරව් වුනා.

පසුගිය අගෝස්තු 28 වන දා කොල්ලූපිටිය පොලීසිය මගින් ඇයව අත්අඩංගුවට ගත්තේ ඇයගේ නාගයා ද සමගිනි. ඉන් අනතුරුව ඇයට පොලිසිය විසින් නඩු පැවරුණු අතර කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නිරෝෂා විමලරත්න ඇප මත නිදහස් කෙරුනේ ඇය සතුව සිටි නාගයා දෙහිවල සත්ත්වෝද්‍යානයට යොමු කිරීවෙන් පසුයි.

කෙසේ වෙතත් ඇය මාධ්‍යයට තොරතුරු ඉදිරිපත් කර තිබුණේ ඇයගේ මව ඉන්දියානු කාන්තාවක් බවයි. නමුත් නිරෝෂා විමලරත්නගේ උප්පැන්න සහතිකයේ සඳහන් වී ඇත්තේ ඇගේ මව මෙරට උපන් සිංහල කාන්තාවක් වන වික‍්‍රමසිංහ මුදියන්සෙලාගේ ශ‍්‍රියාණි වික‍්‍රමසිංහ ලෙසයි.

නිරෝෂා මාධ්‍යයට සඳහන් කළේ ඇය 8 වන ශ්‍රේණිය දක්වා මෙරට අධ්‍යාපන හැදෑරූ බව සහ ඉන් පසුව ඉන්දියාවේ හයිද්‍රාබාද් හි අධ්‍යාපනය පිටත්ව ගිය  බවයි. 2007 වසරේ දන්තුරේ විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයෙන් ඇය සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වී ඇති බවට විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ ප‍්‍රතිඵල ලේඛනයේ සදහන්ය.

රොෂාන් - චතුරිකා ගැටුමේ හේතුව Gay කෙස් එකක්ලු.

ජාතික ප්‍රශ්ණය නොවිසදීම නිසා ඇති වුවක්ලු...

ලංකාවේ ගොසිප් වෙබ් අඩවි මේ දවස් වල වාර්ථා කරන අන්දමට ලංකාවේ ජාතික ප්‍රශ්ණය බවට පත්ව ඇත්තේ රොෂාන් පිළපිටිය සහ චතුරිකා පීරිස් අතර තිබූ සම්බන්ධය බිද වැටීමයි. 

රොෂාන් සහ චතුරිකා මේ දවස් වල වෙබ් අඩවි ඔස්සේ එකිනෙකාට මඩ ගසා ගනිමින් සිටියි. මෙම ප්‍රවෘත්තිය වාර්ථා කරන ගොසිප් වෙබි අඩවි සේම අනෙක් සියලු අයත් මේ දෙදෙනා වෙන් වන්නට හේතුව දන්නා නමුත් නොදන්නා ආකාරයෙන් හැසිරෙයි. ඒ නිසා ඇත්ත හේතුව

ලෝක විනාශයෙන් බේරීමට යෝධ කැප්සියුල හදන චීන ජාතිකයා...

ඇත්තටම ලෝක විනාශය මෙම වසරේදී සිදුවනවාද..?

මායාවරුන්ගේ ලෝක විනාශය පිලිබඳ විශ්වාස කරන පුද්ගලයන් ඒ සඳහා සූදානම් වෙද්දී චීන වැසියෙක් සුනාමි වලට ඔරොත්තු දෙන යෝධ කැප්සියුල මගින් මිනිස් වර්ගයා ගලවා ගැනීමට යයි.

වානේ රාමුවක් මත ෆයිබර්ග්ලාස් වලින් සකසන ලද මෙම කුටියක වියදම ඩොලර් 48000 ක් වන අතර ඔක්සිජන් ටැංකි, ආහාර සහ ජලය මෙන්ම කුණාටු වලදී ආරක්ෂා වීමට ආසන පටි වලින්ද යුක්ත
යි.

මීටර් 1000 ක් උස රැල්ලකදී පවා මෙම කැප්සියුලය ආරක්ෂාකාරී වන අතර පීඩනයට හොඳින් ඔරොත්තුදෙන බව මෙහි නිරිමාතෘ ලියු කියෑන් බීජිං හිදී AFP වෙත කියා තිබෙනවා.

එකවර 14 දෙනෙකු ගෙනයා හැකි පරිදි සකසා ඇති මෙහි 30 දෙනෙකුට වුවත් මාස 2ක් වත් දිවි රැකගත හැකියයි ඔහු අවධාරණය කරයි. එසේම උත්තර හෝ දක්ෂිණ ධ‍්‍රැව වල මාස 4ක් මේ තුල ශීතලෙන් ගල් නොගැසී සිටිය හැක. 2012 නම් චිත‍්‍රපටය නැරඹීමෙන් තමා මෙම ගෝල සෑදීමට පෙලඹුනු බව ඔහු කිය
නවා.

ඇත්තෙන්ම ලෝක විනාශයක් වන්නේ නම් මිනිස් වර්ගයා බේරා ගැනීමට තමන් යම් දායකත්වයක් සැපයූබව මිනිසුන් කියනු ඇතැයි ඔහු විශ්වාස කර
නවා. කෙසේ වෙතත් මේවා තවම විකුණා ගැනීමට නොහැකි වීමෙන් නිෂ්පාදනය සඳහා ලබාගත් ණය පියවීමට නොහැකිව දැන් ඔහු ලතවෙයි.

මෙසේ ලෝක විනාශයෙන් ආරක්ෂා වීමට උත්සාහ කර ඇත්තේ ලියු පමණක් නොවේ. නැගෙනහිර ජී ෂියැං ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙක්ද මෙවැනි ගෝලාකාර නෝවාගේ නෞකා 21 ක් නිපදවා යුවාන් මිලියන 5 කට විකිණීමට බලාපොරොත්තු වෙනවා.

නැගෙනහිර සින් ජියෑං පලාතේ ඩොලර් 160000 ක් වැයකර ගංවතුරෙන් බේරීම සඳහා නැවක් සාදන ලද පුද්ගලයෙක් ඇත. චීන අධිකාරීන් හා පොලීසිය මෙම ලෝක විනාශය බොරුවක් බව මහජනයාට තේරුම් කිරීමට මහත් වෙහෙසක් දර
නවා. මිත්‍යා වලට නොරැවටී විද්‍යාත්මක ලෙස සිතන්නැයි ඔවුන් ජනතාවට කියා තිබෙනවා.

නමුත් පහත සඳහන් වන්නේ ලෝක විනාශය වන බවට කී තවත් එක අනාවැකියකුයි...

ඇත්තටම ලෝක විනාශය මෙම වසරේදී සිදුවනවාද..?
ඔව්... නියත වශයෙන්ම 2012/12/21 වැනි කිවි දින ශ්‍රී ලංකා වේලාවෙන් ආසන්න වශයෙන් සවස තුන පමණ වන විට ලෝක විනාශය ආරම්භ වන බව දන්වා සිටිමි. ලෝකයේ අනිකුත් ප්‍රදේශයන්ටද එම වේලාවට සමගාමීව මෙම ලෝක විනාශය සිදු වන්නට නියමිතය. මෙය වැලැක්විය නොහැකි අනතුරකි.

එය සිදුවන්නේ කෙසේද..?

අයියේ නයි පැටියාට මගේ ළඟටම වෙලා ඉන්න ආස හිතිලද කොහෙද?

නයි පැටියා ළඟ නාග මාණික්‍යයක් තියෙනවා ඒ නිසයි මම ඌ රකින්නේ... 

මම නැතිව නයි පැටියා ගොඩක් දුකෙන් තමයි ඉඳලා තිබෙන්නේ...

"මගේ ජීවිතයේ ලොකුම බලාපොරොත්තුව ඉෂ්ට වුණා" කොල්ලුපිටියේ නයි නළඟන හෙවත් නිරෝෂා විමලරත්න මෙනෙවිය සිය නාගයාට කිරි පොවමින් පැවැසුවා. දැඩි වෙහෙසකර බවකින් යුක්තව සිටි නාගයා, නළඟනගේ තුරුලේ සුරතල් වෙමින් නිසොල්මනේ කිරි බොන දර්ශනය දැකුම්කලුය.

නාගයා රඳවා තබන ස්ථානයට දැමීමට
යොමු කළද, නාගයා නළඟන අතහැර යෑමට අදිමදි කළේය. "අයියේ නයි පැටියාට මගේ ළඟටම වෙලා ඉන්න ආස හිතිලද කොහෙද? 

මී පැටව්, හා පැටව් දුන්න කිව්වට නයාට හරියට කෑමක්වත් දීලා නැහැ වගේ. ගේ ඇඟත් ටික්ක කෙට්ටු වෙලා. මං හිතන්නේ සතුන්වත්තේ ඉඳිද්දී, තිබෙන තරහට දාලා තිබුණු කූඩුවේ දැල්වලට ගහලාද කොහෙද උගේ පෙණය හරියේ ටිකක් සීරිලා. අනේ පව්" කියා නළඟන නාගයාව සිපගත්තාය. 

නාගයා මඳ වේලාවක් නළඟන දිහා එක එල්ලයට බලාගෙන සිටියේය. නළඟනද ඇස්පිල්ලන් නොගසා නාගයා දෙස බලා සිටියාය. කුමක් හෝ දෙයක් නාගයා නළඟනට පවසනවා.

"මම නැතිව නයි පැටියා ගොඩක් දුකෙන් තමයි ඉඳලා තිබෙන්නේ. ඒක නයාගේ ඇස් දෙක දිහා බැලුවාහම කියන්න පුළුවන්" නාගයා පැවැසූ දෙය තේරුම් ගෙන සේ නළඟන පැවැසුවා.

අධිකරණ නියෝගයකට අනුව මාස 3 1/2කට පසුව නළඟනට සිය නාගයා ලැබීමෙන් අනතුරුව නළඟන සිය පළමු කාර්යය ලෙස නාගයාට කිරි පෙවීමට පටන් ගත්තා.

ලෝක විනාශය ඇත්තටම සිදුවේද...?

ටව්ටාටිස්‌ උල්කාපාතය පෘථිවිය අසලින් ගමන් කරන්නේ අදයි

එම උල්කාපාතය චන්ද්‍රිකාවක්‌ සමග ගැටීමට ඉඩ තිබෙනවාලු...
 
දෙසැම්බර් 21 වැනිදාට තව ඇත්තේ දින හයයි...

ලෝකවාසීන් මිලියන ගණනක්‌ අතර ලෝක විනාශය ගැන විවිධ මිථ්‍යා මත පැතිර යමින් පවතී. එක්‌ ප්‍රචාරයකින් කියෑවුණේ සූර්යා විසින් පෘතුවිය විනාශ කරන බවයි.

තවත් පුවතකින් පැවසුණේ ග්‍රහයෙක්‌ පෘථිවිය වෙත ගැටීමෙන් පිටසක්‌වල ජීවීන්ගේ ආක්‍රමණයක්‌ සිදුවන බවයි. ඒ නිසාම මිලියන 25 ක්‌ ඇමරිකානුවන් අවි ආයුධ රැස්‌ කරගෙන ඇතැයි නාසා ආයතනය විසින්ම හෙළි කර ඇත. 


මේ සමගම පාප් වහන්සේ ක්‍රිස්‌තියානි ජනතාව වෙතින් ඉල්ලීමක්‌ කරමින් ලෝක විනාශය නමැති මිථ්‍යා මතයට නොරැවටෙන්නැයි ඉල්ලා ඇත.

ලෝක විනාශය පිළිබඳ මායාවරුන්ගේ අනාවැකිය ගැන ගෝතමාලාවට ගොස්‌ විමර්ශනයක්‌ සිදු කළ නැෂනල් ජියෝග්‍රැක්‌ සඟරාවේ ඩිජියෝ බුහුඑල් පැවසුවේ "මායාවරුන් උමං ජලාශ ඉදිකරමින් සශ්‍රීක දිවිපෙවෙතක්‌ ගත කළ බවත් එහෙත් හදිසියේ ඇතිවූ නියඟයට මුහුණදීම නිසා අසහනකාරී තත්ත්වයට පත්වූ බවයි. 

ඔවුන් ජල දෙවියා යෑයි හඳුන්වන චොක්‌ දෙවිඳුට ළමුන්ව පවා බිලි දුන්නා. එහෙත් එම ක්‍රමවේදය සාර්ථක වූයේ නැහැ. අපි මේ උමං ජලාශ සියල්ලම නිරීක්‍ෂණයට ලක්‌ කළා"යෑයි ඔහු සිටියේය.