Ads 468x60px

.

මුස්ලිම් චිත‍්‍රපටයට සරසවි සිසුන් නිරුවත් වේ (වීඩියෝ)

නිරුවත් විරෝධතාවයට සිසුන් 25ට අධික පිරිසක්...

මහත් ආන්දෝලනයක් ඇති කර ඉස්ලාම් විරෝධි චිත‍්‍රපටයට විරුද්ධත්වය පල කරමින් පිලිපීන ශිෂ්‍යයන් විසින් නිරුවතින් මැනිලා විශ්ව විද්‍යාලය තුල විරෝධතාවයක් දියත් කර තිබෙනවා.

මෙම ‘නිරුවත් විරෝධතාවය’ට සිසුන් 25ට අධික පිරිසක් එක්වූ අතර පසුගිය සඳුදා දින එය පවත්වා ඇත. ඔවුන් විශ්ව විද්‍යාලය වටා නිරුවතින් ඇවිදිමින් තම විරෝධය ප‍්‍රකාශ කර ඇති බවත් සඳහන් වෙනවා.

තම හිස පමණක් ආවරණය කර ගනිමින් නිරුවතින්

සියඹලාන්ඩුවේ පාසලක ශබ්දයක් - පොලොවත් පැලිලා.

එවැනි සිදුවීමක් භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයට වාර්තාවෙලා නැතිලු...

අද පෙරවරුවේ මොණරාගල සියඹලාණ්ඩුව කන්දඋඩපංගුව ප්‍රදේශයේ පාසලක ශබ්දයක් සමඟ ගොඩනැගිලිවල බිම සහ බිත්තිවල ඉරිතැලීම් සිදුව ඇතැයි වාර්තා වෙනවා.

සියඹලාණ්ඩුව කන්දඋඩපංගුව විද්‍යාලයේ විදුහල්පති පි.ඩබ්ලිව්. සුදත්සිරි දර්ශන මහතා මෙම සිද්ධිය තහවරු කලා.

ආචාර්ය පදවිය ගැන අද මට ලැජ්ජයි - මර්වින්

මම මාළුවෙක් නෙවෙයි. කතා කරන ඔයා මාළුවෙක් වෙන්න පුළුවන්...

මාධ්‍යයත් එක්ක මගේ කිසිම අරෝවක් නැහැ...

මම මේ වට කැලෑ පත්තර කියන්නේ.... කවුද කිව්වෙ?.... කොහේදිද කිව්වෙ?... 


විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අරඹා තිබෙන වර්ජනය කිසිසේත් සාධාරණ ක්‍රියාමාර්ගයක් නොවන බව සඳහන් කරන ආචාර්ය මර්වින් සිල්වා නම්‍යශීලිව ක්‍රියාකර එකඟතාවට එන ලෙසත් දේශපාලන පක්ෂවල අතකොලු බවට පත් නොවන ලෙසත් පවසනවා. 

එයට අමතරව මාධ්‍යයේ හැසිරීම ගැන හා කාලීන දේශපාලන ප්‍රශ්න ගැන ඔහු මෙසේ අදහස් දැක්වූවා.

අපේ නම් දාලා ළමා දිනයේ ලොකු හොරකමක් කරලා - භාතිය සංතුෂ්

විදුහල්පතිතුමා ඇවිත් මටත්,භාතියටත් කියනවා “මම ඔයාලව දන්නේ නැහැ. 

මම ඔයාලට එන්න කිව්වෙත් නැහැ. මේ ප්‍රශ්නය මට අයිති නැහැ”යි කියලා... 

සංවිධායකයන් කියනවා “පවුනේ මේ ළමයි.මොනවා හරි කරන්න”කියලා...

ලෝක ළමා දිනය යෙදී තිබුණ ඉකුත් 01 වැනිදා ශ්‍රි ලංකා‍වේ ඉතා ජනප්‍රිය තරුණ ගායකයින් යුගළක් වන භාතිය හා සන්තුෂ් කලාකරුවන්ගේ නම විකුණමින් කුරුණෑගල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක් සිදුකළ දැවැන්ත ජාවාරමක් ගැන තොරතුරු අනාවරණය වුනා

මෙම සිද්ධිය පිළිබඳ තොරතුරු වාර්තා වීමෙන් අනතුරුව අද 04 උදේ ගායක සන්තුෂ් වීරමන් කලාකරුවා අනාවරණය කළ සිදුවීම සැකවින් මෙසේය.

Semi Final එකේ ටිකට් ඔක්කොම විකිණිලා ඉවරයි...

ඊයේ රෑ 11.30 ඉඳන් පෝලිම්වල...

අද පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේ ටිකට් මිලදී ගැනීම සඳහා කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අලෙවි කවුළුව අසල විශාල පේ‍්‍රෂක පිරිසක් මේ වනවිට රැඳී සිටින බවට වාර්තා වෙනවා

ඉතිරිව ඇති ප‍්‍රවේශපත් 3314ක් අලෙවි කරන බව අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය ඊයේ නිවේදනය කිරීමත් මෙම තත්ත්වය අද උදා වුනා. ඊයේ රාති‍්‍රයේ මෙම නිවේදනය නිකුත් කිරිමෙන් පසුව ඊයේ රාති‍්‍ර 11.30 පමණ සිට තමන් පෝලිම්වලට එක්ව සිටින බවයි එහි සිටි පේ‍්‍රක්ෂකයන් ප්‍රකාශ කර තිබෙනවා.  

බණ්ඩා‍රී‍ගේ වම්බටු මාලය නිසා අනාර්කලීට මල පනී.

ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරුන් සභාවට ආදර්ශවත් විය යුතුයි...අනර්කලී

ඉඳලා ඉඳලා මන්ත්‍රීතුමියට කතා කරන්න මතක් වුණේ වම්බටු දැක්කාම...චන්දන

දකුණු පළාත් සභා නියෝජ්‍ය සභාපති චම්ලි විදානාච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ 03 පෙරවරුවේ දකුණු පළාත් සභාව රැස්වූ අවස්ථාවේ දී දිවිනැඟුම පනත් කෙටුම්පත පිළිබද විවාදයට ගැනීමත් සමඟ විපක්ෂ මන්ත්‍රි බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා ගේ සභාවට පැමිණීම නොසන්සුන්කාරී තත්වයක් ඇති කිරීමට හේතුවුනා

ඒ වම්බටු මාලයක් පැලඳ වම්බටු කිලෝව අසූවයි කියමින් බන්දුල ලාල් මහතා සභා ගැබට පැමිණීම නිසායි

කොදෙව්වන්ගේ හෝටල් කාමරයෙන් ඇල්ලූ බ්‍රිතාන්‍ය සුරූපිනියන්...

ජනප්‍රියතම ක්‍රීඩකයකු ඇතුළු තවත් ක්‍රීඩකයන් කීපදෙනෙකුත් එක්ක තරුණියන් සිව් දෙනා මත්පැන් පානය කරමින් ඉඳලා...

ක්‍රීඩකයන් නවාතැන් ගෙන සිටින හෝටල් කාමරවලට පිටස්‌තර පුද්ගලයන්ට ඇතුළුවෙන්න බැරිලු...


සුරුපිනියන් තුන් දෙනා අත්අඩංගුවට ගැනිමෙන් පසු ක්‍රිස් ගේල්ට මල පැනලා...

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් නවාතැන් ගෙන සිටින කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක කාමරයකට ඇතුළුවී සිටි බ්‍රිතාන්‍ය ජාතික සුරූපී තරුණියන් සිව් දෙනෙකු කොල්ලුපිටිය පොලිසිය මගින් ඊයේ 03 වැනිදා අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොදෙව් කණ්‌ඩායමේ ජනප්‍රියතම ක්‍රීඩකයකු ඇතුළු තවත් ක්‍රීඩකයන් කීපදෙනෙකු සමග මෙම තරුණියන් සිව් දෙනා මත්පැන් පානය කරමින් සිට ඇති බව පොලිසිය පවස
නවා.

ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ නීති රීතිවලට අනුව ක්‍රිකට්‌ තරගාවලියක්‌ සඳහා පැමිණෙන ක්‍රීඩකයන් නවාතැන් ගෙන සිටින හෝටල් කාමරවලට පිටස්‌තර පුද්ගලයන්ට ඇතුළුවිය නොහැක.

දමිතාගේ මැණික් ගල බලන්නට ප‍්‍රසාද්ට යැවූ SMS එක.

කෙටි පණිවුඩයක් හේතුවෙන් අපූරු අල කළංචියක්..

මැණික් ගල බලන්නට අතුරුගිරියේ පෝරේ හංදියේ ඉසුරු විමන නම් ස්ථානයට එන්න කියලා...

සහය අධ්‍යක්ෂවරයෙකු වන සසංක ඉඳුනිල් විසින් සරසවිය පුවත්පතේ මාධ්‍යවේදීයකු වන ප‍්‍රසාද් සමරතුංගට දමිතා අබේරත්නට මැණික් ගලක් ලැබුණු බව පවසමින් එවූ කෙටි පණිවුඩයක් හේතුවෙන් අපූරු අල කළංචියක් වී ඇතැයි අප වෙත වාර්තා වෙනවා.

අදාල කෙටි පණුවුඩය අනුව ප‍්‍රසාද්, දමිතාගේ මැණික් ගල බලන්නට ඇය ඒ වන විට සිටින බව පැවසූ අතුරුගිරියේ පෝරේ හංදියේ ඉසුරු විමන නම් ස්ථානයට ගොස් තිබේ.

ප‍්‍රසාද්ට එම ස්ථානයට ලගාවත්ම මෙතන සිදුවන්නේ කුමක්දැයි ඉවෙන් මෙන් වැටහී තිබේ.දමිතාට මැණික් ගලක් ලැබුණු බවට සසංක, ප‍්‍රසාද්ට කෙටි පණිවුඩයක් එවා ඇත්තේ

මම රට යන්නේ ඉගෙන ගන්න කිව්වේ වැරදිලා - මාලක

අධ්‍යාපනික ශිෂ්‍යත්වයක් සඳහා විදේශ ගතවන බව කිව්වේ වැරදීමකින්...

විදේශගත වීමට බලාපොරොත්තු වන්නේ පෞද්ගලික සංචාරයක් සඳහායි...

තමා විදේශගත වීමට බලාපොරොත්තු වන්නේ අධ්‍යාපන ශිෂ්‍යත්වයක් සඳහා නොව පෞද්ගලික සංචාරයක් සඳහා බව අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත්, මාලක සිල්වා මෝසමක් මගින් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

මාලක සිල්වා වෙනුවෙන් කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත මෝසම ඉදිරිපත් කළ ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා සඳහන් කළේ, පසුගියදා ඔහු අධ්‍යාපනික ශිෂ්‍යත්වයක් සඳහා විදේශ ගතවන බව සඳහන් කළේ වැරදීමකින් බවයි.

මෙම කරුණු සළකා බලා මේ මස 10 වැනිදා සිට ලබන නොවැම්බර් මස 20 වැනිදා දක්වා කාල සීමාව තුළ විදේශ ගතවීමට අවස්ථාව ලබාදෙන ලෙස අදාල මෝසමෙන් මාලක සිල්වා මහතා ඉල්ලා සිටියා
.