Ads 468x60px

.

කොදෙව්වන්ගේ හෝටල් කාමරයෙන් ඇල්ලූ බ්‍රිතාන්‍ය සුරූපිනියන්...

ජනප්‍රියතම ක්‍රීඩකයකු ඇතුළු තවත් ක්‍රීඩකයන් කීපදෙනෙකුත් එක්ක තරුණියන් සිව් දෙනා මත්පැන් පානය කරමින් ඉඳලා...

ක්‍රීඩකයන් නවාතැන් ගෙන සිටින හෝටල් කාමරවලට පිටස්‌තර පුද්ගලයන්ට ඇතුළුවෙන්න බැරිලු...


සුරුපිනියන් තුන් දෙනා අත්අඩංගුවට ගැනිමෙන් පසු ක්‍රිස් ගේල්ට මල පැනලා...

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් නවාතැන් ගෙන සිටින කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක කාමරයකට ඇතුළුවී සිටි බ්‍රිතාන්‍ය ජාතික සුරූපී තරුණියන් සිව් දෙනෙකු කොල්ලුපිටිය පොලිසිය මගින් ඊයේ 03 වැනිදා අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොදෙව් කණ්‌ඩායමේ ජනප්‍රියතම ක්‍රීඩකයකු ඇතුළු තවත් ක්‍රීඩකයන් කීපදෙනෙකු සමග මෙම තරුණියන් සිව් දෙනා මත්පැන් පානය කරමින් සිට ඇති බව පොලිසිය පවස
නවා.

ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ නීති රීතිවලට අනුව ක්‍රිකට්‌ තරගාවලියක්‌ සඳහා පැමිණෙන ක්‍රීඩකයන් නවාතැන් ගෙන සිටින හෝටල් කාමරවලට පිටස්‌තර පුද්ගලයන්ට ඇතුළුවිය නොහැක.


එම නීති රීති උල්ලංඝනය කරමින් මෙම බ්‍රිතාන්‍ය ජාතික තරුණියන් කොදෙව් ක්‍රීඩකයන් සමඟ සිටිනු දුටු පොලිස්‌ නිලධාරීන් වහාම ඔවුන් අත්අඩංගුවට ගෙන කොල්ලුපිටිය පොලිසියට රැගෙන ගොස්‌
තිබෙනවා.

පසුව කොදෙව් කණ්‌ඩායම භාර නිලධාරීන් පිරිසක්‌ මැදිහත්වී
කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් සමග සාකච්ඡා කර මෙම ප්‍රශ්නය සමථයකට පත්කරගෙන තිබෙනවා.

එම නිලධාරීන් තම ක්‍රීඩකයන්ට අවවාද කරන බව පවසා අත්අඩංගුවේ සිටින බ්‍රිතාන්‍ය ජාතික තරුණියන් මුදාහරින ලෙස කොල්ලුපිටිය පොලිසියෙන් ඉල්ලීමක්‌ කර
තිබෙනවා.


ඒ අනුව එම බ්‍රිතාන්‍ය ජාතික තරුණියන්ට තදින්ම අවවාද කර ඔවුන් පොලිස්‌ ඇප මත මුදාහැරීමට පොලිසිය කටයුතු කර
තිබෙනවා.


 
Related Posts with Thumbnails