Ads 468x60px

.

මෙදා සැරේ හෂිනිගේ ඩාන්සින් පාට්නර් වෙන්නේ උදාරලු...

සුරාජ්ගේ කකුල් දිගේ කූඩැල්ලෝ යනවා හෂිනි දැකලා...

රියැලිටි වැඩසටහනකින් ආපු හෂිනි ගෝනගල කියන්නේ ලස්සනට නටන්න පුළුවන් දක්ෂතා තියෙන කෙනෙක්නේ. වැඩිය සද්දයක් බද්දයක් නැති හින්දම අද අපිට හිතුණා හෂිනි ගැන හොයලා බලන්න.

හෂිනි මේ දවස්වල ආයෙම නටන්න පුරුදු වෙනවලු. ඒ දෙරණ සිටි ඔ‍ෆ් ඩාන්ස් එකට. දුෂ්‍යන්ත්ගේ ඩාන්සින් පාට්නර් විදිහටනේ හෂිනිව අපි දැන ගත්තේ. මෙදා සැරේ හෂිනිගේ ඩාන්සින් පාට්නර් වෙන්නේ උදාරලු.

ඒ දේවල් එහෙම වෙද්දි සනත් ගුණතිලක මහත්මයාගේ චිත්‍රපටියකටත් හෂිනිට ආරාධනා ලැබිලා තියෙනවා කියලයි අපිට නම් දැනගන්න ලැබුණේ.

“අම්මෝ මං රඟපාද්දි හරියට වරදිනවා. ඒකයි මං කැමති නැත්තේ” හෂින් වැඩිය රඟපාන්නෙ නැත්තේ ඇයි කියලා ඇහුවම එයා දුන්නේ ඔන්න ඔය වගේ උත්තරයක්. හැබැයි ඒකෙන් එයා අදහස් කරපු දේනම් ටිකක් හිතාගන්න අමාරුයි. 

පබාත් හිටපු සැමියාත් සමඟි වෙයි - නඩුව අවසන්.

හිංසා නොකරන බවට සැමියාගෙන් පොරොන්දුවක්...

පාර්ලිමේන්තු මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියට පහර දුන්නේ යැයි ඇගේ හිටපු සැමියාට පවරා ඇති නඩුව සමථයකට පත් කර ගැනීම සඳහා දෙපාර්ශ්වය අධිකරණයේදී ඊයේ එකඟ වුණා.

නඩුව සමථයකට පත් වීම සඳහා පැමිණිලිකාරිය
වන උපේක්ෂා ස්වර්ණමාලිට යළි හිංසාවක් නොකිරීමට හිටපු සැමියා එකඟ වුණා. සමථයකට පත්වීම නිසා නඩු කටයුත්ත අවසන් කෙරුණා.

පෙට්‍රල් වලට තිත - වේගවත් බැටරි කාරය මෙන්න

බැටරියෙන් සැතැපුම් 190 ක් දුර යා හැකියි

විද්‍යුත් මගින් ධාවනය වන ලොව වේගවත්ම මෝටර් රථය පසුගිය දා එළිදැක්වුණා.

ඇමරිකාවේ ඩිට්‍රොයිට් ඉලෙක්ට්‍රික් නම් සමාගමක් විසින් නිපදවා ඇති මේ මෝටර් රථයේ නම සදහන් වන්නේ එස්.පී 01 ලෙසය. මේ මෝටර් රථය 999 ක් වැනි සීමිත ප්‍රමාණයකින් නිපදවීමට නිෂ්පාදකයන් තීරණය කර
තිබෙනවා. මෝටර් රථයේ මිල සදහන් වනුයේ ඇමරිකානු ඩොලර් 135”000 ක් ලෙසටය.

එන්ජිමක් වෙනුවට විදුලි මෝටර පද්ධතියක් ඇති සම්පූර්ණයෙන්ම වියළි කෝෂ ආධාරයෙන් ජව ගැන්වෙන මේ මෝටර් රථයේ උපරිම වේගය පැයට සැතැපුම් 155 කි. තත්පර 3.7 ක් ඇතුළත 0 සිට පැයට සැතපුම් 60 ක් දක්වා වේගය අත්කර ගැනීමටද මේ කාරය සමත් බව  සදහන්ය.