Ads 468x60px

.

පබාත් හිටපු සැමියාත් සමඟි වෙයි - නඩුව අවසන්.

හිංසා නොකරන බවට සැමියාගෙන් පොරොන්දුවක්...

පාර්ලිමේන්තු මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියට පහර දුන්නේ යැයි ඇගේ හිටපු සැමියාට පවරා ඇති නඩුව සමථයකට පත් කර ගැනීම සඳහා දෙපාර්ශ්වය අධිකරණයේදී ඊයේ එකඟ වුණා.

නඩුව සමථයකට පත් වීම සඳහා පැමිණිලිකාරිය
වන උපේක්ෂා ස්වර්ණමාලිට යළි හිංසාවක් නොකිරීමට හිටපු සැමියා එකඟ වුණා. සමථයකට පත්වීම නිසා නඩු කටයුත්ත අවසන් කෙරුණා.

2011.02.16 දින උඩහමුල්ලේ නිවසේ දී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියට පහර දී බරපතළ තුවාල සිදු කළැයි මහේෂ් ච‍මින්ද මහතාට චෝදනා ඉදිරිපත් වී
තිබුණා. නඩුව ටෙලි නාට්‍යයක් සේම නිම වූ බව නුගේගොඩ මහෙස්ත්‍රාත් අජිත් එම්.මාසිංහ මහතා සඳහන් කළා.

වසරක දෙකක ආසන්න කාලයක් තිස්සේ නඩුව අධිකරණය හමුවේ වාර ගණනාවක් ම කැඳවි
තිබුණා.
 
Related Posts with Thumbnails