Ads 468x60px

.

දිලීකාගේ මරණයට සැබෑ හේතුව ලෙබනනයේ විසූ රංජිත්ද

මාරවිල දිලීකාගේ සිරුරේ කැබලි ලෙබනනයේ කසළ ගොඩකින් හමුවුණේ කෙසේද ? 

ඩවුරා යනු ලෙබනනයේ මුහුදුබඩ නගරයකි. පසුගිය මාර්තු පස්වනදා හෝ ඒ ආසන්න දිනයෙක එම ඩවුරා නගරවාසීන් මහත් කම්පාවට ලක් කළ දසුනක් විය. 

ඒ එහි කසළ ගොඩක කාන්තා හිසක් සහ ඉඟටියෙන් ඉහළ සිරුරු කොටසක් දක්නට ලැබිමෙනි. මෙම සිරුරේ දෑත් හෝ දෙපා කොටස් දක්නට නොතිබිණ. එය යාන්ත්‍රික කියතකින් කොටස්වලට කපන ලද්දක් බව දුටුවන්ගේ මතය විය.

එම සිරුරු කොටස් දැනට වසර එකොළහක් තිස්සේ ලෙබනනයේ සේවය කරන ගෘහ සේවිකාවකගේ බව හඳුනා ගන්නා ලදී. පසුව ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීමේදී ඇය මාරවිල, මහවැව උතුරු තොඩුවාවේ ඉපදී හැදී වැඩුණු අවිවාහක තරුණියක වන තිස් දෙහැවිරිදි  නානායක්කාර වර්ණකුලසූරිය දිලීකා මධුෂානි පෙරේරාගේ බව අනාවරණය විය.

සිරුර ගල් වීමේ අතිශය විරල රෝගී තත්වයෙන් පෙළෙන දැරියක්.

සිරුර ගල් ගැසීම සාමාන්‍යයෙන් මරණයෙන් පසු සිදුවන්නක් වුවද ජීවත්ව සිටියදී වුවද මිනිසෙකු කිසිදු චලනයක් නොපෙන්වන ගලක් හෝ ප්‍රතිමාවක් වැනි තත්ත්වයකට පත් වීමේ ඉතාම විරල රෝගී තත්ත්වයක් පවතින බැව් ඔබ දැන සිටියාද? 

ඔහායෝ ප්‍රාන්තයේ වෙසෙන සය හැවිරිදි “ඇලී මැකේන්” දැරියද “Fibrodysplasia Ossificans Progressiva” (FOP) නොහොත් සාමාන්‍ය ව්‍යවහාරයේදී “ගල් මිනිසා” සංකූලතාව ලෙස හඳුන්වනු ලබන අතිශය විරල රෝගී තත්ත්වයෙන් පෙළෙන්නෙකි.

සිරුරේ පේශීන් හා සන්ධි සියල්ල කාලයාගේ ඇවෑමෙන් ඝන අස්ථි බවට පරිවර්තනය කරනු ලබන මෙම රෝගී තත්ත්වයෙන් පෙළෙන්නවුන් දැනට ලෝකයෙන් හමුවී ඇත්තේ හත්සියයක් වැනි සුළු සංඛ්‍යාවක් වන අතර ඇලීද ඒ ගොන්නට එකතු වීමට තරම් අවාසනාවන්ත වූවාය. 

'ගොසිප් ලංකා' වෙබ් අඩවියට මොකද වෙන්නේ.

ශ‍්‍රී  ලංකාවේ ජනප‍්‍රියතම  පුවත් වෙබ් අඩවිය වන 'ගොසිප් ලංකා නිවිස්' (gossiplankanews.com) වෙබ් අඩවිය තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන් මේ වන විට ඇණ හිට තිබෙනවා.

වෙබ් අඩවිය නැරඹීමේදී තාවකාලිකව මතුවෙමින් තිබෙන තාක්‍ෂණික දෝෂ ඉක්මනින් යථා තත්ත්වයට පත් කොට සුපුරුදු පරිදි පාඨයකින් හමුවට එන බව එහි සංස්කාරක මණ්ඩලය දැනුම් දී සිටි
නවා.