Ads 468x60px

.

කේට් රජ කුමරිය නිරුවත් කලේ පැපරාසි ගැහැනියක්.

රාජකීය යුවළ රිසි සේ විනෝද වන අන්දම බලන්න හොඳට හැකියාව තිබුණා...

ඉතා පැහැදිලිව සිරුර පෙනෙන සේ සිටීම ගැන ඇය මිට වඩා සැලකිලිමත් විය යුතුයි..

මහා බ්‍රිතාන්‍යයේ බකිංහැම් මාලිගය පැත්තෙන් මේ දිනවල එක දිගට ඇසෙන්නේ මාලිගයේ ඇත්තන්ගේ නිරුවත් ඡායාරූප පුවත්පත්වල පළවූ ප්‍රවෘත්තිය. බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි පරපුරේ තෙවැනියා වන්නේ හැරී කුමරුයි. 

ඇෆ්ගනිස්ථානයේ යුද සේවයේ යෙදී සිට නිවාඩුවකට පැමිණ ඇමෙරිකාවේ ලාස්වේගාස්හි දී තරුණියන් කීපදෙනකු සමඟ හැරී කුමරු නිරුවතින් සිටිමින් විනෝද වෙන අයුරු පසුගියදා ලොව පුරා වෙබ් අඩවි සහ පුවත්පත් සිසාරා යහමින් ප්‍රචාරය වූයේය.

ඒ සියල්ල බකිංහැම් මාලිගය ඉවසා දරාගෙන සිටියදී කුමරු වෙනුවෙන් යම් යම් දෙනා ප්‍රකාශ නිකුත් කළහ. සියල්ල යටපත් කරමින් කුමරු යළිත් ඇෆ්ගනිස්ථානයේ යුද සේවය සඳහා නික්ම ගියේය. 

ඉන්පසු යළිත් පුවත්පත්වල කුමරු ගැන සඳහන් වූයේ ඔහු සේවයේ නිරත හමුදා අනුඛණ්ඩය සිටින කඳවුරට තලේබාන් ප්‍රහාරයක් එල්ලවීමත් සමඟයි. තලේබානුන් හැරී කුමරු ඝාතනය කරන බවට දිව්රා පොරොන්දු වී සිටිය දී සිදුවූ මේ ප්‍රහාරයෙන් කුමරු නිරුපද්‍රිතව බේරිණ.

ඉන් ගතවූයේ සතියයි. බකිංහැම් මාලිගයේ ඇත්තියක ගේ නමක් නිරුවත් ඡායාරූප සමඟ ඈඳුණා.

එක රටක් සමාජ ස්ථර දෙකක්...

අර්ධ වනචාරී පසුගාමී ගෝත්‍රික රාජ්‍යක් වන ශ්‍රී ලංකාවේ සමාජ ස්ථර දෙකකි. මේ සමාජ ස්ථර දෙක සඳහා නීතිය යුක්තිය ක්‍රියාත්මක වන්නේ දෙආකාරයකටය. මේ දේශයේ සමාජ සාධාරණයක් නැත. බලය ඇති එකා සෑම විටම දිනන්නෙකි.

මේ රටේ පහත්ම තැන සිට ඉහලම ස්ථානය දක්වා මිනිසුන් පෙළීම , හිංසනය , අපයෝජනය , දුෂණය සිදු වන අතර ඒ සම්බන්ධයෙන් නීතියක් යුක්තියක් ක්‍රියාත්මක නොවේ. පාසල් ළමුන්ට පහර දීමට තමන්ට අයිතියක් ඇතැයි ගුරුවරු සිතති, විශ්ව විද්‍යාලයට එන නවකයන්ට හිංසනය කිරීමේ අයිතියක් ඇති බවට  විශ්ව විද්‍යාල සිසුහු විශ්වාස කරති. 

අපි මාලක සිල්වා මහතාට අපේ ප්‍රණාමය පුද කරමු.

හොඳට ම සූර් වී සිටි හමුදා නිලධාරියා අහිංසක මාලක ඇතුළු පිරිසට හොඳට ම පහර දීලාලු...

එසේ පහර දුන්නා මදිවාට බොරුවට ඔහුම රෝහල්ගත වී දැඩි සත්කාර ඒකකයේ ගිමන් හැර ඔවුන්ගේ කීර්ති නාමයට ද කැළල් කරලා..

කොළඹ හෝටලයක රථ ගාලේ වැටී තිබී අසුලා ගත් රිවෝල් වරයක් සහ ජංගම දුරකථනයක් ඇමති මර්වින් සිල්වා මහතාගේ පෞද්ගලික ලේකම්තුමා ද පුතා ද වන මාලක සිල්වා මහතාගේ රියදුරු මහතා විසින් පොලිසියට ගෙනැවිත් භාර දී තිබේ. 

ඒවා හමුදා බුද්ධි අංශ නිලධාරියෙකුට අයත් බව පසුව වාර්තා විය. මේ සද්කාර්ය එම රියදුරා විසින් කරන ලද්දේ ඔහුගේ හාම්පුතාගේ මඟ පෙන්වීම අනුව බව කිවයුතු නොවේ. එහෙයින් අපි මාලක සිල්වා මහතාට අපේ ප්‍රණාමය පුද කරමු.වාර්තා වී ඇති අන්දමට එම හෝටලයෙහි රාජකාරී කරමින් සිටි බුද්ධි අංශ නිලධාරීයෙකු හිටි හැටියේ රෝගාතුරුව රෝහල්ගත කර තිබේ. 

ඊට හේතුව හිමිදිරියේ සීතල දරා ගැනීමට