Ads 468x60px

.

දුමින්ද අත්අඩංගුවට ගැනීමට සියල්ල සූදානම්

වෙඩි වැදීමෙන් තුවාල ලබා විදේශගතව ප‍්‍රතිකාර ලබමින් සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයාගෙන් කරුණු විමසා ඇතැයි වාර්තාවේ. නීතිපතිවරයාගේ ලැබෙන උපදෙස් මත දුමින්ද සිල්වා මන්තී‍්‍රවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුව කියා සිටී.

මේ දිනවල දකින රුවැත්තිය - මේනකා පීරිස්


මේ දිනවල රිදී තිරයේ තිරගත වෙන ”කිව්වද නහී නොකිව්ද නහී”චත‍්‍රපටයේත් පුංචි තිරයේ විකාශය වෙන ”මං ආසයි පියාඹන්න” ටෙලි නාට්‍යයේත් ප‍්‍රධාන චරිතය නිරූපණය කරන ඇය, රංගනයෙන්, නර්තනයෙන් මෙන්ම නිවේදිකාවක් ලෙසින්ද කාගේත් අවධානයට ලක්වූ රුවැත්තියකි. ස්වර්ණවාහිනී රූපවාහිනිය ඉදිරිපත් කළ ”ඩාන්ස් ස්ටාර් ඩාන්ස්” තරගයේ අනු ශූරතාව හිමිකරගත් ඇය, මැක්ස් රූපවාහිනියේ නිවේදිකාවක් ලෙස කලා දිවියට අවතීර්ණ වූවාය.”සයිලෝනා” ටෙලි නාට්‍යයේ මිනෝලාගේ චරිතයෙන් රංගනයට පිවිස ඇය, ”අපි අපි වගේ, කප් සුවහස් කල්, මොණරතැන්න” වැනි ටෙලිනාට්‍ය රැසක රංගනයෙන් දායක වූවාය. රංගනයට අමතරව මේ දිනවල ස්වර්ණවාහිනියේ වැඩසටහන් නිවේදිකාවක් ලෙසින් ද ඇය කටයුතු කරන්නීය.

දෙතොල මත දෙතොල මත තබා සිප ගන්නා බැනරය ගලවයි

ඉතාලි වතිකානුවට අයත් කස්තෙල්ලෝ සාන්ත අන්ජලෝ පාලම මත එල්ලා තිබූ බැනරයකට වතිකාන පූජකවරුන්ගේ දැඩි විරෝධය එල්ල විය. ජෝසප් රට්සින්ගර් පාප්තුමන් හා ඊජිප්තුවේ ප‍්‍රධාන ඉස්ලාම් පූජක (ඉමාම්) අහමඞ් අල් තයිබ් පූජකතුමන් දෙතොල මත දෙතොල මත තබා සිප ගන්නා විශාල ඡුායාරූපයක් එම බැනරයේ මුද්‍රණය කොට තිබිණි. ලෝක ප‍්‍රකට ඉතාලි සමාගමක් වන යුනයිටඞ් කලර් ඔෆ් බෙනටන් ආයතනය ඡුායාරූප දෙකක් එක්කොට එම බැනරය සදා තිබිණි.

පියුමි - අමිල ප‍්‍රදීපාගාරයක තනිවෙලා

ජනපි‍්‍රය නිළි පියුමි බොතේජු හා ජනපි‍්‍රය නළු අමිල අබේසේකර පසුගිය දිනක මාතර දෙවුන්දර පිහිටි ප‍්‍රදීපාගාරයේ තනිවී සිටි බව වාර්තා වේ.
මොවුන් මෙලෙස තනිවී ඇත්තේ හර්බට් රංජිත් පීරිස් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද ‘එක්ටම් ගේ’ සිංහල චිත‍්‍රපටය ටෙලිනාට්‍යකට නැගීමේ රූගත කිරීමක් සඳහා බව පැවසේ.ඉරේෂ් ලොකුබණ්ඩාර ‘එක්ටැම් ගේ’ටෙලියේ අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කරන අතර පසුගියදා එහි අඩංගු ගීතයක රූගත කිරීම් දෙවුන්දර ප‍්‍රදීපාගාරයේදී සිදු විය.

ලොකු සාදු අතවර කළ පොඩි සාදුට තුවාල සිදුවී රෝහලේ

දස හැවිරිදි සාමණේර හිමිනමක් අපයෝජනයට ලක්කළ බව කියන හතලිස් තුන්වියැති හිමිනමක් වැල්ලව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් බුද්ධි ශ‍්‍රී රාගල මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.සාමණේර හිමිනම දානයකට වැඩම කළ අවස්ථාවක දී සිය විහාරස්ථානයට කැඳවාගෙන ගොස් සැකකාර හිමිනම විසින් විටින්විට මේ අපරාධය සිදු කර ඇතැයි පොලිස් මූලික පරීක්‍ෂණ වලින් හෙළිවී තිබේ.

සරත් ෆොන්සේකා මහතාට වසර තුනක බරපතල වැඩ සහිත සිර දඬුවම්

සුදු කොඩි සිද්ධියට අදාළ නඩුවේ වරදකරු බවට පත්කරමින් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට වසර තුනක බරපතල වැඩ සහිත සිර දඬුවමක් හා රුපියල් 5,000 ක දඩ මුදලක් කොළඹ මහාධිකරණ ති‍්‍ර පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මීට සුළු මොහොතකට පෙර නියම කළහ. රුපියල් 5,000 දඩ මුදල නොගෙවන්නේ නම් ඊට තවත් මාස 6ක සිර දඬුවම් කාලයක් ද ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළහ.මෙම තීන්දුව ප‍්‍රකාශයට පත්වූයේ ති‍්‍ර පුද්ගල විනිසුරු මඩුල්ලේ දිපාලි විජේසුන්දර (සභාපති විනිසුරු), ඉසෙඞ්. රෂින් යන මහත්ම මහත්මීන්ගේ ඒකමතික තීරණය මත වන අතර ඩබ්ලිව්. ටී. එම්.පී.බී. වරාවැව මහතා ෆොන්සේකා මහතා චෝදනාවලින් නිදොස් කොට යුතු බව පෙන්වා දුන්නේය.

ඉතා සූක්ෂම ලෙස අන්තර්ජාලයෙන් රහස් ක්‍රමයකට විදෙස් ඇමතුම් ලබා දීලා

අන්තර් ජාලය ඔස්සේ රහස් විදුලි සංදේශ ක්‍රමයක් සකසා ග්‍රාහකයන්ට විදෙස් ඇමතුම් ලබාදෙමින් සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරු ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාවෙන් බලපත් ලබා නොගෙන වත්තල ශ්‍රී වික්‍රම මාවතේ අංක 13 ස්ථානයේ මේ ජාලය සකසා ස්ථාපිත කර තිබුණු බව පොලිසිය පවසයි.

අයිශ් අභිෂේක් පුංචි දුවට වෙලාව අනුව ගැළපෙන්නේ කේ අකුරින් එන නමක්ලූ.

අයිශ්චර්යා රායිට ලැබෙන්නේ දුවෙක්ද පුතෙක් ද? මෙච්චර කාලයක් හැමෝටම තිබ්බේ ඔය ප‍්‍රශ්නෙනේ. ඒකට උත්තරයක් වගේම බච්චන් පවුලට වාසනාවත් අරගෙනයි ඊයේ පුංචි දූසිඟිත්තිය ඉපදුනේ. බච්චන් පවුලේ හතරවැනි පරම්පරාව නියෝජනය කරන ඇය හරිම වාසනා වන්තියක්. අම්මගෙයි තාත්තගෙයි ආදරේ නිතරම බලාපොරොත්තු වෙන ඇය ගොඩාක් දක්‍ෂ වගේම නිර්මාණශීලි කෙනෙක්ලූ. ඒ විතරක් නෙමේ ඇය යන්නේ දෙමාපියන්ගේ අඩිපාරේ කියලයි දෛවඥයෝ කියලා තියෙන්නේ. ඒ කියන්නේ මේ පුංචි අයිශ්චර්යත් කවද හරි නිළියක්. දැන් ඊළඟට ඔබ හිතන්නේ අයිශ්චර්යයි අභිෂේකුයි පුංචි දුවට මොනවගේ නමක් තියයි ද කියලනේ. ඉපදුනේ වෙලාව අනුව නම් ඇයට ගැළපෙන්නේ කේ අකුරින් එන නමක්ලූ.

ෆේස්බුක් හමුවෙන් විවාහ කැර ගන්නා බව පවසා හෝටලයකදි නිරුවත් ඡායාරූප අරන්


ෆේස්බුක් සමාජ වෙබ් අඩවියෙන් මිත‍්‍ර වු අයකු තමාගේ නිරුවත් පින්තූර පළකරන බවට ජංගම දුරකතනයෙන් තර්ජනය කැර තමාගෙන් අයුතු ප‍්‍රයෝජන ගැනීමට සුදානම් වී යැයි අගලවත්තේ ගුරුවරියක කොළඹ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කළාය.ඇය විවාහ කැර ගන්නා බව පවසා බම්බලපිටියේ හෝටලයකදි තම නිරුවත් ඡායාරූප ගත් ඔහු ඇගෙන් රුපියල් එකොළොස් දහසක් දෙවරකදී ඉල්ලාගත් බව පොලිසිය කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය කීවේය.එම පුද්ගලයා ඇයට දුන් දුරකතන ඇමතුම් විස්තර ඉදිරිපත් කරන ලෙස මහේස්ත‍්‍රාත් දුරකතන සමාගමට නියෝග කළාය.