Ads 468x60px

.

අද ඉඳන් රේඩියෝ එක මෙන්න මෙහෙම ටියුන් කරන්න

අද සිට ගුවන් විදුලි නාලිකා අලුත් මුහුණුවරකින්....

ගුවන් විදුලි නාලිකා රට වටා විකාශය කිරීමේදී භාවිතා කරන විවිධ සංඛ්‍යාත වෙනුවට එක නාලිකාවක් සඳහා දිවයිනටම එකම සංඛ්‍යාතයක් ලබාදීමට ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

සංඛ්‍යාත 87 සිට 107 දක්වා පරාසය තුල දැනට ගුවන්විදුලි නාලිකා 43 ක් ක්‍රියාත්මක වන අතර එම හේතුවෙන් ඇතැම් පළාත්වලට කිසිදු නාලිකාවක් හරියාකාරව ශ්‍රවනයනොවීම මෙයට හේතුව ලෙස සඳහන් කොට තිබෙනවා.


ඒ අනුව නොවැම්බර් පළමු වෙනිදා සිට දිවයින් පුරා සංඛ්‍යාත භාවිතා කල ගුවන් විදුලි නාලිකා සඳහා මුළු දිවයින වෙත ආවරණය වන සේ සංඛ්‍යාත පරාස දෙකක් ලබාදී තිබෙනවා.

මීට පෙර නාලිකා දෙකක් අතර තිබූ 0.2 ක සංඛ්‍යාත වෙනස 0.3 දක්වා වැඩි කර ඇත. අප වෙත දැනගන්නට ලැබී ඇති පරිදි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ඊයේ එම සංඛ්‍යාත නිල වශයෙන් නිකුත් කරනු ලැබුවා
විකාශය වන ගුවන් විදුලි නාලිකා වල නව සංඛ්‍යාත පරාස මෙසේය.

87.5 සිට 108 MHz දක්වා පරාසයන් තුල එම නාලිකා
අද සිට වෙනස් වන්නේ පහත පරිදිය.

1. Lite FM - 87.6 හෝ 87.8
2. රන් FM - 88.1 හෝ 100.5
3. E FM - 88.3
4. සිංහ FM - 88.6 හෝ 88.8
5. ඉසිර TNL FM - 89.1 හෝ 89.3
6. සිටි FM - 89.6
7. සිටි FM/Gemidiriya - 89.8
8. Pirai FM/Wayamba/Jaffna Regional Service - 90.1
9. Vettri FM - 90.4 හෝ 90.6
10. ෂා FM FM - 90.9 හෝ 91.1
11. Alai FM - 91.4
12. Sinhala National Service - 90.7 හෝ 91.9
13. FM දෙරණ - 92.2 හෝ 92.4
14. Y FM - 92.7
15. Gold FM - 93.0 හෝ 93.2
16. ලක් හඬ - 93.5 හෝ 93.7
17. VIP Radio - 94
18. වෙළඳ සේවය - 94.3 හෝ 94.5
19. නෙත් FM - 94.8 හෝ 95.0
20. මැක්ස් රේඩියෝ - 95.3
21. රිදම් FM - 95.6 හෝ 95.8
22. හිරු FM - 96.1 හෝ 96.3
23. කිරුළ FM - 96.6
24. Kiss FM - 96.9
25. Real Radio - 97.1
26. English Services - 97.4
27. English/Dabana/Kothmale community- 97.6
28. Cri (අන්තර්ජාතික චීන රේඩියෝ සේවය) - 97.9
29. සියත FM - 98.2 හෝ 98.4
30. Sun FM - 98.7 හෝ 98.9
31. TNL Rocks - 99.2
32. Red FM - 99.5 හෝ 99.7
33. ශ්‍රී FM - 100.0 හෝ100.2
34. රන් FM - 100.5
35. Yes FM - 100.8 හෝ 101.0
36. බෞද්ධයා ගුවන්විදුලිය - 101.3 හෝ 101.5
37. සෙත් FM (Negombo)/TNL Radio - 101.8
38. Tamil National Service - 102.1 හෝ 102.3
39. Vasantham FM - 102.6 හෝ 102.8
40. Global Radio - 103.1
41. Sooriyan FM - 103.4 හෝ 103.6
42. Shakthi FM - 103.9 හෝ 104.1
43. රන්ගිරි ශ්‍රී ලංකා FM - 104.4 හෝ 105.7
44. Thendral - 104.7 හෝ 104.9
45. ලක්විරු FM - 105.2 හෝ 105.4
46. ලක් FM - 106.0 හෝ 106.2
47. සිරස FM - 106.5 හෝ 106.7
48. V FM - 107.0
49. කඳුරට/රජරට/රුහුණු/ඌව/Vidula/ක්‍රීඩා සේවය - 107.3 හෝ 107.5
50. Tamil Service - 107.8
 
Related Posts with Thumbnails