Ads 468x60px

.

රාජ්‍ය භාෂා කොමසාරිස් ධුරය ස්ත්‍රී දූෂකයෙකුට...

රජයට පරිවර්තන සැපයීම, රාජ්‍ය නිලධාරීන්ගේ භාෂා කුසලතා වැඩි දියුණු කිරීම සහ පාරිභාෂිත ශබ්ද මාලා, භාෂා පෙළපොත් සහ ශබ්ද කෝෂ පිළියෙල කිරීම ආදී කටයුතු වලට 1958 දී පිහිටවනු ලැබූ  රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ධුරයට මේ තාක් පත් කරනු ලැබුවේ ප්‍රවීණ විද්වතුන් නමුත් සියලුම සම්ප්‍රදායන් කඩා බිඳ දමමින් රාජ්‍ය භාෂා කොමසාරිස් ධුරයට නමගිය බේබද්දෙකු සහ  ස්ත්‍රී  දූෂකයෙකු පත් කොට තිබේ.  

මෙසේ පත්වීම් ලැබුවේ ජේ . ඩී. සී ජයසිංහ  ( ජාවිගොඩගේ දොන් චාල්ස් ජයසිංහ)  නොහොත්  මුද්දරගම කුකුල් චාලි නමැති ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ගරුත්වය සහමුලින්ම පහත හෙලන ලද දේශපාලන බත් ගොට්ටේකි. 

 
ආචාර්ය නන්දදේව විජේසේකර වැනි ගෞරවනිය උගතුන් හෙබවූ මෙම  ධුරයට ස්ත්‍රී දුෂණ සහ ළමා අපචාර පිලිබඳ චෝදනා ලබා සිටින සුරා ධුර්තයෙකු පත් කිරීම පිළිබඳව  රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අප්‍රසාදය පල කරති.

ජේ . ඩී. සී ජයසිංහ විසින් 1999 වසරේදී මිනුවන්ගොඩ රෝහලේ කම්කරු රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වෙමින් මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේ පදිංචිව සිටි මල්දෙනියගේ ප්‍රියදර්ශනී නම් තරුණිය බලහත්කාරයෙන් දුෂණය කොට තිබේ. 


මෙම සාපරාධි ලිංගික අතවරයෙන් පසුව  1999 නොවැම්බර් 2 දින මල්දෙනියගේ ප්‍රියදර්ශනී වස පානය කිරීමෙන් දිවි නසා ගත්තාය. ඇයගේ මරණයත් සමගම ස්ත්‍රී දුෂණය යට ගැසීමට ජයසිංහ සමත් විය. 

එසේම මොහු තම දරුවන් ගෙන යාම සඳහා ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට පැමිණි අවස්ථාවේදී වැඩිහිටි සිසුවියකගේ පියයුරක් මිරිකීම නිසා  ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනී A.H.A ජයවර්ධන මහත්මිය විසින් ඔහුට තරයේ අවවාද කරන ලදී. 

මෙම ළමා අපචාර සිද්ධිය ගම්පහ පොලිස් ස්ථානයට දෙමාපියන් විසින් දැනුම් දුන්නද ඔහු එවකට ගම්පහ ප්‍රබල දේශපාලකයෙකු වූ රෙජි රණතුංග ගේ උපකාරයෙන් කිසිදු චෝදනාවක් නොලබා ගැලවී යාමට සමත් විය.

මොහු කුරුණෑගල නියෝජ්‍ය තැපැල්පති ලෙස සේවය කරන කාලයේදී ද විවාහක කාන්තාවකට බලපෑම් කිරීමට ගොස් ඇයගේ සැමියාගෙන් පහර කෑමට ලක් වූ බවද කුරුණෑගල නියෝජ්‍ය තැපැල්පති කාර්යාලයේ නිලධාරීහු පවසති. 

ජේ . ඩී. සී ජයසිංහ වනසම්පත් හා පාරිසරික අමාත්‍යංශයේ සිටියදී සිදු කරන ලද මුල්‍ය වංචාවක් නිසා එවකට වනසම්පත් හා පාරිසරික අමාත්‍යංශයේ උසස් නිලධාරියෙකු වූ රත්නදාස මිල්ලවිටිය මහතාගේ පැමිණිලි කිරීම මත හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා විසින් ජේ ඩී සී ජයසිංහව නින්දිත ලෙස තම අමාත්‍යංශයෙන් පළවා හරින ලද පුද්ගලයෙකි.

සදාචාරාත්මක උගතුන්ට දොර වැසෙන මේ රටේ දැන් තැන තිබෙන්නේ සුනිල් සාරුවා , ජේ . ඩී. සී ජයසිංහ නොහොත්  මුද්දරගම කුකුල් චාලි වැනි  වනචරයන්ටය.

 - දර්ශනී විමලසුරිය
 
Related Posts with Thumbnails