Ads 468x60px

.

පියුමි සහ රේමිගේ පෙම් කතාව විවාහය දක්වා දුරදිග ගිය හේතුව මෙන්න...

යාළුවෙකුගේ උත්සවයකදී තමයි මුලින්ම අපි දෙන්න හමුවුණේ...

ඒ ඇසුර ප්‍රේමයකට පෙරළුණා...

පසුගිය මාර්තු 12 වැනිදා අපේ තවත් නිළියක් පතිකුලයට පිවිසුණා. ඇය පියුමි පුරසිංහ. පියුමිගේ අතගත් මනාලයා වුණේ රේමි රාජ් ලාල්. පියුමි සහ රේමි විවාහය පැවැත්වුණේ සිනමන් ‍ලේක් සයිඩ් හෝටලයේ චම්පි සිරි වර්ධන හැඩ ගැන්වීම් සිදුකල අතර අභිෂේක මණ්ඩපය මනාලයාගේ ඇඳුම් නිර්මාණය කළා. 

කේක් හා මංගල ඇරයුම්පත් සැරසිලි කටයුතු ක‍ලේ “යොවුත්මා” විසිනි. 11 වැනිදා විවාහයට එළැඹෙන නවයුවල 14 වැනිදා මනාලයාගේ නිවසේදී දෙවැනි ගමනේ උත්සවය පවත්වලා ඉන්පසුව 15 වැනිදා සිංගප්පූරුව බලා පිටත්ව ගියේ සති දෙකක නිවාඩුවක් ගත කිරීමට. 

පියුමිට ආදරේ කරන රසික හිතවතුන් මේ උදාවූ සුබ මොහොත ගැන පියුමිත් එක්ක සතුට සමරන්න එකතු වන බව  අපි දන්නවා. ඒ වගේම පියුමිගේ අතගත් මනාලයා ගැන තොරතුරු. දෙදෙනාගේ විවාහය හා අනාගතය ගැන වැඩිදුර විස්තර දැනගන්නත් ආශාවෙන් ඉන්න බව අපි දන්නවා. 

ඒ හින්දාම අපි හිතුවා උදා වූ සුබ හෝරාවේ පියුමි අමතන්න. මංගල උත්සවයේ  කාර්යබහුල බව හින්දා පියුමිව එකතු කරගන්න බැරි වුණත් ඇගේ මනාලයාව එකතු කරගන්න අපිට පුළුවන් වුණා. මංගල උත්සවයේ තොරතුරු ගැන ඔහු අපට පැවසුවේ මේ විදියට.

නාරාහේන්පිට කේටරින් සර්විස් එකක බත් පාර්සලයේ ගොළුබෙල්ලෝ දෙන්නෙක්..

ගෝවා වැංජනයේ මැරිච්ච ගොළුබෙල්ලන් දෙන්නෙක්...

කුඩා ගොළුබෙල්ලන් දෙදෙනකු සහිත බත් පාර්සලයක් අලෙවි කළ බව කියන කේටරින් සර්විස් අයිති කරුවෙකුට මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් එල්. ලියනආරච්චි මහත්මිය රු. 5000ක දඩයක් ඊයේ (18) නියම කළා.

මෙසේ දඩ නියම කෙරුණේ නාරාහේන්පිට ප්‍රදේශයේ කේටරින් සර්විස් හිමිකරුවෙකුටය.


අහිතකර ලෙස ආහාර පිළියෙළ කිරීම හා මනුෂ්‍ය පරිභෝජනයට නොසුදුසු ආහාර මනුෂ්‍ය පරිභෝජනයට ඉදිරිපත් කිරීම යන චෝදනා දෙක යටතේ මෙම කේටරින් සර්විස් අයිතිකරු කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අංශය මඟින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (18) ඉදිරිපත් කර තිබුණා.

පුංචි සම්පත් පාසිකුඩා මුහුද පත්ලේ සැඟව ගියේ කාගේ වරදින්ද...?

මගේ දරුවා උන්නද මළාද කියලා හොයල බලල නැහැ... 

දරුවා ගැන මීට වඩා හොයල බැලුවා නම් මගේ පුතා අදත් ජීවතුන් අතර... 
-මියගිය සම්පත්ගේ මව කියයි

සුදෝ සුදුවතින් සැරසී පුංචි සම්පත් පොත් මිටිය තුරුලු කරන් දෙවැට දිගේ දිවවිත් කඩුල්ල පැන නිවසට ආවේ නැවුම් බලාපොරොත්තුවක්‌ ඇතිවය. ගෙට ගොඩ වූ විගස අම්මේ අපේ ඉස්‌කෝලෙන් ට්‍රිප් එකක්‌ යනවා මටත් යන්න ඕන. 

පුංචි සම්පත් එක හුස්‌මට කියා ගෙන ගියේ අම්මාත් තාත්තාත් කුමක්‌ කියයිදෝ යන දෙගිඩියාවෙනි.

පුංචි දරුවාගේ ආයාචනය කෙසේ නම් ඉවතලන්නද පියා ජයලත් එතරම් කැමැත්තක්‌ දැක්‌වූයේ නැත.මව දමයන්තිගේ සිත දරු දුකෙන් උණු විය. අනේ ඔන්න ඔහේ ගියදෙන්. තවත් ගොඩාක් ළමයි යනවානේ. 

මවගේ කාරුණික වදන් පුංචි සම්පත්ට ගෙනාවේ නිම් හිම් නැති සතුටකි. ඒ සතුට පාසිකුඩා මුහුද පත්ලේ සැඟව යනු ඇතැයි මව්පියන් මොහොතක්‌ වත් නොසිතුවේය.