Ads 468x60px

.

දෙරණ 360 වැඩසටහනෙ දිල්කාට මරණ තර්ජන ආවේ මෙහෙමයි.

ඔබතුමා විවාහවෙන්න අදහසක් නැද්ද...?

මගෙ නම් අදහසක් තියෙනවා. දිල්කාගේ අදහස කොහොමද...?

‘දෙරණ 360’ වැඩසටහන බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ කාලීන දේශපාලන සංවාදාත්මක වැඩසටහනක්. මෙය ඉදිරිපත් කරන දිල්කා සමන්මලී වැඩසටහන අතර ආරාධිතයන්ගෙන් ඔවුන්ට එල්ල වී ඇති චෝදනා ගැන සෘජුවම විමසනවා. 

පසුගියදා ‘දෙරණ 360’ට සහභාගි වූ ස්වාමීන් වහන්සේ නමකගෙන් උන්වහන්සේට එල්ල වී ඇති චෝදනා ගැන මේ අයුරින් විමසීම  නිසා දිල්කාට මරණ තර්ජන එල්ල වූ බවත් ඇය නීතියේ පිහිට පතන්නට ඉදිරිපත් වූ බවත් අපට ආරංචි වුණා. 

ඒ ගැන විමසන්න අප දිල්කාට කතා කළා. අදාළ සිදුවීම ගැන වගේම එදා මෙදා තුර ‘දෙරණ 360’ තුළ වූ සිදුවීම් ගැන තොරතුරු රැසක් ගැන අපි මෙහිදී දිල්කා සමග කතා කළා.

රසිකයෙක් නිසා පිංපොං රෝහලේ...

‘පිංපොං’ කිව්වහම කවුරුත් ඔහුව හඳුනනවා. උප්පැන්නයේ නම රජිත හිරාන් චාමිකර වුවත් ‘පිංපොං'ට ප්‍රේක්ෂකයින් ගෙන් ලැබෙන ප්‍රතිචාර ඉහළයි. මේ නිසාම බොහෝ නළු නිළියන්ට මෙන් පිංපොංටත් රසික ජනතාවගෙන් අඩුවක් නැහැ. පසුගිය දවසක රසිකයෙක් නිසා පිංපොංටත් රෝහලට යන්න සිදු වූ පුවතක් අපිට ආරංචි වුණා.

“වයස අවුරුදු හතළිහක පමණ රසිකයෙක් සතියකට වතාවක් අපේ ගෙදර එනවා. මම ගෙදර ඉන්න වෙලාව බලලා තමයි ඔහු එන්නේ. ඇවිත් ඔහුගේ පාඩුවේ කොරිඩෝවේ පුටුවකට වෙලා ඉඳගෙන ඉන්නවා. මම අහන දේට පිළිතුරු දෙනවා. වැඩිය කතාබහ කරන්නෙත් නැහැ. මේ රසිකයා උදේ ඉඳල හවස් වනතුරුම ඉඳගෙන ඉන්නවා. 


මටත් ඉතින් රසිකයෙක් හින්දා හිත රිදෙන්න මොකුත්ම කියන්න බැහැනේ. ඉතින් මේ රසිකයාට අපි කෑම බීමවලින් පවා සංග්‍රහ කරනවා. දවසක් ඔහු ආ වේලාවක මට හදිස්සියේ මළ ගෙදරකට යන්න සිද්ධ වුණා. මේ රසිකයත් බලෙන්ම වගේ මාත් එක්ක මේ මළ ගෙදරට ආවා.”

කරුණාදාස කොඩිතුවක්‌කු මහතාගේ පලතුරු වලින් පිරුණු අපූරු පොසොන් දන්සල

වසරක්‌ පාසා මම රුපියල් ලක්‍ෂ 30 -35 ක පමණ මුදලක්‌...

ඇපල්, මුද්දරප්පල්ලම්, අන්නාසි, ගස්‌ලබු, පැණිකොමඩු රඹුටන් සහ කෙසෙල්වලින් පිරුණු අපූරු පොසොන් දන්සලක්‌ පිළිබඳව පසුගිය පොසොන් දවසේ අප වාර්තා වුනා.

මෙම අපූරු දන්සල පවත්වාගෙන ගියේ කිරිබත්ගොඩ මාකොළ පාරේ තැඹිලිගස්‌මුල්ල හන්දියට නුදුරින්ය. මෙම දන්සලේ අයිතිකරු වූයේ ප්‍රසිද්ධ රෙදිපිළි ව්‍යාපාරිකයකු වූ කරුණාදාස කොඩිතුවක්‌කු මහතාය. මෙම දන්සලේ පලතුරු විශාල වශයෙන් ගබඩාකර තිබූ අතර එම භූමියේම බත් දන්සලක්‌ සහ අයිස්‌ක්‍රීම් දන්සලක්‌ ද පිහිටා තිබුනා.

අක්‌කර 1 1/2 ක භූමියක පවත්වාගෙන ගිය මෙම අපූරු දන්සල් සංකීර්ණය මෙසේ පවත්වා ගෙන යනු ලබන්නේ 13 වරට බව කරුණාදාස කොඩිතුවක්‌කු මහතා අප කළ විමසීමකදී පැවසුවා.

පොසොන් දවසේ උදේ සිට පසුදින පාන්දර එක වනතුරු පැවැත්වෙන මෙම දන්සලට ඇදී එන පිරිස්‌ අතර ගම්පහ, නිට්‌ටඹුව, දිවුලපිටිය ඇතුළු ඒ අවට පදිංචිකරුවෝ ද වුනා.

කළු කුමාර දිෂ්ටිය යවන්න යට ඇඳුම් ගලවා දමා කෙම කල කපුවාට වැඩ වරදී..

තරුණිය පමණක් දේවාලය තුළ තිරය පිටුපසට අරන්...

ඇඟේ පැය භාගයකට වැඩි කාලයක් තෙල් ගාලා අතගාලා...

කළුකුමාර දෝෂය දුරු කර ගැනීමට දේවාලයක පිහිට පතා ගෙන ගිය තරුණියට අතවර කිරීමට තැත් කළැයි කී කපුවකු ඊයේ (27) අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසනවා.

නිරතුරුවම සෑදෙන උදරයේ වේදනාව, හිනෙන් බයවීම නිසා ඥාතියකු මාර්ගයෙන් දුර බැහැර ප‍්‍රදේශයක දේවාලයකට ගිය තරුණිය එම දේවාල කපුවා ආරූඪයෙන් පැවසූ ප‍්‍රතිකර්මය කිරීම සඳහා පොල්ගස් ඕවිට ප‍්‍රදේශයේ දේවාලයකට ගිය දෙවන දිනයේ දී මෙම අතවරය වී ඇතැයි පොලිසිය
පවසනවා.

සැකකාර කපුවා තරුණියට පළමු දවසේ තෙල් වර්ගයක් ඇඟ ගිල්වීමෙන් අනතුරුව රතු පාටට හුරු පැදුරක්, රතු රෙද්දක්, පාට හතකින් යුත් චීත්ත රෙද්දක්, පාට හතකින් යුත් මල්, එක නැට්ටේ දෙහි ඇතුළු විවිධ දෑ ඇතුළත් ලැයිස්තුවක් ලබාදී කෙම්මුර දිනයක නා පිරිසුදු වී පැමිණෙන ලෙස දන්වා ඇතැයි තරුණිය කළ පැමිණිල්ලේ සඳහන් වෙනවා.

කපුවාගේ උපදෙස් පරිදි ඔහු ලවා භාණ්ඩ ලැයිස්තුවේ සියලූම භාණ්ඩ රැගෙන සහෝදරයාත් සමග දේවාලයට ගිය තරුණිය පමණක් දේවාලය තුළ තිරය පිටුපසට ගෙන යට ඇඳුම් ගලවා

දිවි සුරැකුම් යන්ත‍්‍රය අකි‍්‍රය කර මැන්ඩෙලාට මිය යෑමට ඉඩ දෙනවාද...?

මැන්ඩෙලා ගැන අවසන් තීරණය පවුලේ අය අතේ - වෛද්‍යවරු

දකුණු අපි‍්‍රකා හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා සති දෙකකට ආසන්න කාලයක් සිහිසුන්ව දිවි සුරැකීමේ යන්ත‍්‍රයකට සම්බන්ධ කරනු ලැබ සිටින බැවින් ඔහු ගැන අවසන් තීරණයක් ගත යුත්තේ ඔහුගේ පවුලේ අය යැයි වෛද්‍යවරු පවසති.

මැන්ඩෙලාට ප‍්‍රතිකාර කරන ජොහැන්නස්බර්ග් නුවර වෛද්‍යවරුන් පවසන්නේ, සිහිසුන්ව සිටින මැන්ඩෙලා මේ වනවිට ජීවත් වන්නේ එම යන්ත‍්‍රයේ ආධාරයෙන් බවත් කොතරම් කල් ගියත් ඔහුගේ තත්ත්වය යහපත් නොවනු ඇති බවත්ය. 


දිවි සුරැකුම් යන්ත‍්‍රය අකි‍්‍රය කර ඔහුට මිය යෑමට ඉඩ දෙන්නේ නම් එය තීරණය කළ යුත්තේ ඔහුගේ පවුලේ අය බව වෛද්‍යවරුන් ප‍්‍රකාශ කළේ ඊයේ (27) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

සුදර්ශනගේ පෙම්වතිය දොස්තරවරියක්ලු...

මෑතකදී තිරගතවූ 'අභිනික්මන' සිනමා සිත්තම හරහා සිනමවට බට ජනප්‍රිය යොවුන් නළු සුදර්ශන බණ්ඩාරගේ පෙම්වතිය දොස්තරවරියක් බව අප වෙත වාර්තා වෙනවා.

ඇය මීට පෙර වේදිකා නිළියක් ලෙසද කටයුතු කළ තැනැත්තියක් බවත්, සුදර්ශන හා හාදකම ඇතිවී ඇත්තේ ඇය නිළියක්ව සිටි අවදියේ බවත් පැවසෙනවා. කෙසේවුවද මොවුන් දෙදෙනා මේදිනවල විවාහයට ලක ලැහැස්ති වන බවද මේ අතර වාර්තා වෙනවා.

සුදර්ශනගේ උපන්දිනයදා ගත් ඡායාරූප පෙළක් පහතින්.

ආර්ථික අවපාතයෙන් එංගලන්තයේ ගණිකාවන්ගේ ගාස්‌තු පහලට බැහැලා...

හේතුව විදේශ ශිෂ්‍යාවනුත් ගණිකාවෝ වෙලා...

ඩෙබී බටහිර එංගලන්තයේ වාසය කරන කාන්තාවකි. ඇය අබිසරු ලියකි. ඇය ගණිකා මඩමක්‌ පවත්වාගෙන යන්නේ කුලියට ගත් තට්‌ටු නිවාසයකය. 

ඇය දිනකට ගනුදෙනු කරුවන් දෙදෙනකුට හෝ තිදෙනකුට සේවා සපයයි. නමුත් මීට වසරකට පෙර ඇය දිනකට ගනුදෙනුකරුවන් අටක්‌ හෝ නවයක්‌ සතුටු කළාය.නමුත් වර්තමානයේ ආර්ථික අර්බුදය නිසා ලොව පැරණිතම රැකියාවද අර්බුදයකට ලක්‌ව තිබෙනවා. එම නිසා ඩෙබී සිය ගාස්‌තුවද අඩුකර තිබෙනවා.

පොසොන් කූඩුවට ලැබුණු තෑග්ග ගත්තට විදුහල්පතිනිය ශිෂ්‍යයාට වේවැල් පහර 20ක්‌ ගහලා

පළාත් සභා මන්ත්‍රීවරයෙක්‌ ගුරුතුමිය දණගස්‌සවයි... 

තවත් ශිෂ්‍යයෙක්‌ විදුහල්පතිතුමාට පහර දෙයි... 

විවෘත විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක්‌ අංශ ප්‍රධානි නිලධාරිනියට පහර දෙයි

යන පුවත්වල උණුසුම තවමත් දොන්කාර දෙද්දී අසන්නට ලැබුණු තවත් අනුවේදනීය කතාවක්.

"පාසලේ නම කියනකොට පොසොන් කූඩු තරගයේ ත්‍යාග මුදල් ගන්න උඹ වේදිකාවට නැග්ගේ ඇයි දැයි අසමින් විදුහල්පතිනිය මට වේවැල් පාරවල් 20 ක්‌ පමණ ගැසුවා" 

යෑයි දොඩන්ගොඩ නවෝද්‍යා මහා විද්‍යාලයේ විදුහල්පතිනියගෙන් පහර කෑමට ලක්‌ වී කළුතර නාගොඩ මහ රෝහලේ 5 බී වාට්‌ටුවේ ප්‍රතිකාර ලබන 11 වසරේ ඉගෙනුම ලබන 15 හැවිරිදි ඉෂාර ජයලත් සිසුවා ඊයේ (27 වැනිදා) දහවල් අපත් සමඟ පැවසුවා. මේ කතාව ගැන තව දුරටත් කරුණු පැහැදිලි කළ ඉෂාර ජයලත් ශිෂ්‍යයා මෙසේද පැවසුවා.

දොඩන්ගොඩ පොසොන් කූඩු තරගයක්‌ පැවැත්වුණා. මම තරගයට ඉදිරිපත් වීමට දොඩන්ගොඩ පොලිස්‌ ස්‌ථානාධිපතිතුමා හමුවුණා. ඔහු මට අයෑදුම්පත්‍රයක්‌ දී විදුහල්පතිනියගේ මාර්ගයෙන් ඉදිරිපත් කරන්නැයි කීවා. මං විදුහල්පතිනියගෙන් අවසර ලබාගෙන

පින්තුරයක කතාව...

මේ දැක්වෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ සිසුන් පිරිසක්  විසින් මහපාරේ කරන විරෝධතාවයකි. 

සිසුන් හැට දෙනකුගේ පන්ති තහනම ඉවත් කරන්නැයිද ඔවුන්ගේ ශිෂ්‍ය භාවය අහෝසිකිරිම වහා ඉවත් කරන්නැයිද, සිසු මර්දනය වහා නතර කරන්නැයිද, පෞද්ගලික විශ්ව විද්‍යාල විවෘත නොකරන්නැයිද ඔවුහු ඉල්ලති. ලංකාවේ විශ්වවිද්‍යාල වලට ගොස් අධ්‍යන කටයුතු වෙනුවට මහපාරේ කාලකන්නි වන මේ ශිෂ්‍ය ජිවිත කිසිම හැකියා වර්ධනයකින් තොරව උපාධි නිම කොට රජයේ රැකියා සිඟමන් අයදිති. 

භාෂා දැනුම පරිගණක දැනුම, නායකත්ව හැකියා නොමැති මේ අයාලේ ගිය මෙම මානව සම්පත පුද්ගලික අංශයේ විධායක නිලධාරීන් හඳුන් වන්නේ සෝම්බි හෙවත් ජිවත්වන මළවුන් ලෙසටය. එම නිසා මේ සෝම්බි වරුන්ට පුද්ගලික අංශයේ රැකියා දොර වසා තිබේ. 

බ්‍රසීලයේ UFO එකක් ලෙස බොහෝ දෙනා රැවටී තිබුණු ඩ්‍රෝන යානාව...

බ්‍රසීලයේ Sao Paulo නුවර විරෝධතා වල නිරතවූ දහස් ගණනක් ජනයාට පසුගියදා දැකගත හැකිවූයේ වලාකුළු අතරින් සිග්-සැග් ක්‍රමයට අහසේ සැරිසරන දීප්තිමත් එළියක් සහිත හඳුනා නොගත් පියාසර වස්තුවකි. පසුදිනම එය යූටියුබ් වෙත එක්වූයේ UFO එකක් ලෙසයි.

නමුත් එම නගරයේ පිහිටා ඇති Folha TV මඟින් විකාශය කළ වීඩියෝවකින් දැක්වුනේ කැමරාවක් සවිකළ දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක වන ඩ්‍රෝන යානාවකින් ගත් වීඩියෝ දර්ශනයි. ඒ අනුව UFO එකක් ලෙස බොහෝ දෙනා රැවටී තිබුනේ එම ඩ්‍රෝන යානාවටයි.

එහි පින්තුර සහ වීඩියෝ පහතින් 

නෙහාරා පෙරපාසල් ගුරු පාඨමාලාවක් හදාරන්නේ නිළිකම අත්හරින්නද...?

සීයට අනන්තයක් මේනක මට හොඳටම ගැළපෙනවා - නෙහාරා

රයිගම් ටෙලිස් සම්මාන උළෙලේ මෙවර හැර සිවු වසරක් ජනපි‍්‍රයම නිළිය සම්මානය දිනාගත් නෙහාරා පීරිස්, ජනප්‍රිය ළු මේනක රාජපක්ෂ සමග විවාහ වීමෙන් පසුව නිළි කමින් ඈත් වීමට සූදානම් වන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අප වෙත වාර්තා වෙනවා.

නෙහාරා නිළිකමින් ඈත්වී පෙර පාසලක් ආරම්භ කිරීමට යන බවත් පැවසෙනවා. කෙසේවුවද ඇය නිවේදන කටයුතු අත්නොහැර සිදු කිරීමටද තිරණය කර ඇති බවත්, මේදිනවල පෙරපාසල් ගුරු පාඨමාලාවක් හදාරණ බවත් වාර්තා වෙනවා.

අලුත්ගම ගනේගම අනාරක්‍ෂිත දුම්රිය වෑන් රථ ගැටුමේ ඇත්ත කතාව...

අලූත්ගම, ගනේගම අනාරක්‍ෂිත දුම්රිය හරස්‌ මාර්ගය හරහා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක්‌ (25 වැනිදා) රාත්‍රි දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් වෑන් රථයේ ගමන් කළ හයදෙනෙක්‌ මියගොස්‌ තවත් පස්‌දෙනකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කරනු ලැබූ පුවතක් අප ඔබ වෙත ගෙන ආවා. එහි මියගිය පිරිස තොරණ්‌ බැලීම සඳහා වෑන් රථයෙන් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇතැයි අලුත්ගම පොලිසියට පෙරේදා (25 වැනිදා) රාත්‍රි තොරතුරු ලැබී තිබුනා. 

එහිදී මියගිය පිරිස දොඩන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මියගිය පිරිස අතර වයස අවුරුදු හතළිහක පමණ කාන්තාවන් දෙදෙනකු, ගැහැණු දරුවන් තිදෙනෙක්‌ සිටින බව අලුත්ගම රෝහල් ප්‍රකාශකයකු පැවසුවා.අනතුරට පත් මෙම පිරිස ඥාතීන් බවටද හඳුනාගෙන තිබෙනවා

වල්ගම හන්දියේ මෝටර් රථයක බල්ලන් එක්ක අඩ නිරුවතින් රැයක් ගතකල කෙල්ල කවුද

මාතර, ගාලු පාරේ වල්ගම හන්දියේ wp KC 2050 දරණ සුඛෝපභෝගී මෝටර් රථයක බල්ලන් එකොළහක් පමණ නංවාගත් කතක් වීදුරුව වසාගෙන ඊයේ (25) හවස සිට අද (26) උදේ 8.30 පමණ වෙනතුරු සිටි බව පැවසෙනවා. ඊයේ සවස එම ස්ථානයට පැමිණ නැවතූ රථයේ සිටි බල්ලන්ගේ සහ කාන්තාවගේ හැසිරීම සැක සහිත වූ බැවින් අවට වාසීන් එම රථයේ රෝදවල හුළං යවා ඒ පිළිබඳව පොලිසියට දැනුම් දුන් බව මාතර පොලිසියේ ඉහල නිලධාරියකු පැවසුවා.

කෙසේවුවද කාන්තාව රථයෙන් බිමට බැස නැත. රථයේ ආසන සියල්ල බල්ලන් විසින් සපා ඉරා දමා තිබූ අතර ඉඳහිට මෙම කාන්තාව රියදුරු අසුන පැත්තේ වීදුරුව පහත් කලද ඒ සමග රථය තුළින් ඉවසිය නොහැකි දුඟඳක් වහනය වී
තිබෙනවා.

ඇය හැඳ සිටියේ ඉතා කෙටි රෙදිකඩක් වැනි වස්ත්‍රයක් බැවින් ඇගේ දෙපා සම්පූර්ණයෙන් නිරාවරණය වී තිබි ඇති අතර ඇගේ නිරුවත් දෙපා දැකබලා ගැනීමට ප්‍රදේශයේ තරුණයින් පොරකා තිබෙනවා.

මෙරටදී ඝාතනයට ලක්‌වූ බ්‍රිතාන්‍ය ජාතිකයාගේ සොහොයුරා කතා කරයි...

මගේ සොයුරාගේ පෙම්වතිය අතවරයකට ලක්‌කර මාස 18ක්‌...

තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ, හෝටලයක ලැගුම් ගෙන සිටි  බි‍්‍රතාන්‍ය ජාතික කුරාන් යෙන් නමැති 27 හැවිරිදි අයෙකු ඝාතනය කිරීම සහ ඔහුගේ බිරිඳ වන වික්‌ටෝරියා නමැති 24 හැවිරිදි කාන්තාවට බරපතළ තුවාල සහිතව ලිංගික අතවර සිදු කල පුවතක් අප ඔබ වෙත ගෙන ආවා.

එසේ ඝාතනයට ලක්වූ කුරාන් යෙන් නැමති බි‍්‍රතාන්‍ය ජාතිකයාගේ සොහොයුරු වන නසීර් ෂායික්‌ මහතා මේ සම්බන්දයෙන් කර ඇති අදහස්‌ දැක්‌වීමක්‌ ඇතුළත් නිවේදනයක්‌ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලය මගින් ජනමාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

අවුරුදු 32 ක්‌ වූ තම සොහොයුරු බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂායික්‌ ශ්‍රී ලංකාවේදී ඝාතනය වී ඔහුගේ පෙම්වතිය අතවරයකට ලක්‌කර මාස 18ක්‌ ගතවී ඇතත් දීර්ඝ කාලයක්‌ මුළුල්ලේ කෙරුණු පරීක්‍ෂණ හැරෙන්නට චෝදනා ගොනු කිරීමක්‌ සිදුව නැතැයි ඔහු පවසනවා.

එම නිවේදනයේ මෙසේද දැක්‌වෙනවා. 

මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතා ඝාතනය කිරීමට නියෝග දුන්නන් තවමත් නිරුපද්‍රිතව

මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර 1978–1988 අතර කාලයේ කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති ලෙස කටයුතු කල විශිෂ්ඨ බුද්ධිමතෙකි. එතුමා ඝාතනය කිරීම සඳහා නියෝග දුන් කිහිප දෙනෙකු අද ශාස්ත්‍රඥයන් ලෙස බැටළු සම් පොරවාගෙන සමාජය ඉදිරියේ පෙනී සිටින බව මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ ඥාතීන් පෙන්වා දෙති.

1988 - 1989 භීෂණ සමයේ ජවිපෙ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය සමග එක්ව ක්‍රියා කල මොවුන් ඝාතන කටයුතු වලදී ඝාතකයන්ගේ උපදේශකයන් ලෙස ක්‍රියා කොට තිබෙන බවට දැන් හෙළිවෙමින් පවතී.  මොවුන් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ බුද්ධි මණ්ඩලය ලෙස ක්‍රියා කොට ඇති අතර ස්ටැන්ලි විජේසුන්දර වැනි විශ්ව විද්‍යාල මහාචාර්යවරු ඝාතනය කිරීම සඳහා උපදෙස් දී ඇත.

කෞතුකාගාරයේ තිබු පාරාවෝ පිළිමය ඇවිදින හැටි මෙන්න (වීඩියෝ)

ඊජිප්තුවේ පිරමීඩයක් තුලින් සෙයාගනු ලැබූ පාරාවෝ පිළිමයක් කෞතුකාගාරයක් තුළ ප‍්‍රදර්ශනය සදහා තබා තිබියදී ඇවිදිමේ සිදුවීමක් එංගලන්තයේ මැන්චෙස්ටර් නගරයෙන් අප වෙත වාර්තා වෙනවා.

ඔසිරිස් නම් මිසර දෙවියා වෙනුවෙන් නම් කර තිබු මෙම පිළිමය මැන්චෙස්ටර් කෞතුකාගාරයේ පසුගිය වසර 80 පුරාවටම ප‍්‍රදර්ශනය කෙරී ඇති අතර මෑතකදි එහි පිහිටීම වෙනස්වී තිබීම ගැන සැක කල කෞතුකාගාරයේ නිළධාරියෙකු විසින් එම පිළිමය ගැන විමසිල්ලෙන් සිට ඇත. පසු දිනයේදිද ඔහු විමතියට පත් කරමින් පිළිමය නැවත වතාවක් තම පිහිටීම වෙනස් කර ඇති බව දුටු කෞතුකාගාර නිළධාරියා එම පිළිමය පිහිටි ප‍්‍රදේශය ආවරණය කරන ආරක්ෂිත කැමරා පද්ධතිය නැවත නිරීක්ෂණය කර තිබෙනවා.

ඇස් ලොකු දිලිනි පාසල් ගුරුවරියක ලෙස රගන අලුත්ම ටෙලිය (පින්තූර)

කේෂත්‍රෙය් ඇස් ලොකු දිලිනි ලෙස ජනප්‍රිය දිලිනි ලක්මාලි නැවතත් පාසල් යවන්නට වසන්ත මොරගොඩ සමත්ව ඇතැයි වාර්තා වෙනවා.

වසන්ත මෙසේ දිලිනි, පාසල් යවන්නේ ඔහුගේ අලුත්ම ටෙලියටය. දිලිනි, වසන්තගේ අලුත්ම ටෙලියේ පාසල් ගුරුවරියක ලෙස රගන බව පැවසෙනවා.

ඇයට 'ප්‍රතිරූ' චිත්‍රපට රංගනයෙන් පසුව චිත්‍රපට රංගනයට නම් ආරාධනා නැතත්, ඇය රංගනයෙන් දායක වූ මුතු පලස ටෙලිය මේ දිනවල විකාශය වෙමින් තිබෙනවා.ඇගේ පින්තූර කිහිපයක් පහතින්.

ජීවිත පූජාවන් දෙකක් දෙස නැවත හැරී බැලීමක් - මෙතෙක් නොලියැවුණු ආවර්ජනයකි...

ක්වන්ග් ඩක් හිමියන්ගේ ජීවිත පූජාවට වසර 50ක් සපිරෙයි. බෝවත්තේ ඉන්දරතන හිමියන්ගේ ජීවිත පූජාවට මාසයක් සපිරෙයි, මේ ලිපිය ඒ සිදුවීම් දෙකේ මෙතෙක් නොලියැවුණු ආවර්ජනයකි.

සම්පුර්ණ විස්තරය මෙතනින්.

පියා මස්සිනා ඇතුළු පවු‍ලේම පිරිමින් අතින් සමුහ දුෂණයට ලක්වූ දියණියකගේ කතාව...

මගෙන් මුකුත් අහන්න එපා... 

මට හැම කෙනෙක්ම කරදර කරලයි තියෙන්නේ...

අප මේ ජීවත් වන්නේ තිරිසන් සමාජයකදැයි ප්‍රශ්න කරන්නට දැන් කාලය එළඹී ඇති බව අප බොහෝ දෙනෙකුට අමුතුවෙන් කිව යුත්තක් නොවේ. 

ඒ තිරිසනුන් වත් නොකරන තරම් තිරිසන් වැඩ මේ සමාජයේ අරක්ගෙන සිටින තිරිසන් මනුෂ්‍යයන් අතින් දැන් දිගින් දිගටම සිදුවන බැවිනි. තිරිසනුන් පිළිබඳ මෙවන් පූර්ව කථනයක් කරන්නට සිදුවන්නේ තමන්ට ජාතකව උපන් දියණියක් පියකු විසින් වසර ගණනාවක් තිස්සේ අතවරයට ලක් කිරීමක් පිළිබඳව නැවත වරක් මේ ධර්මද්වීපයේ කොනකින් ඇසෙන්නට වූ  බැවිනි.  

දිනපතා පුවත්පතක් ගතහොත් එහි ප්‍රවෘත්ති කියවනවිට දියණියන් පියවරුන් අතින් අතවරයට ලක්වීම් මේ රටේ දැන් ඉතා සාමාන්‍ය සිදුවීම් ලෙස දකින්නට පුළුවන. මෙවැනි තිරිසන් සිදුවීම් දිනෙන් දින ඉහළ යමින් තිබිම දරුණු සමාජ සහ සාරධර්මික අර්බුදයක් ලෙස ඔඩු දුවමින් ඇති බව පැහැදිලිය.  

කෑගල්ල මහාධිකරණයෙන් දියණිය දූෂණය කළ පියෙකු විසි වසරකට හිරේට යැවුවේද මෑතකදීය. කෙසේ වෙතත් මේ සටහන් තබන්නට යන දියණිය දූෂණය වීම  ඊට වඩා හාත්පසින්ම

විදුලිබල මණ්‌ඩලයේ සභාපති ජනාධිපති මහින්ද රාජපක්ෂට මැඩම් කියා අමතලා...

නෑ නෑ නෑ මම මේ මැඩම් නෙවෙයි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ...

ඔයාලට තාමත් මැඩම්ව තමයි ඔලුවෙ තියෙන්නෙ... 

ඒකනේ මැඩම් මැඩම් කියවෙන්නෙ...

පසුගියදා ශ්‍රී ලංකාවේ පුවත්පත් කතුවරු සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මාධ්‍ය  සාකච්ඡාවක් පවත්වනු ලැබිය. 

එහිදී එක පුවත්පත් කතුවරයකු  පැවසුවේ අධික වර්ෂාවක්‌ ලැබී ජලාශ සියල්ල කට ළඟට පිරුණත් ඉන් කාර්යක්‍ෂමව සේවාවක්‌ ලබාගන්නට සැලැස්‌මක්‌ විදුලිබල බලධාරීන් සතුව නැති බවත් බලධාරීන් ජලය අපතේ හැර වැඩි මිලට විදුලිය ලබාගන්නා වංචනික  සැලසුම් සොයමින් සිටින බව සහ මේ සම්බන්දයෙන් විමසන සෑම අවස්ථාවකම විදුලිබල මණ්‌ඩලයේ සභාපති, ඩබ්ලිව්. ඩී. ගනේගල මහතා මාධ්‍ය මඟඅරින බවත්ය. 

එහිදී ජනාධිපතිවරයා විසින් විදුලිබල මණ්‌ඩලයේ සභාපති, ඩබ්ලිව්. ඩී. ගනේගල මහතාට දුරකථන ඇමතුමක් දී තතු විමසනු ලැබීය. එම සංවාදයේදී විදුලිබල මණ්‌ඩලයේ සභාපතිවරයා විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂව අමතන ලද්දේ මැඩම් කියාය. 

උපේක්ෂා ගැන අලුත්ම ආරංචිය...

කෙටි කලක් තුළදී රංගන ක්‍ෂේත්‍රය හා දේශපාලන ක්‍ෂේත්‍රය තුළ දිගු ගමනක් පැමිණි උපේක්ෂා ස්වර්ණමාලි මේ දිනවල “සිහින විලක්” ටෙලි නාට්‍යය තුළින් ආලින්දයට ගොඩවදිනවා. 

උපේක්ෂා පුවත් මවන්නියක් වුණේ ඇගේ කලා දිවිය, දේශපාලන දිවිය වගේම පුද්ගලික දිවිය ගැනත් මැවුණු විවිධ පුවත් හින්දාමයි. පසුගියදා උපේක්ෂා ගැන අලුත්ම ආරංචියක් අසන්නට ලැබුණා. 

ඇගේ සම්බන්ධීකරණ ‍ලේකම්වරයා විසින් කරන ලද මුදල් වංචාවක් ගැනයි මේ ප්‍රවෘත්තිය ඇසුණේ. අදාළ පුද්ගලයා විසින් රැකියා දෙන බවට මිනිසුන් රැසකගෙන් මුදල් ලබාගෙන ඇති බවත්, උපේක්ෂාගේ නම පාවිච්චි කරමින් ඔහු මෙම කාර්යය සිදුකළ බවත් ආරංචි මාර්ග පවසනවා. 

මේ පුවත ගැන දැනගන්න අපි උපේක්ෂාට කතා කළා. ඇය බොහොම හෘදයාංගම විදියට අපේ කතාබහට එකතු වුණා. කතාබහ අතරේ අපි උපේක්ෂාගේ කලා ජීවිතේ තොරතුරු ටිකකුයි, පුද්ගලික ජීවිතේ තොරතුරු ටිකකුයි විමසන්නත් අමතක කළේ නැහැ.

රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තනතුරට නුසුදුස්සෙක් පත් වීම ගැටලුවක්...

ඉහල සුදුසුකම්ලාභී විශේෂඥ කායික වෛද්‍යවරුන් නොතකා රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ කායික වෛද්‍ය මහාචාර්ය තනතුරට වෛද්‍ය සිසිර සිරිබද්දන පත් කිරීම නුසුදුසු ක්‍රියාවක්  බව රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරු පිරිසක් පෙන්වා දෙති. 

කාලයක් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්දව වැඩ කල වෛද්‍ය සිසිර සිරිබද්දන ජවිපෙ බෙදීමෙන් පසු විමල් වීරවංසට සහය පල කරන ලදී. මේ නිසා කෘතගුණ සැලකීමක් ලෙසට රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තනතුර ලබාගැනීම සඳහා වෛද්‍ය සිසිර සිරිබද්දනට විමල් වීරවංස අමාත්‍යවරයා උපකාර කරන ලද බවට බව එම මහාචාර්යවරු වැඩිදුරටත් පෙන්වා දෙති. 

කාඩිෆ් කොටි ලාංකික ක්‍රිකට්‌ ලෝලීන්ට ම්ලේච්ජ අයුරින් පහර දුන් හැටි මෙන්න...

උඹලා ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ මිනිස්සුද...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉකුත් 20 වැනිදා වේල්සයේ කාඩිෆ් නුවර සොෆායා ගාර්ඩ්න්ස්‌ ක්‍රිකට්‌ පිටියේ පැවැති ක්‍රිකට්‌ තරගය නැරඹීමට පැමිණි ශ්‍රී ලාංකිකයන්ට පොලු වලින් පහරදීම, මිරිස්‌ කුඩුවලින් මුහුණු වලට ගැසීම ආදී ම්ලේච්ජ ක්‍රියාවන්හි යෙදෙමින් කොටි හිතවාදී දෙමළ පිරිස්‌ ප්‍රකෝපකාරී ලෙස හැසිරුනා. දවස පුරාම මෙම කොටි හිතවාදීන් උද්ඝෝෂණයේ යෙදී සිටි අතර ඒ අසලින් ගමන් ගත් ශ්‍රී ලාංකිකයන්ට ඔවුහු පරිභව කරමින් පහර දුන්නා.

පොල්ලකින් පහරදීම නිසා එක්‌ අයකුගේ අතකද තවත් අයකුගේ කකුලකද අස්‌ථි බිඳී තිබුනා. ශ්‍රී ලාංකික කාන්තාවක ඉදිරියට පැමිණි එල්. ටී. ටී. ඊ. හිතවාදී කාන්තාවක්‌ ශ්‍රී ලාංකික කාන්තාවගේ මුහුණට මිරිස්‌ කුඩුවලින් ගැසූ අතර මිරිස්‌ කුඩු ඇයගේ ඇස්‌වලට යාමෙන් මහත් වේදනාවකින් පෙලුනා.

පින්තුරයක කතාව...

හිසට වැදුණු වෙඩි පහරක් නිසා අසාධ්‍යව සිටි බව කියූ දුමින්ද සිල්වා කිසිම ඉහෙන් බහින රෝගයක් නොමැතිව යලි දේශපාලනයට පැමිණියේය.

ඔහුගේ ආගමනය ගැන වඩාත්ම සතුටු වුයේ කොළඹ වතු වල ජිවත් වන පීඩිත පන්තියේ ජනතාවය.බත් පැකට් එකට අරක්කු භාගයකට, කුඩු පැකට් එකකට යටත් කර ගත හැකි වූ මේ පිඩිත පන්තියේ ලුම්පන් කොටස් ඉදිරි මැතිවරණ වලදී පොලු මුගුරු රැගෙන තීරණාත්මක කාර්යභාරයක් කරනු ඇත. 

ශක්‌තිමත් සහ බුද්ධිමත් බවින් යුත් යුතු සිවිල් සමාජයක් නොමැති ශ්‍රී  ලංකාව වැනි නූගත් සංස්කෘතික වශයෙන් දිළිඳු සමාජයකට ස්ත්‍රී දුෂණයකට සහ මිනිමැරුමකට චෝදනා ලැබූ පුද්ගලයෙකු වීරයෙකු වන අන්දම දුමින්ද සිල්වා පෙන්වා දුන්නේය. 

සරසවියේ 5 වැනි මහලින් පැන්න ශෂීප්‍රභා ගැන අක්කා කතා කරයි...

‘කෙමිස්ට්‍රි ඩික්ෂනරිය’ විභාගවලට බය වුණේ ඇයි

පායන්නට පෙර බැසගිය පොසොන් සඳ ශෂිප්‍රභා ගුණවර්ධන...

මේ රටම කැළඹූ තවත් එක් කඳුළු කතාවක්. විශ්ව විද්‍යාල සිසුවියක් විශ්ව විද්‍යාලයේ දේශන ශාලාවේ 5 වන මහලෙන් බිමට පැන දිවිනසාගත් බව පසුගියදා විවිධ ජනමාධ්‍ය ඔස්සේ රටපුරා ප්‍රචලිත වුනා. 

සියලු බාධක ඉවසා සරසවි වරම් ලැබූ මේ සිසුවියට තමා ආදරය කළ සරසවි බිමේ තට්ටු ගොඩනැගිල්ලකින් බිමට පැනීමට තරම් මානසික ව්‍යාකූලතාවක් මතුවීද? 

ඇය පැන්නාද? වැටුණාද? 5 වන මහලෙන් බිමට පනිනු කිසිවකු ඇසින් දුටුවේද? පළමු මහලේ දේශන කාමර පවතිද්දී කිසිවකු නොයන 5 වන මහලට ඇය ගියේ කුමකටද? 

මෙවන් අටෝරාසියක් ගැටළු ඉතිරි කළ මේ සිදුවීම සරසවි ඉතිහාසය තුළ පිළිතුරු සොයා ගත නොහුණු තවත් එක් සිදුවීමක් වූයෙන් එම අවාසනා වන්ත ඉරණමට ගොදුරුවුණු තිස්සමහාරාම, ලුණුගම්වෙහෙර ශෂිප්‍රභා රන්දිමාලි ගුණවර්ධන සිසුවියගේ නිවසේ කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාපීඨ සිසුහු තමා හැරගිය සොහොයුරිය වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීමට කළ හැකි බොහෝ කාර්යයන්හි නියැළී සිටියා.

මමත් සෝමේත් හදන චිත්‍රපට ආයෙත් බලන්න බැරිවේවි - රේණුකා බාලසූරිය

ඇවිත් "සිරිපැරකුම්" නරඹන්න...

මේ අපේ අන්තිම චිත්‍රපටය වේවි. ඒ නිසා ඇවිත් බලන්න...

සිනමා කර්මාන්තයේ උන්නතිය සඳහා වානිජ සිනමාවක්‌ අත්‍යාවශ්‍යය. එහිදී විශාල වියදමක්‌ දරා ගුණාත්මක මට්‌ටමින් නිර්මාණය වන වාණිජ චිත්‍රපට ප්‍රේක්‍ෂකයා සිනමා ශාලා වෙත ගෙන්වා ගැනීමට විශාල පිටිවහලක්‌ ලබාදේ.

සරෝජා, සමනල තටු, සූරිය අරණ, සිරිරජසිරි, බිංදු, සංකාරා, කුසපබාවතී, සිරිපැරකුම් එවැනි චිත්‍රපටය.මේ චිත්‍රපට සියල්ලේ නිෂ්පාදක කටයුතු සිදුකළේ රේණුකා බාලසූරියය."සිරි පැරකුම්" තිරගතවන මේ මොහොතේදී රේණුකා බාලසූරිය සමඟ කල කතා බහක්.

ඤාණසාර හිමිට තවත් නඩුවක් - පල්ලියක් කඩා, දේවගැතිට පහර දීලා...

තලාහේන අරලිය පෙදෙසේ කල්වාරි දේවස්‌ථානයට පහරදී අලාභ හානි කිරීමේ සිද්ධියට අදාළව බොදු බල සේනාවේ කැඳවුම්කරු ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් ඇතුළු 13 දෙනකුට එරෙහි නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා හමුවේ විභාග කිරීමට කොළඹ මහාධිකරණය ඊයේ තීරණය කර තිබෙනවා.

අධි චෝදනා 11 ක්‌ යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ චෝදනාවන්ට තමන් නිවැරැදි කරුවන් බවට විත්ති කරුවන් ප්‍රකාශ කිරීමෙන් පසු නඩුව විභාගයට ගන්නා ලෙස නියම කළ විනිසුරුවරයා පැමිණිල්ලේ පළමු සාක්‍ෂිකාර දේවස්‌ථානයේ දේවගැති රොෂාන් ඇන්ඩර්සන් මහතාගෙන් සාක්‍ෂි මෙහෙයවීමට අවසර ලබා දුන්නා.


2008 ජුලි 07 වැනිදා මෙම සිදුවීම සිදුව ඇති අතර ලැමිණිල්ලේ පළමු සාක්ෂිකරු වන සිඞ්නි රොෂාන් නම් එම දේවස්ථානයේ දේවගැතිවරයා සාක්ෂි දෙමින් කියා සිටියේ තමන් එදින පූජාව පවත්වමින් සිටියදී පූජ්‍ය ඥාණසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් පැමිණ පූජාව නවත්වන ලෙස තර්ජනය කළ බවත් පසුව දේවගැතිවරයා කවුරුන්ද යන්න විමසා අසභ්‍ය වචනයෙන් බැණ වැදී උදරය ප‍්‍රදේශයට පහරදුන් බවත්ය.

ඝාතන නඩුව අවසන්, සිය පවුලද අතහැර නැවත දිනේෂා සමග සොර සැමියා චරිතය රඟපාන චන්දන

පසුගිය දිවයින පුවත් පතක එනම් 2011/06/13 තිබු පරිදි චන්දන පුෂ්පලාල් ලියන ගුණවර්ධන නැමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අධිකරණය හමුවට පමුණුවා සිට පසුව අධිකරණය හමුවට පමුණුවා සිටි දිනේෂා ශ්‍රීමාලි පෙරේරා ජයතුංග රුපියල් පන්දහසක්‌ වූ මුදල් සහ රුපියල් ලක්‍ෂයක්‌ වටිනා ශරීර ඇප මත මුදාහැරීමට නුගේගොඩ මහෙස්‌ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු රෝහණ අනුර කුමාර හේරත් මහතා නියම කිරීම ගැන සම්බන්ධව එම දිනවල http://gossip9news.blogspot.fr/2012/10/blog-post_5638.html ඔස්සේ තොරතුරු ගෙන එන ලද අතර මේ වනවිට මෙ තැනැත්තිය කෙසේ හෝ යලිත් එම ව්‍යාපාරිකයා සමග වාසය කරන බව දැනගැන්මට ලැබී තිබෙනවා.

නීති අංශ ප්‍රධානියට නීති සිසුවාගෙන් මන්නා පහර එල්ල කල හේතුව...

සිසුවාත් පෙති වර්ගයක්‌ පානය කරලා...

නාවල පිහිටි විවෘත විශ්වවිද්‍යාල නීති අධ්‍යයන අංශයේ ප්‍රධානී යශෝදරා කදිරගාමතම්බි මහත්මිය එහි නීති ශිෂ්‍යයකු විසින් ඊයේ (19 වැනිදා) දහවල් එල්ල කරන ලද මන්නා පිහි පහර කිහිපයක්‌ නිසා බරපතළ ලෙස තුවාල ලැබුවා.හතළිස්‌ හැවිරිදි ඇය දැන් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඥානසුන්දරම් සුරේද්‍රජිත් නම් මෙම නීති ශිෂ්‍යයා යාපනයේ සේවය කරන වෛද්‍යවරයකු වන අතර අංශාධිපතිනියට පිහි පහර එල්ල කිරීමෙන් අනතුරුව ඔහුද පෙති වර්ගයක්‌ පානය කර ඇති අතර පසුව පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

විශ්වවිද්‍යාල මානව ශාස්‌ත්‍ර හා සමාජ විද්‍යා පීඨ පරිශ්‍රයේ බිම් මහලේ අංශාධිපතිනිය සිටියදී පිහි පහර කිහිපය එල්ල කර ඇති අතර එහිදී ඇයගේ ගෙලට, පපු පෙදෙසට හා වම් අතට ද බරපතළ තුවාල සිදු වී
තිබෙනවා

වසර එකහමාරකට පසුව දුමින්ද සිල්වා යළි පාර්ලිමේන්තු ආ හැටි (පින්තුර)

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයේ 11 වැනි සැකකරු බවට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා ඊයේ (19) පාර්ලිමෙන්තුවට පැමිණියා.

ඔහු පාර්ලිමේන්තුවට ආවේ වසර එකහමාරකට පමණ පසුව වන අතර සුදු ඇඳුමෙන් සැරසී දුමින්ද පාර්ලිමේන්තුවට පැමිණ සිටි
යා. ඔහු නොපැමිණි කාලයේදී මාස තුනකට වරක් නිවාඩු අනුමත කැරිණි. 

සිංගප්පූරු රෝහලකදී ද ප‍්‍රතිකාර ලබා මීට මාස කීපයකට ඉහතදී දිවයිනට පැමිණි මන්ත‍්‍රීවරයා පසුව කොළඹ පෞද්ගලික රෝහලකදී නතර වී ප‍්‍රතිකාර ලැබීය.

අවසන් වරට ඒ මහතා පාර්ලිමේන්තුවට පැමිණියේ 2011 වසරේ සැප්තැම්බර් මස 23 වැනිදා වන අතර ප්‍රතිකාර ගැනීම සඳහා ඒ මහතාට මාස තුනෙන් තුනට නිවාඩු අනුමත කෙරිණි. විපක්‍ෂ ආසනවල පිටුපස ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට වෙන් කර ඇති තම අසුනේ අසුන් ගෙන සිටි ඒ මහතා කළු පැහැති කලිසමකින් සහ සුදු කමිසයකින් සැරසී සිටියේය.

දුමින්ද පාර්ලිමේන්තුවට ආ හැටි ඡායාරූපවල දැක්වේ.

තරුෂිගේ පෙම්වතා හෙළිවෙයි...

ඔහු බැංකුවක රාජකාරී කරවා.

තරුෂි පෙරේරා පසුගිය මාස දෙක තුනකට පෙර පුවත්පත් මාධ්‍ය සාකච්ජාවකදී පවසා තිබුනේ තරුෂි පෙරේරාට විවාහය සඳහා ඇයගේ මව තරුණයකු සොයමින් සිටින බව සහ ඇයට පෙම්වතෙක් නොමැති බවයි.

එහෙත් අප වෙත දැන ගන්නට ඇති පරිදි තරුෂිට මේ වනවිට පෙම් වතෙක් මුණ ගැසී තිබෙනවා. ඔහු නමින් සුමේධයි. ඔහු බැංකුවක රාජකාරී කරණ බව දැනගන්නට ලැබුණා. තරුෂි මේ වනවිට රංගණයට අමතරව රූපලාවන්‍යාගාර දෙකක හිමිකාරියක්ද වෙනවා. 

සරසවි සිසුවිය වැටුණාද? පැන්නාද?

පරීක්‍ෂණ පවත්වනවා -පොලිසිය

මහත්තයෙක්‌ කිව්වා දුව වැටිලා ඉක්‌මනට එන්න කියා -පියා


කොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨයේ ගොඩනැඟිල්ලක පස්‌වැනි මහලෙන් බිමට පැනීම නිසා අසාධ්‍ය තත්ත්වයෙන් ජාතික රෝහලට ඇතුළත් කරන ලද ශිෂ්‍යාව ඊයේ (18 වැනිදා) පෙරවරුවේ මිය ගියා.

ශෂිප්‍රභා ගුණරත්න නම් වූ මෙම ශිෂ්‍යාව ගොඩනැඟිල්ලෙන් පැන ඇත්තේ පෙරේදා (17 වැනිදා) උදේ 10 ට පමණය. පසුව ඇය ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු අතර එහිදී ඇය ශල්‍යකර්ම කිහිපයකටද භාජනය කළ බව රෝහල් ආරංචි මාර්ග පැවසුවා. 

අංක 29 නව නගරය, ලුණුගම්වෙහෙර යන ලිපිනයේ පදිංචි ශෂිප්‍රභා ප්‍රථමයෙන්ම ඇතුළත් වී ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨයටය. ඉන්පසුව ඇයට කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨයට ඇතුළත් වීමට අවස්‌ථාව ලැබී තිබෙනවා.

පසුගිය මස විද්‍යා පීඨයට ඇතුළත් වූ විසිඑක්‌ හැවිරිදි මෙම ශිෂ්‍යාව අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් ඇතිවූ පීඩනය මත ගොඩනැඟිල්ලෙන් බිමට පැන ඇතැයි විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පවසනවා. "කැම්පස්‌ එකේ මහත්තයෙක්‌ දුරකථන ඇමතුමක්‌ දෙමින් මට කිව්වා දුව පඩි පෙළෙන් ලිස්‌සලා වැටිලා කියලා. කව්රු හරි ඉක්‌මනට එන්න කියලත් කිව්වා."

දිල්කා, ඥාණදාර හිමි බීමත්ව ඩ්‍රයිවින් කලා නේදැයි ඇසුවිට දැන් ඊළඟ ප‍්‍රශ්ණයට යමු කියලා...

භික්‍ෂූන් විදිහට සුරාවට දැඩි ලෙස විරෝධය දක්වනවා...

එහෙත් ඥාණදාර හිමි බීමත්ව රිය පදවා අධිකරණයේ වරද පිලිගෙන දඩ ගෙවලාලූ...

මේ සතියේ දෙරණ 360 වැඩසටහනට සහභාගී වුයේ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඤාණසාර හිමියන්ය. දිල්කා සමන්මලී සමාජ දේශපාලන කතිකාවත මෙහෙයවීය.

ඤාණසාර හිමියන් සිංහල බෞද්ධයන් ගැන අදහස් දක්වමින් සූදුව සුරාව ගැන සැඩි විරෝධයක් එල්ල කරමින් භික්‍ෂූන් වහන්සේලා ලෙස තමන් වහන්සේලා සුරාවට දැඩි ලෙස විරෝධය දක්වනන් බවද කීහ.

එහිදී දිල්කා හරස් විය.

අධිකරණ නඩු වාර්තාවක් ඉදිරිපත් කලේය. චූදිතයා ඤාණසාර හිමිය. වරද නවයකි. බලපත‍්‍ර නොමැතිව අධික බීමතින් රිය පැදවීම ඉන් ප‍්‍රධානය. ඇය මේ සම්බන්ධයෙන් හිමියන්ගෙන් දැඩිව ප‍්‍රශ්ණ කලේය.

මත්තල වරාය නිසා ලෝචනා අවුලෙන්

යොවුන් නිළියක් වන ලෝචනා ඉමාෂි එක්තරා පුවත් පතක පැන විසදීමේ ඉසව්වකට එක්වී අපහසුතාවයට ලක්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අප වෙත වාර්තා වෙනවා.

එම පැන විසදීමේදී අදාල මාධ්‍යෙ ව්දියා ඇයට ලබාදී ඇත්තේද අපූරු පැනයකි. එය මෙසේය. මත්තල ගුවන් තොටුපලින් තම වෘතීයන් සදහා ගිය ධීවරයන් 15 පසුගියදා ඇති වූ කාලගුණික විපර්‍යාස නිසා මියගොස් ඇත. මේ පිළිබදව ඔබ චෝදනා කරන්නේ කාටද ? යනුවෙනි.


රේණුකා බාලසූරියගෙන් තවත් වාර්ථාවක්...

රේණුකා බාලසූරිය නිෂ්පාදනය කළ සෝමරත්න දිසානායක අධ්‍යක්‍ෂණය කළ "සිරිපැරකුම්" ප‍්‍රදර්ශණය ආරම්භ වීමට ප‍්‍රථමයේදී සිටම කතා බහට ලක්වූයේ පිටපත් ප‍්‍රමාණයේ අර්බූදය සමගය. 

එහිදී සියල්ල අභිබවා සෝමරත්න ගේ "සිරිපැරකුම්" පසුගිය 31වන දා සිට ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමා ශාලා 51ක තිරගතවීම ආරම්භවූයේ වාර්ථාවක් ද සමගිණි .ඒ ප‍්‍රදර්ශණය ආරම්භ වී දින හතරක වැඩිම ආදායම් ඉපැයූ ලංකාවේ ප‍්‍රථම සිනමා නිර්මාණය ලෙසය .

දැන් "සිරිපැරකුම්"  සිංහල සිනමාවේ ඵෞතිහාසික  දෙවන වාර්ථාව තැබීමට ද සමත් වී ඇත. ඒ පසුගිය ඉරුදින එනම් 16වන දින "සිරිපැරකුම්" නැරඹීමට ලංකාව පුරා ඇති සිනමා ශාලාවල් වලට එක් රැස්වු පේ‍්‍රක්‍ෂක ජනතා සංඛ්‍යාව 53,962කි. 

ගුරු මව දණගැස්වූ මන්ත‍්‍රීට අස්වෙන්නැයි දන්වයි… සමාව ගන්නත් කියයි.

ගුරුතුමිය දණ ගැස්‌සවූ මන්ත්‍රී ඉල්ලා අස්‌විය  යුතුයි : ජනපති කියයි...
ගුරුවරිය දණ ගැස්සූ මන්ත්‍රී ගෙදර යවයි..

නවගත්තේගම ඉසුරු විදුහලේ ගුරුවරියක දණගැස්‌සවූ වයඹ පළාත් සභා මන්ත්‍රීවරයා ඉල්ලා අස්‌විය යුතු යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (17 දා) අරලියගහ මන්දිරයේ පැවති විශේෂ හමුවකදී පැවසුවා.

වයඹ හා මධ්‍යම පළාත් සභා මැති ඇමැතිවරු, පළාත් සභා දෙකේ රජයේ මැති ඇමැතිවරු හා ප්‍රධාන පෙළේ ඇමැතිවරු සමඟ පැවැති එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය දැඩි දොෂදර්ශනයට ලක්‌කරමින් මේ බව
පැවසුවා.

මෙම සිද්ධියට මුහුණපෑ ගුරුවරියට දුරකථනයෙන් කතා කර ඇති ජනාධිපතිවරයා ඇයට සාධාරණයක්‌ ඉටුකරන බවට ද ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී.ල.නි.ප. මහ ලේකම් මෛත්‍රිපාල සිරිසේන : මේ තිරිසනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරනු

ලංකාවේ සමස්ත ගුරු පරපුරට අවමානක්...

වයඹ පළාත් සභාව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී ආනන්ද සරත් කුමාර නමැති තිරිසනා විසින් තමන්ගේ දියණියට විනය සම්බන්ධයෙන් අවවාද කළ ගුරුවරියට විද්‍යාල භූමිය තුළම පරුෂ වචනයෙන් බැන වැදී සිසුවියන් ඉදිරිපිටම දණ ගස්වා තිබේ.  

මෙය ලංකාවේ සමස්ත ගුරු පරපුරට කරන ලද අවමානයකි. මේ ක්‍රියාව කල තිරිසනා වන ආනන්ද සරත් කුමාර අපොස සාමාන්‍ය පෙළ පවා අසමත් වූ නවගත්තේගම ප්‍රදේශයේ රස්තියාදු වෙමින් ගංජා බොමින් සිටි මදාවියෙකි. මේ සූකරයාට පළාත් සභාවට යාමට හැකි වන්නේ ඩලස් අලහප්පෙරුම ඇමතිවරයාගේ උපකාරය නිසාය. 

අධ්‍යාපන ඉතිහාසයේ පිළිකුල් සහගතම ක්‍රියාව..

දුවගේ ගවුමේ වාටිය ටිකක්‌ දික්‌ කළැයි ගුරුවරිය දණ ගැස්‌සවූ මන්ත්‍රී

නවගත්තේගම ඉසුරු පාසලේ ශිෂ්‍ය නායකයන් භාර හා විනය භාර ගුරුවරියක එම විද්‍යාලයේම සිසු සිසුවියන් ඉදිරියේ දණගැස්‌සූ වයඹ පළාත් සභාවේ (එජනිස) මන්ත්‍රී ආනන්ද සරත් කුමාර නමැත්තා අද (17දා) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පසුගිය සිකුරාදා (14 දා) මන්ත්‍රීගේ දියණිය පාසලට ඇඳගෙන ගිය සුදු ගවුම කොට වැඩි යෑයි කියා ඇයගේ ගවුමේ වාටිය ගලවා දිගු කිරීම සම්බන්ධව මේ මන්ත්‍රීවරයා උරණ වී එදිනම පාසලට කඩා වැදී ගුරුවරියට මැර තර්ජනය කොට ඇය දණගස්‌වා තිබෙනවා.

අතුල සමිතාගේන් දික් කසාද වීමට හේතුව හෙළි නොකරන්නේ ඇයි...?

ඇතැම් රහස් හෙළි කරන්න බැරිලු...

ජනප්‍රිය ගායකු හා වාදකයකු වන අතුල අධිකාරි හා ඔහුගේ දෙවැනි කසාද බිරිය වන මොස්තර නිරූපිකාවක වන අමායාගේ කුළුදුල් දියණියට ලබන අගොස්තු 24 වැනිදාට අවුරුද්දක් සපිරෙන බව වාර්තා වෙනවා.

ග්ලෝරි ෂෙශානි අධිකාරි ලෙස නම් තබා ඇති ඇගේ ෂෙශානි අධිකාරි යන කොටස තබා ඇත්තේ අතුල
අධිකාරිගේ පළමු කසාදයේ පුත් ෂේන් බවද පැවසෙනවා.

සෞදියට ගණිකාවන් ලංකාවෙන්

අදෝමුඛයෙන් ප්ලාස්ටික් බටයකුත් අයින් කරලා...

අකමැති වූ නිසා කලවා පෙදෙසට බෙහෙත් විදලා...

බම්බලපිටියේ විදේශ රැකියා ඒජන්සියක හා ගල්නෑවේ තැරැව් කාරියක මගින් සෞදි අරාබියේ ගෘහ සේවිකාවක ලෙස ගිය විවාහක කතක ගණිකා සේවයට බලෙන් යොදා ගෙන මාසයකට පසුව දිවයිනට පැමිණි බව අප වෙත වාර්තා වෙනවා.

ඇය කියනුයේ ලංකාවේ පිරිසක් මේ ගණිකා නිවාසය පාලනය කරන බවයි. ලංකාවේ ගැහැණුන් දෙතුන් සියයක් එහි සිටින බව ද ඇගේ විශ්වාසයයි. ඇය ඊට අකමැති වූ නිසා කලවා පෙදෙසට බෙහෙත් විද බලෙන් කෙළෙසා ඇති බව ද ඇය කියන්නීය. ඇගේ සැමියා ආබාධිතයෙකි. පවුලේ අඟහිගකම් නිසා රියාද් 800ක (රුපියල් 26953) වැටුපකට ඇය එහි ගියාය.

වෙ‍ඩිං එකක් නම් ගත්තා තමයි. හැබැයි ඉතින් ඒ ඇත්තට නම් නෙමෙයි - ඉරාජ්

රූගත කිරීම් අතරතුර අපි ෆොටෝස් වගයක් ගත්තා... 

ඒවා මගේ ෆේස් බුක් පේජ් එකට දැම්මා...

නව පුරපුරේ ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්නගේ විවාහ මංගල්‍යය යැයි කියැවෙන ඡායාරූප පෙළක් පසුගියදා අපට අන්තර්ජාලයෙන් දැක ගන්නට ලැබුණා. ඇත්තටම ඉරාජ් කාටත් හොරා විවාහවෙලා ද? අපි ඒ ගැන ඉරාජ්ගෙන්ම අහලා බලමු.

ඉරාජ් හොරෙන්ම කසාද බැන්දා නේද...?

මාතලේ මුතු මුදලාලිගේ කෝටි දෙකකට අධික මැණික්‌, රන් සහ මුදල් කොල්ලකෑ හැටි...

දූෂණ අංශයේ නිලධාරීන් කියලා

වලාන දූෂණ මර්දන පොලිස්‌ ඒකකයේ නිලධාරීන් යෑයි කියමින් මාතලේ ලග්ගල ප්‍රදේශයේ කෝටිපති මැණික්‌ ව්‍යාපාරිකයකුගේ නිවසට පෙරේදා (13 වැනිදා) රාත්‍රි කඩාවැදුණු සන්නද්ධ කොල්ල කණ්‌ඩායමක්‌ නිවැසියන්ගේ දැත්වලට මාංචු දමා ඔවුන් සිරකර රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමෙන් යුත් මැණික්‌, රන් ආභරණ සහ මුදල් කොල්ලකාගෙන පලාගොස්‌ තිබෙනවා.

මාතලේ, ලග්ගල මොරතැන්න ප්‍රදේශයේ "මුතු මුදලාලි" නමින් ප්‍රසිද්ධ මෙම මැණික්‌ ව්‍යාපාරිකයාගේ නිවසට සන්නද්ධ කොල්ල කණ්‌ඩායම කඩාවැදී ඇත්තේ පෙරේදා (13 දා) රාත්‍රි 9.00 ට පමණය.

තමන් පානදුර වලාන දූෂණ මර්දන අංශයේ නිලධාරීන් බවත්, මෙම නිවසේ ගිනි අවි ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් කියමින් සන්නද්ධ පිරිස නිවසේ දොරවල් විවෘත කරගෙන
තිබෙනවා.