Ads 468x60px

.

වෙ‍ඩිං එකක් නම් ගත්තා තමයි. හැබැයි ඉතින් ඒ ඇත්තට නම් නෙමෙයි - ඉරාජ්

රූගත කිරීම් අතරතුර අපි ෆොටෝස් වගයක් ගත්තා... 

ඒවා මගේ ෆේස් බුක් පේජ් එකට දැම්මා...

නව පුරපුරේ ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්නගේ විවාහ මංගල්‍යය යැයි කියැවෙන ඡායාරූප පෙළක් පසුගියදා අපට අන්තර්ජාලයෙන් දැක ගන්නට ලැබුණා. ඇත්තටම ඉරාජ් කාටත් හොරා විවාහවෙලා ද? අපි ඒ ගැන ඉරාජ්ගෙන්ම අහලා බලමු.

ඉරාජ් හොරෙන්ම කසාද බැන්දා නේද...?

සම්පූර්ණ බොරුවක්නේ.

එහෙනම් ‍ෙම් වෙඩිං ‍ෆොටෝ අපි දැක්කේ?
හ්ම්ම්... වෙ‍ඩිං එකක් නම් ගත්තා තමයි. හැබැයි ඉතින් ඒ ඇත්තට නම් නෙමෙයි.

ඒ කිව්වේ?
මේක ගීතමය රූ ගැන්වීමක්. මගෙයි ඉන්ෆාස් ගේ අලුත්ම ගීතය වෙනුවෙන් තමයි මේ රූපගත කිරීම් කළේ.


ආ... එහෙමද?
ඔව්. අපේ අලුත්ම ගීතය තමයි ‘මනමාලී'. දැන් දවස් 10 කට කලින් තමයි අපි මේ මියුසික් වීඩියෝ එක රිලිස් කළේ. ගීතය ගායනා කරන්නේ ඉන්ෆාස්, පද රචනය අචල සොලමන්ස්ගේ, මියුසික් කළේ මම.

අපිට නම් ආරංචි වුණේ ඔයාගේම වෙඩිං එකේ වීඩියෝ එක තමයි කියලයි.
නෑ ඒක මෙහෙම නේ වුණේ. මේ වීඩියෝ එකේ රූගත කිරීම් අතරතුර අපි ෆොටෝස් වගයක් ගත්තා. ඒවා මගේ ෆේස් බුක් පේජ් එකට දැම්මා. ඉතින් ඒක දැකපු මගේ රසික රසිකාවියෝ හිතුවේ මං කසාද බැඳලා කියලයි. ඔන්න ඔහොමයි ගොසිප් සයිට්ස් වලට මේ නිවුස් එක ගියේ.

ඒ කියන්නේ ගීතය ජනප්‍රිය කරගන්න ඔයගොල්ලෝ යොදපු උපක්‍රමයක්?
එහෙම නැහැ. දැනටමත් මේ ගීතය අසීමිතව ජනප්‍රිය වෙලා ඉවරයි.

කොහොමද එච්චරටම ජනප්‍රිය වුණා කියන්නේ?
මේ මියුසික් වීඩියෝ එක අපි රිලීස් කළේ දවස් 10 කට කලින්. මේ දවස් 10 ඇතුළතදී යූ ටියුබ් වෙබ් අඩවිය හරහා ලක්ෂ තුනහමාරක පිරිසක් මේ ගීතය නරඹා ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ලංකා ඉතිහාසයේ මෙතෙක් මේ තරම් විශාල පිරිසක් නරඹපු මියුසික් වීඩියෝ එක විදිහට ‘මනමාලි’ වාර්තාගත වෙලා තියෙනවා.

මේක ටිකක් වෙනස් නිර්මාණයක්.
ඔව්. අපිට ඕනේ වුණේ ප්‍රමිතියක් ඇති වෙනස් විෂුවල් එකක් හදන්න. පහුගිය කාලේ ජනප්‍රිය වුණ එක සින්දුවකවත් කොලිටි විෂුවල් එකක් තිබුණද බලන්න. ඉතින් අපි අලුත් දෙයක් අලුත් විදිහකට කළා.

ඉතින් සම්පූර්ණ විවාහ උත්සවයක් ම නිර්මාණය කළාද?
ඔව්. ‘මනමාලි’ ගීතය අපිට ඕන වුනේ ‘වෙඩිං සෝං’ එකක් විදිහට අවුට් කරන්න. ඉතින් අපේ ගීතයේ විෂුවල්ස් වලටත් ‘වෙඩිං තීම්’ එක තෝරගත්තා. අපිට රූපගත කිරීමේදී වෙඩිං එකකදී වෙන හැම සිදුවීමක්ම ඒ විදිහටම රූගත කරන්න ඕනෑ වුණා.

එහෙනම් ඉතින් වෙඩිං එකකට යන වියදමම මේ විෂුවල් එකටත් යන්න ඇති?
ඊටත් වඩා ලොකු වියදමක් ගියා. ලංකාවේ වැඩිම වියදම් කරලා නිර්මාණය කරපු මියුසික් වීඩියෝ එක ‘මනමාලී'.

බොරුවට හරි වෙඩිං එකක් ප්ලෑන් කරන එක ලේසි නැහැ නේද?
ඔව්. මමයි ඉන්ෆාසුයි තමයි ප්ලෑන් කළේ. ස්ටුඩියෝ 3000, වෝග් ජුවලර්ස්, මයිකල් වි‍ජේසූරිය, හමීඩියා, කාගීල්ස් මැජික්.. මේ සියලු දෙනාගෙම එකතුවෙන් තමයි අපේ වෙඩිං තීම් එක සාර්ථක වුණේ. හැබැයි මේ හැම දෙයකටම වෙඩිං එකක් ප්ලෑන් කරන තරම් දීර්ඝ කාලයක් ගියේ නැහැ. මාසයක් ඇතුළතදී හැම දේම වුණා.

හොඳයි මේ විවාහය හැඩ කරපු ඔයාගේ කණ්ඩායම ගැනත් කතා කරමු.
මගේ බ්‍රයිඩ්’ විදිහට හිටියේ මරියා. ඇය ජනප්‍රිය නිරූපිකාවක්.

ඉරාජ්ගේ ‘වෙඩිං තීම්’ එක කරගත්තු ගීතයත් රිලිස් වුණා. ඊළඟට මොකද කරන්න හිතන් ඉන්නේ?
‘මනමාලී’ ගීතයම බෙංගාලි, හින්දි, නේපාලි භාෂාවලට පරිවර්තනය කරලා ඒ රටවල්වල ප්‍රචාරය කරන්න මේ දිනවල සැලසුම් කරනවා.
 
Related Posts with Thumbnails