Ads 468x60px

.

හවුස්ෆුල් 2 හා බෝල් බච්චන් අමතරව ආසින්ගේ විකට දර්ශනය

දකුණු ඉන්දීය සුරූපී නිළි ආසින් තෝට්ටුම්කල් හට විකට චිත‍්‍රපටයක ප‍්‍රධාන චරිතයට පණ පෙවීම සදහා ඇරයුම් ලැබී ඇතැයි බොලිවුඩ් පුරවරයෙන් වාර්තා වේ.ඇය මෙම චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන බව ඉකුත් පසුදා මාධ්‍ය වාර්තා කර තිබුණි.අමීර් ඛාන් හා රැඟූ ගජිනි චිත‍්‍රපටයෙන් පසුව විකට චිත‍්‍රපට වන හවුස්ෆුල් 2 හා බෝල් බච්චන් වැනි විකට චිත‍්‍රපට වල රඟපෑවාය.කෙසේ වෙතත් ආසින් පවසන්නේ විකට චිත‍්‍රපටි වල පමණක් රඟපෑමට තීරණය කර නැති බවයි. 

ප්‍රසිද්ධ තරුවක් හෙරොයින් සමග මාට්ටු

මහරගම පැරකුම් මාවතේ පිහිටි මත්කුඩු අලෙවි මධ්‍යස්ථානයකින් හෙරොයින් මිල දී ගෙන පානය කිරීම සඳහා යමින් සිටියදී ප්‍රසිද්ධ ගායකයෙකු සහ ඔහු සමග සිටි ජනප්‍රිය වාද්‍යය ශිල්පියෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.මොවුන් දිගු කලක් ඔස්සේ මෙම ස්ථානයට එන බවට ලැබුන තොරතුරක් මත මෙම වැටලීම සිදුකොට ඇත.ඔවුන් දෙදෙනා අත්අඩංගුවට පත් වුවත් හෙරොයින් බෙදාහැරි මධ්‍යස්ථානයේ කාන්තාව එම ප්‍රදේශයෙන් පලාගොස් ඇත.

සිරස රූපවාහිනී නාලිකාවේ දිගන්තයෙන් ලෝචනා ඉවතට

සිරස රූපවාහිනී නාලිකාවේ ‘දිගන්තය’ වැඩසටහන මෙහෙයවන ලද ලෝචනා ඉමාෂි ඉන් ඉවත්වී ඇතැයි වාර්තා වේ.තමා මේ තීරණය ගනු ලැබුවේ පෞද්ගලික ජීවිතයේ යහපත උදෙසා බව ඇය පවසන්නීය.එම නාලිකාව ඔස්සේ සතියේ දින පහේ ම උදෑසන 11.00 සිට දහවල් 12.00 දක්වා විකාශයවූ ‘දිගන්තය’ වැඩසටහන ලෝචනා විසින් වසර 4කට ආසන්න කාලයක් මෙහෙයවූවාය.එසේම ඇය විසින් ඉදිරිපත් කළ ‘මැජික් බොක්ස්’ වැඩසටහනපේ‍්‍රක්‍ෂකයන් අතර ජනපි‍්‍රයත්වයට පත්වූ එකකි.

නිසි පිළිගැනීමක් නොලැබුන තොන්ඩමන් ගුවන් තොටුපලේදී ආවේශ වෙයි

ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට සිය සම්බන්ධිකරණ ලේකම්වරු දෙදෙනෙක් සහ හිතවතුන් පිරිසක් සමග ගුවන්තොටුපලට පැමිණි කැබිනට් අමාත්‍යය ආරුමුගම් තොන්ඩමන් මහතා තමාට නිසි පිළිගැනීමක් නොලැබුන බව පවසමින් පසුගිය ඉරිදා (20) ගුවන්තොටුපොළේදී ප්‍රකෝපකාරී ලෙස හැසිරී ඇත.
වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය.අමාත්‍යවරයා යා යුතුව තිබුනේ වී.අයි.පි. මගින් ගමන් ගන්නා මන්තිරුවේ වුවද අමාත්‍යවරයා පැමිණ ඇත්තේ සාමන්‍යය මන්තිරුවේය.එහිදී එහි සිටි ආරක්ෂක නිලධාරියාට සාමන්‍යය මන්තිරුවේ පැමිණි තොන්ඩමන් මහතා හදුනා ගැනීමට නොහැකිවී ඇත.

තවත් සාර්ථක දෙබිඩි දරු සැත්කමක් - රිජ්වේ ආර්යා ළමා රෝහලේදී

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේදී තවත් සාර්ථක දෙබිඩි දරු සැත්කමක් ඊයේ (28) පස්වරුවේ සිදු කළේය.වෛද්‍ය මලික් සමරසිංහ ඇතුළු ශල්‍ය වෛද්‍යකණ්ඩායමක් විසින් මෙම සැත්කම සිදු කිරීමට සමත් වූහ.මෙලෙස වෙන් වූයේ නම මසක් වූ දෙබිඩි දරුවන් ය.මෙම දරුවන් හදවතින් සහ අක්මාවෙන් බද්ධ වී සිටි  බව පැවසේ.ශල්‍යකර්මයෙන් පසුව මෙම දරුවන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවද වාර්තා වේ.මේ වසරේදී රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිදුකළ දෙවැනි සාර්ථක දෙබිඩි දරු සැත්කම මෙය වේ.

ආදරය කරන දෙ‍න්නෙක් විවාහ විය යුතුමයි.නැත්තම් දුක්විඳින්න වෙයි - අංජලී

වෙළඳ දැන්වීම් සහ ගීත රූප රචනා සඳහා රංගන දායකත්වය ලබාදෙමින් කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය මේ වනවිට රංගන ශිල්පිණියක ලෙස ඔබ වඩාත් හොඳින් හඳුනාගෙන තිබේ. පුංචි තිරය ඔස්සේ තමන්ගේ රංගන ජීවිතය ආරම්භ කළ ඇය පසුව "හාට් එෆ් එම්", "ජුලියා" වැනි චිත්‍රපට සඳහාත් සම්බන්ධවෙමින් රිදී තිරය ඔස්සේත් සිය රංගන ප්‍රතිභාව වඩාත් ඔප්නංවා ගනිමින් සිටියි. මේ දිනවල විකාශය වන "සිහින පියාපත්" ටෙලි නාට්‍යය තුළින් ද ඇය ඔබ හමුවට පැමිණෙයි.
ඇය අංජලී පූර්ණිකා. . .

විනය විරෝධී ලෙස හැසිරීම නිසා සරණට සතියක් පාර්ලිමේන්තුව තහනම්

2012 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් අවස්ථාවේ දී විනය විරෝධී ලෙස හැසිරීම සම්බන්ධව කතානායකවරයා විසින් නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට සතියක කාලයක් සඳහා පාර්ලිමේන්තුවට පැමිණීම තහනම් කර තිබේ. සරණ ගුණවර්ධන මහතාට සතියක කාලයක් පාර්ලිමේන්තුවට පැමිණීම අත්හිටුවීම සම්බන්ධ යෝජනාවක් ගෙන එන ලෙස සභානායකවරයාට දැනුම් දී ඇත.

පළමු අධිවේගී අත්දැකීම - පැය 12 ක් තුළ වාහන 4500ක් - ආදායම ලක්ෂ දහයක්.

දකුණු අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් පසුව පැය දොලහක් ඇතුළත වාහන 4000 ක් මාර්ගයේ ගොස් තිබෙන බව වාර්තා වේ.මාර්ග සංවර්ධන අධිකාරිය උපුටා දක්වමින් ස්වාධීන රූපවාහිනී සේවය මේ බව අද රාත්‍රී වාර්තා කළ අතර ඊයේ පස්වරු 6.00 සිට අද උදෑසන 6.00 දක්වා කාලයේදී මෙම වාහන ප්‍රමාණය ගොස් ඇතැයි සඳහන් වුණි.දකුණු අධිවේගී මාර්ගයේ ගමන් කිරීමට මගීන් උනන්දුවී තිබෙන අතර ඒ බව මාර්ගයේ අප කළ චාරිකාවකදී දැකගත හැකිවිය.

අනර්කලීට ගොනා කියල වරු ගානක් අඬලා

සර 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලේ සත්කාරකත්වය ශී‍්‍ර ලංකාවට දිනාගැනීමට ඡන්ද සටන නැරඹීමට කැරබියන් දුපත්වල, සෙන්ට් කිට්ස් දූවට ගිය නඩයට එක්වූ දකුණු පළාත් සභා මන්ති‍්‍රනී හා නිළි අනර්කලී ආකර්ෂා මෙනෙවියට එහිදී පුංචි පහේ ඇබැද්දියකට මුහුණදීමට සිදුවූ බව වාර්තා වේ.

ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන ඔබට

කරුණා අම්මාන් නැගෙනහිර පොලිස් නිලධාරීන් 600 ක් එක මොහොතේ ඝාතනය කල මිනීමරු ත්‍රස්තවදීයෙකි .දළදා මාලිගාවට ප්‍රහාර එල්ලකිරීමේ වරදිකරුවෙකි. නීතියෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්කර ඇත්තෙකි .කේ පී නොහොත් කුමාර පද්මනාදන් වත්මන් එල්ටී ටී ඊ සංවිධානයේ නායකයාය.ප්‍රභාකරන් සමග සියලු විනාශකාරී කටයුතු මෙහයවූ පුද්ගලයාය .මේ දෙදෙනාම රාජ්‍ය පාලනයේ සුරතලුන් වී නිදහසේ ජීවත් වේ. දුමින්ද සිල්වා මහ දවාලේ භාරත ලක්ෂ්මන් මැරූ මිනිමරුවාය. අද ඔහු රජයේ රැකවරණය යටතේ සිංගපූරුවට යවා ඇත .සරත් ෆොන්සේකා යනු මේරටේ නිදදහස අත්පත් කර දුන් වීරුවාය.