Ads 468x60px

.

අවතාරයක් ලෙස රඟපාන මේ නිළිය කව්ද..?

ජනප්‍රිය ටෙලි නාට්‍යය නිලි උදයන්ති කුලතුංග පසුගියදා අපුරු රුගත කිරීමකට සහභාගී වී තිබුනා.

ඒ අවතාරයක් ලෙස චරිතයක් නිරුපණය කිරීමයි.

ඉතාමත් තාත්වික අන්දමින් ඇය මේ රඟපෑම සිදුකොට ඇත්තේ "භව සරණ" ටෙලි නාට්‍යය දර්ශනයකදීය. 

මෙම ටෙලි නාට්‍යයේ පළමු වරට ටෙලි නාට්‍යයකදී විවිධ චරිත පහක් නිරුපනය උදයන්ති කුලතුංග විසින් සිදුකරනවා. 


මෙම ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා වන්නේ රුපවාහිනී සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වූ සරත් කෝන්ගහගේ පුත් දේවින්ද කෝන්ගහගේ විසිනි. 

උදයන්තිගේ හොල්මන් දර්ශනයේ රූපරාමු කිහිපයක් පහතින්.

රාජකීය සහ තර්ස්‌ටන් ගැටුමට හේතුව මේකද...?

තර්ස්ටන් රෝයල් ගැටුමෙන් සිසුන් නවයකට තුවාල...

රාජකීය තර්ස්ටන් වලිය නිසා පාසැල්වල පන්ති වසා දමයි
..

"දිවයින" ඡායාරූප ශිල්පියාගේ කැමරා චිපයක්‌ උදුරාගෙන...


කොළඹ රාජකීය සහ තර්ස්‌ටන් විද්‍යාලවල ශිෂ්‍යයන් දෙපිරිසක්‌ අතර ඊයේ (23) දහවල් තර්ස්‌ටන් පාරේදී සිදුවූ ගැටුමකින් ශිෂ්‍යයන් නව දෙනකු තුවාල ලබා තිබෙනවා. ගැටුම මැඩ පැවැත්වීමට ගිය කොළඹ දකුණ පොලිස්‌ අධිකාරි ප්‍රේමලාල් රණගල මහතා ද සුළු තුවාල ලැබූ අතර පොලිස්‌ කොස්‌තාපල්වරයකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මෙම ගැටුම්කාරී තත්ත්වය මෙහෙය වූ රාජකීය විදුහලේ ශිෂ්‍යයන් අටදෙනකු පොලිස්‌ භාරයට ගෙන තිබෙනවා.මෙහිදී තුවාල ලැබූ ශිෂ්‍යයෝ වැඩි දෙනකු කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් වන අතර තුවාල ලැබූවන්ගෙන් දෙදෙනකු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර සෙසු ශිෂ්‍යයන් බාහිර ප්‍රතිකාර ලබා පිටව ගොස්‌ තිබෙනවා.

පසුගිය දින කීපයක්‌ තිස්‌සේම රාජකීය සහ තර්ස්‌ටන් විද්‍යාලවල ශිෂ්‍යයන් අතර ගැටුම්කාරී තත්ත්වයන් උද්ගත වී තිබුනා.

අපි ණය ගෙවන්නේ කාර් පර්මිට් විකුණලා - කුමාර වෙල්ගම කියයි

ජනතාවගේ ප්‍රශ්න නිසා රෑට නින්ද යනවත් හොරයිලු...

මේ මැතිවරණ ක්‍රමය තිබෙන තුරු පාර්ලිමේන්තුවට යන්න අඩුම තරමින් රුපියල් ලක්ෂ 500ක්වත් ඕනෑ කරන බව ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා කියයි. 

එහෙම මුදල් වියදම් කරන්න බැරි නම් පාර්ලිමේන්තු යාම හීනයක් බව ඒ මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන අපිත් සියයට සියයක් අවංකයි කියා හිතන්න එපා යැයි ජනතාවට පැවසූ ඒ මහතා අපිත් වැරැදි කරන බව සිහි තබා ගන්නැයි ඉල්ලා සිටියේය. 

මේ ආකාරයේ ප්‍රකාශයක් කුමාර වෙල්ගම මහතා සිදුකරන ලද්දේ පසුගියදා දොඩන්ගොඩදී ය. අභ්‍යාසලාභී උපාධිධාරින් 1110 දෙනෙකු ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට අනුයුක්ත කර පත්වීම් ලිපි ලබා දීම සඳහා දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ දී පැවැති උත්සව සභාවක් අමතමින් ඇමැතිවරයා එසේ කීවේය. 

වෙල්ගම මහතා කළ කතාවේ කොටස් මෙසේය. 

ලෝකාන්තයෙන් වැටුණු කෙනකුගේ මළසිරුර ගෙන ඒමට රුපියල් අසුදහසක්‌...

ඒ නිසා ලෝකාන්තයට පනින්න පෙර සිතා බලන්න...

වසරක්‌ පාසා ලෝකාන්තයට පැන සියදිවි නසා ගන්නා අය ගැන මාධ්‍ය මගින් ජනතාවට දැන ගන්නට ලැබෙනවා. මෙම මරණ සිදුවීමෙන් පසුව මෘත ශරීර සොයා ගන්නා අයුරුත් ඒවා අදාළ පරීක්‌ෂණ සඳහා ගෙන එන ආකාරයත් ගැන ඇසෙන කතා ඉතා ශෝචනීයය. 

ඒ සැමටත් වඩා මියගිය අයගේ ඥතීන් විඳින හිරිහැර සහ ආර්ථික අපහසුතා පිළිබඳව මෙම සැඟවුණු අදහස්‌ අපට හෙළි කළේ බළන්ගොඩ නාගරික හදිසි මරණ පරීක්‌ෂක එච්. ඩී. රූබන් පීරිස්‌ මහතාය.

අවුරුද්දකට ලෝකාන්තයට පැන්න අයගේ මරණ කීපයක්‌ ගැනම පරීක්‌ෂණ පවත්වන්න යන්න සිදු වෙනවා. පසුගිය දිනක අවුරුදු 70 ක කාන්තාවක්‌ මෙසේ මියගියා. 


සීගිරියටත් අකුණක් ගහලා...

අකුණනෙන් සිංහපාදයේ පැතිබැම්මට හානි...
අඩි දහයක පමණ කොටසක් කැඩිලා...

ලෝක පුදුමයක් බවට පත්ව ඇති සීගිරිය පර්වතය ආශ්‍රීතව ඊයේ (23) පස්වරු 2.30ට පමණ අකුණු සහිත වැසි ඇද හැලුනු අතර අකුණු වැදීමෙන් සීගිරිය පර්වතයේ සිංහ පාදයේ වලක් හෑරී ඇතැයි වාර්තා වෙනවා.

අකුණුසැර වැදීම නිසා ඇති වු කම්පන තත්ත්වයකින් මෙසේ සිදුව ඇති බව පර්යේෂකයෝ පවස
නවා.

අධික වර්ෂාවත් සමඟ ඇතිවූ අකුණක් වැදීම හේතුවෙන් සීගිරිය සිංහ පාදයේ දකුණු බැම්මේ අඩි දහයක පමණ කොටසකට මෙසේ අකුණු පහරක් වැදී, එහි පැතිබැම්මට හානි සිදුවී තිබෙනවා.

සීගිරිය ප්‍රදේශයට ඊයේ ඇදහැලුන ධාරාණිපාත වර්ෂාවත් සමග සිදුවූ එම අකුණු සැරයෙන් සිංහ පාදයට කිසිදු හානියක්‌ සිදුව නැති අතර, පැතිබැම්ම පිළිසකර කිරිම් වහාම සිදුකරන බව සීගිරිය ව්‍යාපෘති කළමනාකාර චන්දන වීරසේන මහතා පවසනවා.


මහින්ද මාමාගේ පච්චය චානකගේ පිටේ...

ජනපති මහින්ද රාජපක්ෂ ඉතාලි ආපු ගමනේදි මගේ පිට දැක්කා...

මේ රූපය මගේ ශරිරය පොලොවට දිරාපත් වෙනකම්ම මගේ ලග තියේවි...

ජනපති මහින්ද රාජපක්ෂ මහාතාගේ මුහුණ පච්චයක් මගින් පිටේ කොටා ගනිමින් ජනපති රාජපක‍ෂ තම රජු යැයි හදුන්වන ලාංකිකයෙක් ඉතාලියේ ත්‍රේවීසෝ නගරයේ සිටිනවා. 

වත්තල කෙරවල පිටියේ සිට මෙයට වසර 23කට පෙර ඉතාලි පැමිණි චානක වීජේසේකර (46) කියනුයේ ජනපති මහින්ද රාජපක‍ෂ මහාතාගේ නායකත්වයෙන් වසර 30ක යුද්ධය ජයගත් සැනින් තමා ලංකාවට ගොස් ජනපති මුහුණ රුපියල් 25000ක් ගෙවා තම පිටේ කොටා ගත් බවයි.