Ads 468x60px

.

“අළුගෝසු“ තනතුරට අයෙක් කැමතිලු

බෝගම්බර සහ වැලිකඩ බන්ධනාගාරවල පුරප්පාඩු දෙකක් තිබෙන අළුගෝසු තනතුර සඳහා මේ වනවිට අයදුම් පතක් ලැබී තිබෙන බව රජය කියයි. පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය උපුටා දක්වමින් රජයේ නිළ පුවත් වෙබ් අඩවිය මේ බව වාර්තා කර තිබේ.
අළුගෝසු යන නම වෙනස් කිරීමට අමාත්‍යාංශය අපේක්ෂා කරන බැවින් ඒ සඳහා වෙනත් නාමයක් යෝජනා කරන ලෙස පසුගියදා ඉල්ලා සිටියත් මෙතෙක් එවැනි යෝජනාවක් ලැබී නොමැති බවත් රජය සඳහන් කරයි.

වයස අවුරුදු 114 යි : දරු මුණුබුරන් 87දෙනායි

 ලොකු දුවට වයස අවුරුදු 80 යි
මිනිසාගේ පරම ආයුෂ අවුරුදු සියයක්‌ ඉක්‌ම වූ තැනක්‌ වූයේ නම් එය "කන කැස්‌බෑවා විය සිදුරෙන් අහස දකින්නාක්‌" මෙන් විරල සිදුවීමකි. එවන් තත්ත්වයක්‌ ඇති වත්මන් යුගයේ අවුරුදු 114 ක්‌ ආයු වළඳමින් මනා සිහි කල්පනාවෙන් යුක්‌තව යහපත් ජීවිතයක්‌ ගතකරන මහලු මාතාවක්‌ අහම්බෙන් මෙන් පසුගිය දිනක අපට හමුවිණි.

සනිධප කණ්ඩායමේ නායක සංගීත් චණ්ඩියෙක් ද ?

ඔක්තෝබර් 08 වැනිදාට තියෙන්නේ තව දවස් කිහිපයක් විතරයි. ඒ, මෙරට දැවැන්ත සංගීතමය අත්දැකීම වන හිරු මෙගා බ්ලාස්ට් ප‍්‍රසංගය පැවැත්වීම සඳහා. එම ප‍්‍රසංගය මෙවර පැවැත්වෙන්නේ දෙහිඅත්තකණ්ඩිය මහවැලි ක‍්‍රීඩාංගනයේදීයි. හිරු මෙගා බ්ලාස්ට් ප‍්‍රසංගය මෙවර රසවත් කරනු ලබන්නේ සනිධප කණ්ඩායමයි. ප‍්‍රසංගය ගැන විස්තර දැන ගන්න අපි සනිධප කණ්ඩායමේ නායක සංගීත් විජේසූරියට කතා කළා. සංගීත් කිව්වේ මෙවර ප‍්‍රසංගයේදී අලූත් වෙනසක් කිරීමට බලාපොරොත්තු වෙනවා කියලයි. සංගීත් චණ්ඩියෙක් කියලත් ආරංචි වුණා.

ජනපි‍්‍රය ගායිකා ශානිකාට සුබ උපන් දිනයක්.

ජනපි‍්‍රය ගායිකා ශානිකා වනිගසේකර අද සිය උපන්දිනය සමරනවා. උපන් දිනයට විෂ් කරන්න කථා කරපු වෙලාවේ අපි ඇයගෙන් ඇහුවා අද කේක් හදන්නේ නැද්ද කියලා. ඇය කිව්වේ පොඩි දෙන්නට  ඕනි නිසා හදනවා කියලා.

අකුරැස්ස ඉංග‍්‍රීසි පන්තියට ආ දැරියව හාමුදුරුනමක් කෙළෙසලා

අකුරැස්ස ප‍්‍රදේශයේ විහාරස්ථානයක පවත්වාගෙන ගිය ඉංග‍්‍රීසි පන්තියකට සහභාගිවීමට පැමිණි හත් හැවිරිදි දැරියකට ලිංගික අතවරයක් කළ බව කියන වීවරධාරියෙකු ලබන 12 වැනිදා දක්වා රිමාන්ඞ්භාරයට පත්කරන ලෙස මාතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් උදේශ් රණතුංග මහතා නියෝග කළේය. මෙලෙස රිමාන්ඞ් භාරයට පත්කර ඇත්තේ 28 හැවිරිදි චීවරධාරියෙකි. අකුරැස්ස පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වනු ලබයි.

ගයේෂා හා හසංජිත් විවාහය මැයි මාසයේදී

රූප සුන්දරියක්, නිවේදිකාවක්, නර්තන ශිල්පිනියක්, නිළියක් හා මෝස්තර නිරූපිකාවක් වූ ගයේෂා පෙරේරා ලබන වසරේ මැයි මාසයේදී විවාහවීමට යන බව වාර්තා වේ.ගයේෂා, විවාහවීමට සැරසෙන්නේ ගයකයෙකු හා රූපවාහිනී ක්‍ෂේත‍්‍රයට සම්බන්ධ අයෙකු වන හසංජිත් චතුරංග සමඟය.

මර්වින් ‘ලොකු මංගල’ හා ආදි සිසුන්ට බියවී සාකච්ඡාව මඟ හැරලා

කැලණිය ධර්මාලෝක විදුහලේ ලොතරැයි ටිකට්පත් වංචාවක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයට ලිපියක් යැවූ බව කියන ‘ලොකු මංගල’ නොහොත් ජී.ටී.එස්. මංගල මහතාට ඇමති මර්වින් සිල්වා විසින් පෙරේදා (03) පහරදී ඇති බව  වාර්තා වේ.එම විදුහලේ විදුහල්පති නිමල් ජයවීර මහතා, මංගල මහතා යැවූ බව කියන ලිපිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස කරන ලද කැඳවීමකට අනුව එහි ගිය මංගල මහතාට හදිසියේම විදුහලට කඩා වැදුණු මර්වින් මහතා පහරදී තිබේ.