Ads 468x60px

.

වයස අවුරුදු 114 යි : දරු මුණුබුරන් 87දෙනායි

 ලොකු දුවට වයස අවුරුදු 80 යි
මිනිසාගේ පරම ආයුෂ අවුරුදු සියයක්‌ ඉක්‌ම වූ තැනක්‌ වූයේ නම් එය "කන කැස්‌බෑවා විය සිදුරෙන් අහස දකින්නාක්‌" මෙන් විරල සිදුවීමකි. එවන් තත්ත්වයක්‌ ඇති වත්මන් යුගයේ අවුරුදු 114 ක්‌ ආයු වළඳමින් මනා සිහි කල්පනාවෙන් යුක්‌තව යහපත් ජීවිතයක්‌ ගතකරන මහලු මාතාවක්‌ අහම්බෙන් මෙන් පසුගිය දිනක අපට හමුවිණි.


1897 මාර්තු මස 13 වැනිදා උපත ලබා ඇති (ඇයගේ ජාතික හැඳුනුම්පතට අනුව ඒ බව සනාථ වෙයි) මෙම මාතාව දෙදියගල ගමාච්චිගේ අංගොහාමි නම් වෙයි. හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ මුල්ගිරිගල ආසනයේ කිරම බිම්තැන්නේ ඌරුබොක්‌ක ආර මිටියාවතේ ඇය ජීවත් වන්නීය. ඇයගේ දරු මුණුබරු මිණිබිරියන් සංඛ්‍යාව 87 කි. මෙම සියලුම දෙනා ඇයට ආදරය කරන්නේ දැඩි සෙනෙහසකිනි. ඒ වගේම ඇය වෙනුවෙන් ඕනෑම කැප කිරීමක්‌ කිරීමට ඔවුහු සූදානමින් සිටිති.

ඇයගේ ලොකු දුව වන නොන්නොහාමිද දැනට 80 වැනි වියේ පසු වුවත් නිවසේ වැඩ කටයුතුවලට හා ගොවිතැනට එකසේ දස්‌කම්පායි. එමෙන්ම ඇය ඉතා යහපත් නිරෝගී ජීවිතයක්‌ ගත කිරීමද විශේෂ සිද්ධියකි.

"පුතේ අපි වැඩියෙන්ම කෑවේ බිව්වේ ගොවිතැන් කරලයි. කඩපිලෙන් මොනව හරි ගෙනාව නම් ඒ අපට හදාගන්න, වවාගන්න බැරි දේවල්. අනික මේ මිටියාවතේ තියෙන කොස්‌, දෙල්, පොල් වගේම එළවළු පලා ටික අපේ දරුවෝ නඩත්තු කරන්න අපට හොඳටම ඇතිවුණා. හැරමිටියට වාරු වුණත් අංගොහාමි මාතාව පැහැදිලිව අප හා දොඩමළු වෙමින් කීවාය.

අංගොහාමි මාතාවගේ සියලු දරු මුණුපුරෝ රජයේ රැකියාවල නිරත වෙමින් ඉහළ තැන්වල ජීවත් නොවුණත් කියාපෑවේ යටත් නොවී අත නොපා දන්න ශිල්ප ශාස්‌ත්‍ර ප්‍රයෝජනයට ගනිමින් ඉතා යහපත් දැහැමි ජීවිකාවක්‌ ගෙන යන බව ඔවුනොවුන්ගේ ක්‍රියා කලාප තුළින් මනාව කැපී පෙනුණි.

විමලසිරි අගලකඩ
 
Related Posts with Thumbnails