Ads 468x60px

.

යළි නිර්මාණය වූ නිරෝෂාගේ ‘සිත හඬයි’

මීට වසර විස්සකට පමණ පෙර ජනපි‍්‍රය ගායිකා නිරෝෂා විරාජිනී විසින් ගායනා කරන ලද ‘සිත හඬයි’ගීතය ප‍්‍රති නිර්මාණය කර තිබේනිරෝෂා සිය ගායන දිවිය ආරම්භ කළ ගීතය ලෙස ද මෙය හැදින්වේ.කෙසේවුවද නිරෝෂාට වර්තමානයේ මේ ගීතය ශ‍්‍රවණය කරන විට හැගෙන්නේ චූටි නංගි කෙනෙක් ගීතයක් ගායනා කරනවාවගේ යැයි ඇය මාධ්‍යට පවසා තිබේ.

යොෂිණී දකුණු අපි‍‍්‍රකාවේ නොයාමට තීරණය කරයි

ශී‍‍්‍ර ලංකා කි‍‍්‍රකට් කී‍‍්‍රඩක අජන්ත මෙන්ඩිස්ගේ බිරිය යොෂිණී දකුණු අපි‍‍්‍රකාවේ නොයාමට තීරණය කර අතැයි වාර්තා වේ.යොෂිණී මෙම තීරණය ගෙන ඇත්තේ ඇය මවක් වීමට සිහින පුරමින් සිටින බැවින් බවද පැවසේ.දැනට තෙමසකට ආසන්න මේ තත්ත්වය හේතුවෙන් ඇයට දකුණු අපි‍‍්‍රකානු සංචාරයට සහභාගි නොවීම යෝග්‍ය බවට වෛද්‍යවරු උපදෙස්දී ඇතැයි ද වාර්තා වේ.

සමලිංගිකයෙකු වීම කිසිදිනක අපරාධයක් නොවේ - හිලරි ක්ලින්ටන්


විදෙස් රට වල සිටින සමලිංගිකයන්ට සිදුවන වෙනස්කම් වලට එරෙහිව සටන් කරන බව ඇමෙරිකාව ප‍්‍රකාශ කරයි.මේ සඳහා විදේශ ආධාර මගින් හා රාජතාන්ත‍්‍රික මට්ටමින් කටයුතු කරන බව ඇමෙරිකාව පවසා ඇත.ආධාර හා රැකවරණ ලබාදීමේදී සමලිංගික අයිතීන් ද සලකාබලන මෙන් ඇමෙරිකානු රජය විසින් එරට රාජ්‍ය ආයතන වලට නියම කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.පසුගියදා ජිනීවා හි රැස්වුනු එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල රාජතාන්ති‍්‍රකයන් පිරිසක් අමතමින් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් පවසා ඇත්තේ සමලිංගික අයිතීන් ද මානව හිමිකම් වන බවයි.

කරු ජයසූරිය නිල වෙබ් අඩවිය විවෘත කල අවස්ථාව


එක්සත් ජාතික පක්ෂයේ නියොජ්‍ය නායක කරු ජයසුරීය මහතාගේ නිල වෙබ් අඩවිය අද (6)පෙරවරුවේදී කොලඹ ගාලු මුවදොර හෝටලයේ දී උත්සවාකාරයෙන් විවෘත කෙරිණී.එම අවස්ථාවට නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළුව ආරාධිතයන සහභාගී වුයේ මෙසේය .නිල වෙබ් අඩවිය කරු ජයසූරිය මහතා සහ වසන්තා ජයසූරිය මහත්මිය විසින් විවෘත කල අවස්ථාව.

සංගීතය හදාරන සියලු දෙනාට බෙහෙවින් රුකුලක් වන සනත් නන්දසිරිගේ "රාග වාහිනී"

විශාරද සනත් නනදසිරි මහතා ප්‍රවීණ ගායකයෙක් මෙන්ම මෙරට සංගීතය හදාරන බොහෝ සිසු සිසුවියන්ගේ සංගීත ගුරුවරයෙකුද වේ.ඉදිරියේ දී ඔහු විසින් රචිත ග්‍රන්ථයන් යුගලක් දොරට වැඩුමට නියමිත බව වාර්තා වේ.

සැබෑ වීරයා සරත් ද මහින්ද ද ?


යුධ ජයග්‍රහණය දේශපාලනීකරණය වුයේ පසුගිය ජනාධිපතිවරණයත් සමගය.ඒ ජනාධිපති අපේක්ෂකයන් ලෙස මහින්ද රාජපක්ෂ මහතාත් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සමගය.ඒ අනුව මහින්ද රාජපක්ෂ ට පක්ෂපාති පිරිස් ප්‍රකාශ කලේ යුද්ධය අවසන් කිරීමේ සම්පුර්ණ ගෞරවය හිමිවිය යුත්තේ ජනාධිපතිවරයාට බවය.සරත් ෆොන්සේකා මහතා නියෝජනය කල පිරිස් ප්‍රකාශ කලේ සරත් ෆොන්සේකා හමුදාපතිවරයා නොසිටියේ නම් යුද්ධය නිමා කල නොහැකි බවයි.ඇතැමුන් මෙම පාර්ශව දෙකම එක්කාසු වූ නිසා යුද්ධය දිනු බව ප්‍රකාශ කළහ.කෙසේනමුත් යුද්ධයේ සැබෑ වීරයා තවමත් සමාජයේ උණුසුම් කතාබහට හේතුවන කරුණකි.පහතින් දැක්වෙන්නේ තරුණයෙකු සිය මතය පෙන්වූ ආකාරයයි.

ලංකාවේ ෆයිව් ස්ටාර් හිර කාරයෝ නෑ - මර්වින් සිල්වා

අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමින් මහජන කටයුතු සම්බන්ධතා අමාත්‍යවරයා වන මර්වින් සිල්වා අපුරු කතාවක් කළේය.පහත දැක්වෙන්නේ එම කතාවයි.

"රට පාවා දුන්න ජාතිය පාවා දුන්න හමුදාව පාවා දුන්න අධිකරණයෙන් දඬුවම් දුන්න සරත් ෆොන්සේකා නිදහස් කරගන්න කියල යන්න හදනවා ධවල මන්දිරයට ඇමරිකාවට. ඉතින් ඔබාමට පුලුවන්ද ලංකාවේ හිරකාරයෝ නිදහස් කරන්න. 

ප‍්‍රභාකරන් අධ්‍යක්‍ෂක තුෂාර පීරිස් ප‍්‍රංශ ආණ්ඩුවෙන් දේශපාලන රැකවරණ ඉල්ලයි

ආණ්ඩුවේ ඇණවුම පිට නිෂ්පාදනය කරනු ලැබූ ‘ප‍්‍රභාකරන්’ චිත‍්‍රපටයේ අනභිභවනීය අධ්‍යක්‍ෂක තුෂාර පීරිස්, ප‍්‍රංශ ආණ්ඩුවෙන් දේශපාලන රැකවරණ ඉල්ලා ඇති බව වාර්තා වේ. ‘ප‍්‍රභාකරන්’ගේ කෲරත්වය දැක්වෙන වාර්තා චිත‍්‍රපටයක් ලෙස හැඳින්විය හැකි මෙම චිත‍්‍රපටයේ, දේශමාමකත්වය පිළිබඳව ආණ්ඩුවේ මාධ්‍ය මඟින් බයිලා ගැසූ තුෂාර පීරිස්, තමන්ට ආරක්‍ෂක අමාත්‍යංශයේන් එල්ල වී ඇති මරණ තර්ජන දේශපාලන රැකවරණ ඉල්ලීමට හේතුව ලෙස ප‍්‍රංශ රජයට දක්වා ඇත.

ඇමති සමග බඩ පිනුම් ගැසූ ජානකී, මහරාජා මුදලාලිට සෙට් වෙලා

ජනමාධ්‍ය අමාත්‍ය සමග පසුගිය කාලයේදී බඩ පිනුම් ගැසූ ටෙලි නිලි හා අධ්‍යක්‍ෂිකා ජානකී විජේරත්න මහරාජා මුදලාලි කිලී රාජා මහේන්ද්‍රන් සමග සෙට්වී අතැයි වාර්තා වේ.ජානකී දැන් ජනමාධ්‍ය අමාත්‍ය මගහරින බවත්, කිලී සමග සැරි සරන බවත් සිරස නාලිකා අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.ජානකී හා කිලී අතර සම්බන්ධයට එතරම් කලක් නොවුනද, ජානකී සිරස රූපවාහිනියට මෙගා ටෙලි නාට්‍යක් රිංගවා ගැනීමට තරම් හපනියක් වී ඇතැයි ක්‍ෂෙත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

වෙබ් අඩවි සඳහා මාර්ගපදේශන මාලාවක්


දේශපාලනික ආගමික සහ සමාජීය වශයෙන් හිනිකර තොරතුරු වාර්තා කරන වෙබ් අඩවිවලට එරෙහිව ක්‍රියා කරන බව ඉන්දියාව පවසයි.එරට සන්නිවේදන කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් රජය කිහිපවරක්ම ඉල්ලීම් ‍කළ ද වෙබ් අඩවි බොහොමයක් සහයෝගයෙන් ක්‍රියාකිරීමට අපොහො සත්ව ඇති බවයි.ගූගල් ෆේස් බුක් වැනි ප්‍රකට වෙබ් අඩවි කිහිපයක නියෝජිතයින් නවදිල්ලි අගනුවරදී හමුවීමෙන් අනතුරුව ඉන්දීය සන්නිවේදන කටයුතු අමාත්‍යවරයා ප්‍රවෘත්ති සාක්ච්ඡාවක් අමතමින් ඒ බව පවසා තිබේ.

අධිවේගීයේ අද සිට විශේෂ වේග සිමා උපකරණයක්

මෑතකදී විවෘත වූ ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය වන දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කල ටික කලකින්ම අනතුරු විශාල සංඛ්‍යාවක් වාර්තා විය.
එයට හේතුව වුයේ පැනවූ වේග සීමාව වන පැයට කිලෝමීටර් 100 ක වේගය ඉක්මවා යාමයි.අධිවේගියේ මෙතෙක් කල් වාහන ගමන් ගත් ආකාරය දෙආකාරයට බෙදා වෙන්කළ හැක.එක් වාහන කණ්ඩායමක් 100 හා 100 ට අඩු වේග සීමාවකින් ධාවනය කරද්දී තවත් කණ්ඩායමක් පැයට කිලෝමීටර් 160-180 දක්වා වේගයකින් ගමන් කළේය.මෙය වැලැක්වීම සඳහා මහාමාර්ග අමාත්‍යංශය විසින් අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාශය වෙත විශේෂ වේග සිමා උපකරණයක් බාර දී ඇත.