Ads 468x60px

.

වෙබ් අඩවි සඳහා මාර්ගපදේශන මාලාවක්


දේශපාලනික ආගමික සහ සමාජීය වශයෙන් හිනිකර තොරතුරු වාර්තා කරන වෙබ් අඩවිවලට එරෙහිව ක්‍රියා කරන බව ඉන්දියාව පවසයි.එරට සන්නිවේදන කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් රජය කිහිපවරක්ම ඉල්ලීම් ‍කළ ද වෙබ් අඩවි බොහොමයක් සහයෝගයෙන් ක්‍රියාකිරීමට අපොහො සත්ව ඇති බවයි.ගූගල් ෆේස් බුක් වැනි ප්‍රකට වෙබ් අඩවි කිහිපයක නියෝජිතයින් නවදිල්ලි අගනුවරදී හමුවීමෙන් අනතුරුව ඉන්දීය සන්නිවේදන කටයුතු අමාත්‍යවරයා ප්‍රවෘත්ති සාක්ච්ඡාවක් අමතමින් ඒ බව පවසා තිබේ.


කෙසේ වෙතත් එහිදී අදාළ වෙබ් අඩවි පවසා ඇත්තේ, ඉන්දීය රජයේ ඉල්ලීම පරිදි තොරතුරු පාලනය කිරීම අපහසු බවයි.මෙම තත්ත්වය තුළ වෙබ් අඩවි සඳහා මාර්ගපදේශන මාලාවක් හඳුන්වා දීමට ඉන්දීය රජය සුදානම් වේ.
 
Related Posts with Thumbnails