Ads 468x60px

.

දික්‌කසාදය ගන්න ආ තරුණ නළුවා ගයාන්ලු - අතින්, පයින් පහරදුන්නේ ඔහුගේ බිරිඳලු...

රොෂාන් හා චතුරිකාගේද විවාහය බිඳ වැටුනේ ගයාන්ගේ පැමිණීම නිසයි...

දික්‌කසාදය ගන්න ආ තරුණ නළුවෙකුට විවාහක බිරිඳ අතින්, පයින් සහ සෙරෙප්පු වලින් පහරදුන් පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා. එම විස්තරය මෙතනින්.

දික්‌කසාද නඩුවක්‌ සඳහා මහර කඩවත අධිකරණ සංකීර්ණයට පැමිණ සිටි තරුණ ජනප්‍රිය ටෙලි නාට්‍ය හා චිත්‍රපට නළුවකු වන ගයාන් වික්‍රමතිලකට ඔහුගේ විවාහක බිරිඳ අතින්, පයින්, කුඩයකින් සහ සෙරෙප්පුවලින් පහරදී තිබෙනවා.

පසුගිය කාලයේ රොෂාන් හා චතුරිකා විවාහය බිඳ වැටුනේ තුන් වන්නෙකුගේ පැමිණීම නිසයි. ඒ අන් කිසිවෙකු නොව තවත් ටෙලි නාට්‍ය නළුවෙකු වූ ගයාන් වික්‍රමතිලකගේ පැමිණීමයි.

මේ හේතුවෙන් චතුරිකා හා රොෂාන් අතර පැවති විවාහය බිඳී ගිය අතර ගයාන් හා මහේෂි අතර පැවති විවාහයද බිඳී ගොස් තිබෙනවා. පවුල් දෙකක් කඩා කප්පල් කල මෙම සිදුවීම අවසානයේ චතුරිකා රොශාන්ගෙන් වෙන් වුවා සේ ගයාන් සිය බිරිඳගෙන් ද වෙන්වී තිබෙනවා.

ළගදීම දවසක අලුත් මනමාලි කවුද කියන එක පවසන්න පොරොන්දු වෙනවා - නලීන් පෙරේරා...

නලීන් පෙරේරා ආයෙමත් විවාහ වෙයිද..?
එහෙමනම් ඇය කවුද..?

යන පැනය අපි නලින් පෙරේරාගෙන් විමසා සිටියා එම අවස්ථාවේ ඔහු දුන් පිළිතුරු පහතින්.

"මගේ පවුල දෙකඩ නොවී රැකගන්න මම කාලයක් වෙහෙස ගත්තා. දරුවෝ දෙන්නා ගේ බැදීම් වලින් මාව ඈත් කරන්න බැරි වුණාට දරුවන්ගේ අම්මා එක්ක තියෙන සම්බන්ධතාවය නැතිවෙලා දැන් අවුරුදු 10 යකටත් වැඩියි. දික්කසාද වෙන එකම සහ අවසාන පුද්ගලයා මම නෙවෙයි" කියල ඔහු එහෙම උත්තර දුන්නා.  

කණ්ඩායම් සංගීතය තුළ පෙරළිකාර වෙනසක් සිදුකළ ගායකයෙක් විදිහට නලීන් පෙරේරා හදුන්වන්න පුළුවන්. මේ වසරේ පෙබරවාරි 11 වෙනිදාට මේරියන්ස් සංගීත කණ්ඩායමට අවුරුදු 25 ක් සම්පූර්ණ වුණා වගේම ඔහුගේ ජීවිතයත් දැන් අලූත් වෙලා.

පෙර විවාහයේ දික්කසාදය අපේක්ෂාවෙන් සිටින නලීන් දැන් පෙම්වතෙක්...


දැන් නලීන්ව දකින්න ලැඛෙන්නෙත් නැහැ ඇයි ඒ ?
දකින්න පේන්න එන්නේ නැහැ. අලූත් නිර්මාණ එළියට දැම්මේ නැහැ. ඒ නිසා හැංගිලා ඉන්නවා වගේ හිතෙනවා ඇති ඒත් මම නිහඩ නැහැ.

අන්තර්ජාලයේ පළවන ආන්දෝලනාත්මක පින්තුර ප්‍රභාකරන් ගේ පුතුගේ නොවේලු...

එසේනම් බංකරයක් තුළ කොට කලිසමකින් පමණක් සැරැසී කරේ නිල් පැහැති සරමක් සහිතව බිස්කට් කකා ඉන්නේ කවුද...?

එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානයේ නායක වූ වේලුපිල්ලේ ප්‍රභාකරන් ගේ 12 හැවිරිදි පුතුවූ බාලචන්ද්‍රන් වෙඩි වැදී මියයාමට ප්‍රථම ශ්‍රී ලංකා හමුදාවට බාරව සිටින අයුරු දැක්වෙන ජායාරුප කිහිපයක් බ්‍රිතාන්‍යයේ පළවන “The Independent” පුවත්පත පෙරේදා (18) පළකර තිබුනා.

එම ඡායාරූප අන්තර්ජාලයටද නිකුත් වී
තිබු අතර එසේ වීමත් සමග යුද්ධයේ අවසාන සමයේ සිදුවූ හමුදා මෙහෙයුම් වලදී බාලචන්ද්‍රන් ජීවග්‍රහයෙන් අල්ලාගෙන ඇති බවත් ඉන්පසු ආහාර පවා ලබාදී අනතුරුව ඉතා ලගින් සිට වෙඩි තබා ඇති බවත් පෙන්වා දෙනවා.

නමුත් The Independent” පුවත්පත පළ කර ඇති ජායාරුප මගින් ශ්‍රී ලංකා හමුදා හා එල්.ටී.ටී.ඊ.ය අතර පැවැති යුද්ධයේ අවසන් අදියරේදී එවකට 12 හැවිරිදි වියේ පසුවූ ප්‍රභාකරන්ගේ පුත් බාලචන්ද්‍රන් හමුදාවට භාර වීමෙන් පසු බංකරයක් තුළ කොට කලිසමකින්

ලොව පලමු නිරුවත් මුහුදු පිහිණුම...

නිරුවත් පිහිණුම නිසා තම ජිවිතය වෙනස් වුණා...

ලොව පලමු නිරුවත් මුහුදු පිහිණුම වූ සිඞ්නි ස්කිනි වෙත සහභාගි වූ දහස් ගණනක පිරිසක් පුණ්‍ය කට යුත්තක් සඳහා ඩොලර් 15000 ක් උපයා දීමට සමත් වුණා. ඉරිදා උදෑසන 8 ට මීටර් 900 ක් දුර මේ පිහිනුම ආරම්භ වුනේ සිඞ්නි වරායේදීය.

එහි සංවිධායක නයිජල් මාර්ෂ් කියා සිටියේ මෙය නිරුවත් වාදීන් සඳහා නොවන බවත් අළුත් දෙයක් කිරීමට කැමති අය වෙනුවෙන් බවත්ය. 89 හැවිරිදා මහල්ලෙත්, දෙපා පණ නැති අයෙක්, ආබාධිතයෙක් ඇතුළු කෙට්ටු මහත බාල මහලු අය මෙහි සිටි බව මාර්ෂ් උපුටා දක්වමින් සිඞ්නි මෝනිං හෙරල්ඞ් වාර්තා
කළා.

පාප්වහන්සේගේ ඉල්ලා අස්‌වීමට බලපෑ හේතුව මෙන්න...

මෙක්‌සිකෝ සංචාරයේදී පාප් වහන්සේ අනතුරකට ලක්‌ වූ බව හෙළිවේ...

රහසිගත ශල්‍යකර්මයක්‌ කරලාලු...

මෙක්‌සිකෝවේ සංචාරයක යෙදී සිටිය දී බෙනඩික්‌ පාප්වහන්සේ නාන කාමරයේ වැටී ගිය හිස තුවාල සිදුවීම නිසා රහසිගත ශල්‍යකර්මයක්‌ සිදු කර ඇතැයි ටියුරින් නගරයේ ලාටුවාමියා පුවත්පත කියා සිටිනවා.

පාප්වහන්සේගේ ඉල්ලා අස්‌වීමට බලපා ඇත්තේ ඒකී සිද්ධිය යයිද එම පුවත්පත සඳහන් කරනවා. එම පුවත සනාථ කරමින් වතිකානු පුවත්පතක්‌ද පැවසූවේ මෙක්‌සිකෝ සංචාරයෙන් පසු බෙනඩික්‌ පාප් වහන්සේ ධූරයෙන් ඉවත්වීමට තීරණය කළ බවයි.

දික්‌කසාදය ගන්න ආ තරුණ නළුවෙකුට විවාහක බිරිඳ අතින්, පයින් සහ සෙරෙප්පුවලින් පහරදීලා

නළුවා ජනප්‍රිය ටෙලි නිළියක සමග අනියම් සම්න්ඳතාව...

දික්‌කසාද නඩුවක්‌ සඳහා මහර කඩවත අධිකරණ සංකීර්ණයට පැමිණ සිටි තරුණ ජනප්‍රිය ටෙලි නාට්‍ය හා චිත්‍රපට නළුවකුට ඔහුගේ විවාහක බිරිඳ අතින්, පයින්, කුඩයකින් සහ සෙරෙප්පුවලින් පහරදී තිබෙනවා.

ඒ මොහොතේ අධිකරණයේ සිටි බොහෝ පිරිසක් මෙම සිද්ධිය වට වී නැරඹූ බවද
පැවසෙනවා.

මෙම තරුණ නළුවා ඉකුත් කාලයේ එක්‌තරා ජනප්‍රිය ටෙලි නිළියක සමග ඇතිකරගෙන තිබූ බව කියන අනියම් සබඳතාවක්‌ හේතුවෙන් ඔහුගේ විවාහක බිරියගෙන් වෙන්වීමට කටයුතු කර ඇතැයි වාර්තා
වෙනවා.