Ads 468x60px

.

අන්තර්ජාලයේ පළවන ආන්දෝලනාත්මක පින්තුර ප්‍රභාකරන් ගේ පුතුගේ නොවේලු...

එසේනම් බංකරයක් තුළ කොට කලිසමකින් පමණක් සැරැසී කරේ නිල් පැහැති සරමක් සහිතව බිස්කට් කකා ඉන්නේ කවුද...?

එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානයේ නායක වූ වේලුපිල්ලේ ප්‍රභාකරන් ගේ 12 හැවිරිදි පුතුවූ බාලචන්ද්‍රන් වෙඩි වැදී මියයාමට ප්‍රථම ශ්‍රී ලංකා හමුදාවට බාරව සිටින අයුරු දැක්වෙන ජායාරුප කිහිපයක් බ්‍රිතාන්‍යයේ පළවන “The Independent” පුවත්පත පෙරේදා (18) පළකර තිබුනා.

එම ඡායාරූප අන්තර්ජාලයටද නිකුත් වී
තිබු අතර එසේ වීමත් සමග යුද්ධයේ අවසාන සමයේ සිදුවූ හමුදා මෙහෙයුම් වලදී බාලචන්ද්‍රන් ජීවග්‍රහයෙන් අල්ලාගෙන ඇති බවත් ඉන්පසු ආහාර පවා ලබාදී අනතුරුව ඉතා ලගින් සිට වෙඩි තබා ඇති බවත් පෙන්වා දෙනවා.

නමුත් The Independent” පුවත්පත පළ කර ඇති ජායාරුප මගින් ශ්‍රී ලංකා හමුදා හා එල්.ටී.ටී.ඊ.ය අතර පැවැති යුද්ධයේ අවසන් අදියරේදී එවකට 12 හැවිරිදි වියේ පසුවූ ප්‍රභාකරන්ගේ පුත් බාලචන්ද්‍රන් හමුදාවට භාර වීමෙන් පසු බංකරයක් තුළ කොට කලිසමකින්

පමණක් සැරැසී කරේ නිල් පැහැති සරමක් සහිතව බිස්කට් වැනි දෙයක් ආහාරයට ගනිමින් සිටින අයුරු දැක්වෙන එම ඡායාරූපය නිසා බාලචන්ද්‍රන් භාර වූ පසුව මරා දමා ඇතැයි යන කතාව තහවුරු වන බව “The Independent” පුවත්පත සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවෙත අදහස් දක්වමින් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පවසන්නේ මෙම පින්තුර බොරුවක් බවයි.

එහිදී ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා මානව හිමිකම් සමුළුව සමීප වන විට එතෙර බෙදුම්වාදී දෙමළ සංවිධාන ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්ති නාමය පළුදු කිරීම සඳහා කොටි නායක ප්‍රභාකරන්ගේ බාල පුතා පණ පිටින් සිටින පින්තූරද, මළ පසු පින්තූරද විකාශනය කරමින් පදනම් විරහිත අස්ථාන චෝදනා ඉදිරිපත් කරන බව
යි.

බොරු, බාගෙට බොරු, දූෂමාන ආරංචි හා කටකතා මගින් හමුදාවට එරෙහි ප්‍රචාර ගෙන යන බවත්, මෙවැනි පදනම් විරහිත චෝදනා නොනගා සාක්කි ඇත්නම් කළ යුතු වන්නේ රජයට හෝ හමුදාවට ඒවා ඉදිරිපත් කිරීම බවත්, පිළිගත හැකි සාක්කි අනුව එසේ කරන්නේ නම් ඒ ගැන පරීක්ෂණ පවත්වන බව ද ඔහු කිය
නවා.

එහෙත් වේලුපිල්ලේ ප්‍රභාකරන් ගේ පුතාගේ ජායාරූප පල වූයේ බ්‍රිතාන්‍යයේ පළවන “The Independent” පුවත්පතේ පමණක් නොවන අතර ඉන්දියාවේ ද හින්දු පුවත්පත, බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් පුවත්පත, හා BBC පුවත් ඇතුළු ජාත්‍යන්තර ජනමාධ්‍ය ගණනාවක් ඒවා පල කර තිබුනා.

එය එසේ හෙයින් අපටද කිව යුතු දෙයක් තිබේ.
 
පසුගිය මාර්තු මාසයේ ජිනීවා සමුළුව පැවැත්වෙද්දී ලංකාවේ සිදුවූයේ කුමක්ද? ජ්‍යෝතිෂ්‍යවේදීන් ගෙන්වා රජයට පක්ෂ අනාවැකි කියවන ලදි. සෑම දිස්ත්‍රික්කයකම ඇමරිකාවට විරුද්ධව උද්ඝෝෂණ කරන ලදි. ඒ අතරේ බඩු මිල ඉහල දැමුණි. බඩු මිල ඉහල දැමීමට උද්ඝෝෂණය කලවුන් දේශද්‍රෝහීන් ලෙඩ හංවඩු ගැසුණි.

අවසානයේ ඇමරිකාව ගෙනා යෝජනාව වැඩි ජන්ද 9කින් සම්මත විය. ජිනීවා යෝජනාව පරාජයට පත්වන බවට ජ්‍යෝතිෂ්‍යවේදීන් ගෙන්වා ප්‍රසිද්ධ කරගත් රජයට පක්ෂව කියවාගත් එම අනාවැකි සියල්ල බොරු විය.

එම සමුළුව සඳහා ගිය බොහෝ දෙනෙක් මෙය රට ගැන තීරණාත්මක අවස්ථාවක් බව අමතක කොට තිබුණි. සාප්පු සවාරියේ යාම, විනෝදයෙන් පසුවීම, තමාගේ තනතුර වෙනුවෙන් කුලල් කා ගැනීම, ගණිකාවන් කරා යාම එම ගමන පුරා දැකගත හැකිවූ දේවල් විය. ලංකාවෙන් ගොස් සිටි මාධ්‍යවේදීන් දෙදෙනෙකු ජිනීවා නුවර හෝටලයක් ගණිකා පහස ලැබීමෙන් අනතුරුව ගැටළුවක් මතුවී තිබුණි.

ඒ ඔවුන් ගණිකාවන් හට ගෙවූ මුදල ප්‍රමාණවත් නොවූ හෙයින් කළමනාකාරිත්වය ඔවුන් රඳවා ගැනීමත් සමගයි. කෙසේ නමුත් ශ්‍රී ලංකාවෙන් ගිය කණ්ඩායමේ නියෝජිතයෙක් පැමිණ ඔවුන්ගේ හිඟ මුදල ගෙවා ඔවුන් බේරාගෙන ගොස්
තිබුණි.

එසේ තිබියදී රටේ ජනතාව යනු ආසියාවේ ආශ්චෛර්යමත් දේශය හෙට උදාවේ යැයි සිතමින් පිළිකන්නට ගොස් සුළුදිය පහකර නිදාගන්නා ලිං මැඩියන් යැයි කවුරුන් හෝ  සිතීම පිළිබඳව අප කණගාටු විය යුතුය.

මරණාසන්න මොහොතේ ප්‍රභාකරන් ගේ පුතුගේ ආන්දෝලනාත්මක පින්තුර අන්තර්ජාලයේ...

 
Related Posts with Thumbnails