Ads 468x60px

.

කාලි අම්මගෙ උදහසට පාත්‍රවෙන අයට මොකද වෙන්නේ...?

කාලි අම්මාගෙන් පිහිට ඉල්ලගෙන එන අයට මොකද වෙන්නේ...?

කාල අම්මා යහපතට වඩා අයහපතටත් බලපාන දේවතාවියක්‌ද..? 

තමන්ගේ ඇහැට පේන්නෙ නැති බලවේග වගේම ඈත අහසේ සැරිසරන ග්‍රහයන්ගෙනුත් නොයෙක්‌ නොයෙක්‌ විපත්ති කරදර සිද්ධ වෙනවා කියන විශ්වාසයක්‌ සිංහල බෞද්ධ සමාජයේ තියෙනවා.

දේවකෝපයෙන් ලෙඩ හැදෙනවා වගේම ග්‍රහ දොස්‌ නිසා ලෞකික දියුණුව නැති වෙන බවත් සමහරු සිතනව. කාටහරි දිගටම තියෙන ලෙඩ රෝගයcc හරි වෙන කරදයක්‌ හරි නැති කරගන්ට දෙවියන් වගේම ග්‍රහයින් සතුටු කරන්ට ඕනෑ කියල තමයි ඔවුන් කල්පනා කරන්නෙ. 

ඒ විතරක්‌ නොවෙයි, ග්‍රහ බලපෑම නරක්‌ වෙනකොට තමන්ගෙ වටේ ඉන්න ඉරිසියාකාරයන්ගෙන්, තරහකාරයන්ගෙන් වුණත් නරක දේවල් සිද්ධ වෙන්ටත් පුළුවන් බවයි ගැමියෝ විශ්වාස කරන්නෙ.

මේ වගේ විපත්ති, කරදරවලට පිහිටවෙන දේවතාවියක්‌ විදිහටයි කාලි දෙවඟන ප්‍රසිද්ධ වෙලා ඉන්නෙ. කාලි අම්මා, කාලි මෑණියෝ, භද්‍රකාලි වගේ නම් ගණනාවකින් ඇය හඳුන්වනවා. කාලි දෙවඟන ඉන්දියාවෙන් ලංකාවට ආව බලවත් දේවතාවියක්‌ විදිහටයි පිළිගන්නේ. 

හින්දු විශ්වාසයට අනුව කාලි අම්මා දෙමළ ජනතාවගේ ජනප්‍රියම දේවතාවියක්‌. කාලිය, උමා, ගිරිදේවි, පාර්වතී, ජගන්මාතා වගේ නම් ගණනාවකින් ඇයව හඳුන්වලත් තියෙනවා.