Ads 468x60px

.

අමිල නයනා කුමාරිගේ පා යුගම වැඳ සමාව ගත් කටකතාවේ ඇත්ත නැත්ත මෙන්න...

නයනා කුමාරිට අපහාස කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධව ඇය විසින් මිරිහාන නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට කරන ලද පැමිණිල්ලකට අනුව ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන අමිල අබේසේකර විසින් නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතා ඉදිරියේ අදාළ සිද්ධියට කනගාටුව ප්‍රකාශ කර පැමිණිලිකාර නයනා කුමාරිගෙන් වැඳ සමාව ගත් පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

එහෙත් එම පුවත දුෂමානව ගොතා පලකරන ලද්දක් බව අමිල අබේසේකරගේ නීතිඥ්ඥයින් අද පුවත්පතට දන්වා තිබෙනවා.

එහි සම්පුර්ණ සිද්ධිය පහතින්.

වාන්ඇළ ජනපදයම හඬවා කවිෂ්ක පුතු අවසන් ගමන් ගිය හැටි...

ළමයාගේ තාත්තා පිස්‌සු වැටිලා. එකම ළමයනේ... 

මිනිය ගෙනාපු වෙලේ එයා පිහියක්‌ අරගෙන වත්ත පුරාම දිව්වා. 

ජීවිතේ නැති කරගන්න...

පසුගිය 26 දා තම 17 වන උපන් දිනය සමරන්නට ලක ලැහැස්‌ති වී සිටි එහෙත් ගිනි ගොඩක්‌ අවුළුවා 25 දා ඒ සියලු බලාපොරොත්තු, සිහින, මාරයාට පූජාකොට අවාසනාවන්ත ලෙස සමුගත් කන්තලේ වාන්ඇළ ජනපදයේ පදිංචි කන්තලේ මධ්‍ය මහා විදුහලේ දීප්තිමත් සිසුවකු වූ ඒ. ජී. කවිෂ්ක මධුවන්ත සිසුවාගේ මරණයෙන් ඔහුගේ පියා මහත් කම්පාවට පත්ව වේදනාවෙන් යුතුව පුතුගේ දේහය අසලට වී නොකා නොබී එක්‌තැන්ව සිටිනවා. 

කන්තලේ ප්‍රදේශයේ ජනතාව දේහයට අවසන් ගෞරව දැක්‌වීමට පැමිණෙමින් සිටිනු දක්‌නට ලැබුණා.

ඉකුත් 19 දා තම පියාගේ කුඹුරින් නෙළාගන්නා ලද වී අස්‌වැන්න මිටිකොට ට්‍රැක්‌ටරයක
ට්‍රේලරයක පටවාගෙන සේරුනුවර - කන්තලේ ප්‍රධාන මාර්ගයෙන් තම වාන් ඇළ නිවසට ගෙනඑමින් සිටිය දී එම මාර්ගයේ 12 බැරියර් එක අසල දී වී මිටියක්‌ සමග මධුවන්ත දරුවා ටේලරයෙන් මහමගට ඇද වැටී බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී 25 දා ජීවිතයෙන් සමුගත්තා.

දමිතා ඇත්තටම පෞද්ගලික ගුවන් විදුලි නාලිකා වකට සේමිණි ගැන කිව්ව කතාව මෙන්න...

සේමිණීගේ නම විකුණලා දිනන්න දෙයක් මේ ක්‍ෂේත්‍රයේ මට නැහැ...

ඒත් කර කියා ගන්න දෙයක් නැති...අනුන්ගේ පවුල් කඩා ඉහිරවන... 

රංගන ශිල්පිනියක් තමයි මේ අසත්‍ය ප්‍රචාර පතුරවන්නේ කියලා මට මඩ ගහලා...

එක්තරා පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් මගින් ප්‍රචාරය කෙරුණු වැඩසටහනක දී තමාගේ නම ඈදගෙන අපහාසාත්මක ප්‍රකාශයක් කළේ යැයි චෝදනා නගමින් රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොඩ, රංගන ශිල්පිනී  දමිතා අබේරත්නට එරෙහිව ඉකුත් 21 වැනි දින නඩු පැවරුවාය.

තමන්ට එරෙහිව එල්ල වී තිබෙන එම චෝදනා සම්බන්ධයෙන් දමිතා දරන්නේ කෙබඳු මතයක් දැයි දැනගනු පිණිස අපි ඇයව මෙසේ සංවාදයට එක්කර ගත්තා.

සේමිණි ඉද්දමල්ගොඩට ප්‍රසිද්ධියේ අපහාස කළ බවට චෝදනාවක් ඔබට එල්ල වී තිබෙනවා. එම චෝදනාව සම්බන්ධයෙන් ඔබට කීමට ඇත්තේ මොනවාද?

පැහැදිලිවම මම නිර්දෝෂීයි.

එසේනම්, ඔබ අපහාසාත්මක ප්‍රකාශයක් කළාය කියන එම ගුවන්විදුලි සම්මුඛ සාකච්ඡාවේදී ඔබ ඇය ගැන මොනවාද පැවසුවේ?

සේමිණි ඉද්දමල්ගොඩට මම කිසිම අපහාසයක් කළේ නැහැ. ඇගේ නම සම්බන්ධ කරලා එක්තරා වෙබ් අඩවියක් විසින් පළ කරපු පුවතක් සම්බන්ධයෙන්, ඔය කියන සම්මුඛ සාකච්ඡාවේදී මගෙන් විමසූ විට, ඔය කවුරුවත් යන එන හෝටල් ගැන සොයන්න වෙලාවක් මට නැහැ කියලා මම උත්තර දුන්නා.