Ads 468x60px

.

වෑන් එක ගිනිගත්තේ පෙට්‍රල් ටැංකියකට ගිනි ඇවිලීමෙන් - රියදුරු


උතුරු කළුතර, ඇලමෝදර පාලම අසළදී වෑන් රථයක හටගත් ගින්නෙන් මියගිය පුද්ගලයින් සිව්දෙනා පිළිබද මහේස්ත්‍රාත් පරික්ෂණය අද පෙරවරුවේ පැවැත්විය.පොලිසිය ප්‍රකාශ කළේ අනතුරුව මියගිය පුද්ගලයින්ගේ ‍සිරුරු නාගොඩ රෝහලට රැගෙන ගිය බවය.

MTV නාලිකාව අද සිට නව මුහුණුවරකින්


සිරස මාධ්‍ය ජාලයේ සහෝදර නාලිකාවක් වන CHANNEL ONE MTV නාලිකාව අද සිට නව මුහුණුවරකින් ප්‍රේක්ෂකයින් අතරට ගෙනඒමට කටයුතු යොදා තිබේ. ඒ අනුව අද සිට CHANNEL ONE MTV ඔබ වෙත සමීප වනුයේ MTV SPORTS ලෙසිනි.

ශිහාන් හා ගීෂ්නි අතිනත ගත් දා

සිරස සුපර් ස්ටාර් හරහා ජනපි‍්‍රයත්වයට පත් යොවුන් ගායක ශිහාන් මිහිරංග ඊයේ (25) හැඳල නායකකන්ද ශාන්ත මේරි දේවස්ථානයේදී විවාහ  දිවියට ඇතුළත් විය.ඔහුගේ අත ගත්තේ ගීෂ්නි ක්ලමෙන්ටා සිල්වාය.දසවසරක පෙමක් පළ දරමින් ශිහාන් හා ක්ලමෙන්ටා එක් වහලක් යටට එක්වුවද මේ කාතාව මාධ්‍යයෙන් වසන් කිරීමට ශිහාන් දැඩි ලෙස උත්සාහ කළ බවද වාර්තා වේ.

සෝම ස්වාමීන් වහන්සේ ගැන අප්‍රකට පුවත්

පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ වරක් උදෑසන හීල් දානයට වැඩම නොකළේ මන්දැයි සොයා බලන විට උන්වහන්සේ ධර්මායතනයේ ගේට්ටුව ළග සිටින බැව් දැන ගන්නට ලැබිණි. එහි ගිය අයට උන්වහන්සේගේ පිළිතුර වුයේ “ඊයෙ රෑ මට ඇමතුමක් ආවා අද එළියට බෑස්සොත් මරණවයි කියලා. මම මේ ගේට්ටුව ගාවට ආවා කවුද එන්නෙ කියලා බලන්න”. 

ස්වර්ණවාහිනිය දැන් අසරණවාහිනියක් වෙලාලු

මේ දිනවල විශාල පරිපාලන අර්බුදයකට මුහුණ දී සිටින ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම රූපවාහිනී නාලිකාවක් වන ස්වර්ණවාහිනියේ නව කළමණාකාර අධ්‍යක්ෂකවරයා වන අසංග එදිරිසිංහ සහ ඔහුගේ ගෝලයාවන තුෂාන් මීමනගේ දිනෙන් දින පහතවැටෙන ස්වර්ණවාහිනී ‘රේටින්ස්’ වැඩිකරගැනීම සඳහා LMRB (Lanka Market Research Bureau) වෙත අල්ලස් ලබාදුන් බව වාර්තා වේ.

Google ට නඩුවක් File වෙයි

ප්‍රංශ වෙළෙඳ වෙබ් අඩවියක් වන ට්වෙන්ගා සමාගම විසින් සුප්‍රසිද්ධ ගූගල් සමාගමට එරෙහිව යුරෝපියානු කොමිසම හමුවේ නඩු පවරා ඇති බව විදෙස් වාර්තා පවසයි.

පෘථිවිය දෙසට විශාලතම සූර්ය ගිනි සිළුවක් නිකුත්වේ

සූර්යයාගේ 1401 නම් සූර්ය කලාපයේ සිට M-3 කාණ්ඩයට අයත් සූර්ය ගිනි සිළුවක් පසුගිය 19 දා ශ්‍රී ලංකා වේලාවෙන් පැය 19:12ට නිකුත් වූ බව නාසා හි සූර්ය ගතිකත්ව නිරීක්ෂනාගාරය නිරීක්ෂනය කර තිබේ. මෙයත් සමඟම සූර්යයා විසින් කෙලින්ම පෘතුවිය දෙසට ප්‍රභල කොරෝනීය ස්කන්ධ ප්‍රවාහයකුත් [coronal mass ejection (CME)] නිකුත් කර තිබෙන බව වාර්තා වන අතර තාරකා විද්‍යාඥයන් අනුමාන කරන්නේ එය තත්පරයට කිලෝමීටර 1000ක පමණ වේගයකින් පෘතුවිය වෙත ළඟාවන බවයි.

මර්වින්ට අනතුරක් අත ළඟලු

අමාත්‍ය මර්වින් සිල්වා මහතා ආණ්ඩුව රකින නමුත් ආණුඩවෙන්ම ඔහුට විරුද්ධව අනතුරක් පවතින බව ජනතා විමුක්ති පෙරමුනේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලාල් කාන්ත මහතා පවසයි.

නතාෂාගෙයි පි‍්‍රහාන්ගෙයි පුංචි ඇයි හොඳැයික් තියෙනවලු

යොවුන් ගායිකාවක්, නිළියක් හා නිවේදිකාවක් වන නතාෂා පෙරේරා හා යොවුන් ගායකයෙක් වන පි‍්‍රහාන් මාඩප්පුලි අතර පුංචි ඇයි හොඳැයික් ඇතැයි  වාර්තා වේ.මේ ඇයි හොඳැයිය තරමක් දුරදිග ගිය එකක් බවද පැවසෙන අතර 2011 වසරට සමුදෙන්නට ඔවුන් රාජගිරියේ ප‍්‍රසිද්ධ අවන් හලක කෝපි කෝප්පයක් තොල ගාමින් පේ‍්‍රමණීය කතාබහක යෙදී සිට අතැයිපැවසේ.

අනුරුද්ධිකාගේ බබාට තාම නමක් නෑලු

සිනමා හා ටෙලි නිලියක් වන අනුරුද්ධිකා පාදුක්කගේ හා කොළඹ ශ‍්‍රීපාලි මණ්ඩපයේ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වන නාලක විජේවර්ධන යුවලට උපන් පුංචි පුතුට මෙතෙක් නමක් තබා ගැනීමට නොහැකි වී ඇතැයි වාර්තා වේ.ඔවුන් දෙපල පුතුට නම් තැබීමට ශබ්ද කෝෂ බලමින් සිටින බැවින් මේ තත්ත්වය උදාවී ඇතැයි පැවසේ.

අනියම් ඇසුරක් නිසා සැමියා බිරියගේ රහස් පෙදෙසට ගිනිතියලා

අනියම් සබඳතාවක් පවත්වන බවට සැක සිතා සිය බිරියගේ රහස් ප‍්‍රදේශයට පෙට‍්‍රල් දමා ගිනි තැබීමේ සිද්ධියකට අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු ලබන මස 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රහර්ෂා රණසිංහ මහත්මිය නියම කළාය.