Ads 468x60px

.

පෘථිවිය දෙසට විශාලතම සූර්ය ගිනි සිළුවක් නිකුත්වේ

සූර්යයාගේ 1401 නම් සූර්ය කලාපයේ සිට M-3 කාණ්ඩයට අයත් සූර්ය ගිනි සිළුවක් පසුගිය 19 දා ශ්‍රී ලංකා වේලාවෙන් පැය 19:12ට නිකුත් වූ බව නාසා හි සූර්ය ගතිකත්ව නිරීක්ෂනාගාරය නිරීක්ෂනය කර තිබේ. මෙයත් සමඟම සූර්යයා විසින් කෙලින්ම පෘතුවිය දෙසට ප්‍රභල කොරෝනීය ස්කන්ධ ප්‍රවාහයකුත් [coronal mass ejection (CME)] නිකුත් කර තිබෙන බව වාර්තා වන අතර තාරකා විද්‍යාඥයන් අනුමාන කරන්නේ එය තත්පරයට කිලෝමීටර 1000ක පමණ වේගයකින් පෘතුවිය වෙත ළඟාවන බවයි.


මේ නිසා ඉහළ අක්ෂාංශ වල ජීවත් වන්නන්ට (ඇතැම් විට මැදි අක්ෂාංශ වල සිටින අයටත්) අවුරෝරා ඇතිවීමේ පැහැදිලි වර්ධනයක් නිරීක්ෂනය කල හැකි වනු ඇත. විද්‍යාඥයින් පවසන්නේ එම සූර්ය කුණාටුවේ බලපෑමෙන් චන්ද්‍රිකා සන්නිවේදන කටයුතුවලට මෙන්ම ධ්‍රැවීය ප්‍රදේශ හරහා සිදුවන ගුවන් ගමන් වලටද බාධා එල්ල විය හැකි බවය.

සූර්යයා විසින් පසුගිය සතියේදීද මේ සා ප්‍රභල කොරෝනීය ස්කන්ධ ප්‍රවාහයක් සිකුරු ග්‍රහයා ඉලක්ක කර නිකුත් කර ඇති බව වාර්තා වේ.නාසා හෙවත් අමෙරිකානු ගගන හා අභ්‍යවකාෂ පාලනාධිකාරිය පවසන්නේ 2005 වසරට පසුව පෘථිවිය දෙසට එල්ලවන විශාලතම සූර්ය කුණාටුව මෙය බවය.
 
Related Posts with Thumbnails