Ads 468x60px

.

වෑන් එක ගිනිගත්තේ පෙට්‍රල් ටැංකියකට ගිනි ඇවිලීමෙන් - රියදුරු


උතුරු කළුතර, ඇලමෝදර පාලම අසළදී වෑන් රථයක හටගත් ගින්නෙන් මියගිය පුද්ගලයින් සිව්දෙනා පිළිබද මහේස්ත්‍රාත් පරික්ෂණය අද පෙරවරුවේ පැවැත්විය.පොලිසිය ප්‍රකාශ කළේ අනතුරුව මියගිය පුද්ගලයින්ගේ ‍සිරුරු නාගොඩ රෝහලට රැගෙන ගිය බවය.



ඒ පිළිබද පශ්චාත් මරණ පරික්ෂණය නාගොඩ රෝහලේදී පැවැත්වීමට නියමිතය.විදුලි කාන්දුවක් හේතුවෙන් වෑන් රථයේ තිබූ අනාරක්ෂිත පෙට්‍රල් ටැංකියකට ගිනි ඇවිලීමෙන් මෙම ගින්න පැතිරී තිබේ.අනතුරින් දිවි ගලවා ගත් රියදුරු පොලිසියට පවසා තිබෙන්නේ වෑන් රථයේ මගීන් ගමන් ගන්නා කොටසේ සවිකර තිබු බහාලුමක් තාවකාලික පෙට්‍රල් ටැංකිය ලෙස භාවිත කළ බවය.

මෙම අනතුරින් වෑන් රථ රියදුරුගේ දරුවන් දෙදෙනා සහ ඔහුගේ ඥාතී කාන්තාවක් හා ඇගේ දියණිය මියගියේය.රියදුරු ඇතුළු 7 දෙනෙකු මෙහිදී තුවාල ලැබු අතර ඔවුන් කළුතර නාගොඩ ‍රෝහලේ ප්‍රතිකාර ලබති.අද අලුයම 12.45 ට පමණ සිදුවු එම අනතුරට මුහුණ පෑවේ හඳපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.





මගේ දරු දෙදෙනාත්, අම්මා සහ අක්‌කාත් මට පෙනි පෙනී ගින්නට බිලි වුණා- වෑන් රියේ රියෑදුරු වැළපෙයි


"මට පෙනි පෙනී මගේ පුතාලා දෙදෙනාත්, අම්මත්, අක්‌කාත් වෑන් රථය තුළදීම ගින්නට බිලිවුණා" යෑයි උතුරු කළුතර දියගම ගල්පාත ප්‍රදේශයේදී ගින්නට බිලි වූ වෑන් රථයේ රියෑදුරු වන අරකාවිල හඳපාන්ගොඩ පදිංචි හතළිස්‌ හැවිරිදි ලසන්ත දීපාල් මහතා වැළපුණේය.

කළුතර නාගොඩ රෝහලේ 5 බී වාට්‌ටුවේ ප්‍රතිකාර ලබන ඔහු කඳුළු සලමින් මෙසේද කීවේය. "බේරුවල මාගල්කන්දේ ඥාතියකුගේ මළ ගෙදරකට අපි පෙරේදා (25 වැනිදා) පැමිණ රාත්‍රියේ නැවත හඳපාන්ගොඩ යන්න පිටත් වුණා.

අතරමඟදී වාහනයේ දෝෂයක්‌ ඇතිවුණා. එය සාදාගෙන ටික දුරක්‌ගිය විට එක පාරටම ශබ්දයක්‌ ආවා. ඉදිරිපස ආසනවල සිටි මමත් බිරිඳත් වාහනයෙන් පැන ගත්තා. තවත් කිහිපදෙනෙක්‌ වාහනයෙන් පැනගත්තා. ඒත් මගේ දරු දෙදෙනාත් අම්මාත්, අක්‌කාත් මා ඉදිරිපිටදීම වෑන් රථය තුළදී ගින්නට හසුවුණා. මට දැන් මොනවා කරන්නද කියා සිතාගන්නත් බැහැ."


 



එය ආධුනික ශිල්පියෙකු විසින් ජංගම දුරකථනයකින් පටිගත කරන ලද්දකි.




 
Related Posts with Thumbnails