Ads 468x60px

.

රංජන්ගෙ අරාබි ජිමික් වලට නිළියන් හොල්මන්

ජනපි‍්‍රය නළු රංජන් රාමනායක මේ දිනවල යොවුන් නිළියන් සිවුදෙනෙකුට අරාබි ජිමික් පෙන්වීමට පටන්ගෙන ඇතැයි වාර්තා වේ.රංජන් මෙසේ අරාබි ජිමික් පෙන්වා ඇත්තේ නවක නිළියන් වන රුවංගි රත්නායක, මහේෂි මධුසංඛි, මේනකා මධුවන්ති හා නෙතූ පි‍්‍රයංගිකාට බව වාර්තා වේ.ටෙනිසන් කුරේද රංජන්ගේ සහයට එක්වී ඇතැයිපැවසේ.


රංජන්
හා ටෙනී එක්ව නිළියන්ට අරාබි ජිමික් පෙන්වා ඇත්තේ සුදේශ් වසන්ත පීරිස්ගේ නවතම සිනමා සිත්තම වන ‘ජීවිතය ලස්සනයි’ හි කොට්ටාවේ දර්ශන තලයේදීය.

සුදේශ්
මෙහිදී රංජන් හා ටෙනී අරාබි කාරයින්ට අන්දා ඇති අතර ආනන්ද වික‍්‍රමගේට දියණියන් සිවුදෙනෙකුලබාදී තිබේ.ආනන්දගේ දියණියන් වූයේ රංජන් හා ටෙනී අරාබි ජිමික් පෙන්වූ යොවුන් නිළියන් සිවුදෙනාය.

සුදේශ්ගේ
12 වැනි සිනමා පටය වන ‘ජීවිතය ලස්සනයි’ හි නිෂ්පාදක දායකත්වය සපයන්නේ සුනිල් ටී. ප‍්‍රනාන්දුය. මෙය සුනිල් නිෂ්පාදන දායකත්වය සැපයූ 53 වැනි චිත‍්‍රපටය වේ.සුදේශ් මීට පෙර රත්තරං මිනිහෙක්, වැඩබැරි ටාසන්, පිංපොම් හා පිස්සු පූසා හාස්‍ය උත්පාදක සිනමා පට හරහා ජනපි‍්‍රයත්වයට පත් විය.

රොබින්
ප‍්‍රනාන්දු, විල්සන් ගුණරත්න, සහන් විජේසිංහ, චතුර පෙරේරා, සුසිලා කොට්ටගේ, හේමන්ත ඊරියගම, ටිරෝන් මද්දුමගේ, වසන්ත කමාරවිල, කුසුම් පෙරේරා හා පේ‍්‍රමදාස විතානගේ යන නළු නිළියෝද මෙම සිනමා පටයට රංගනයෙන් දායක වෙති.

මේ
අතර ජනපි‍්‍රය නළු රංජන් රාමනායක ස්ලිම් සම්මාන උළෙලේ සම්මාන දෙකක් සඳහා යෝජනා වී ඇතැයිවාර්තා වේ. ඔහු ජනපි‍්‍රය නළුවා හා ජනපි‍්‍රය තරුණ නළුවා යන සම්මාන දෙක සඳහා නිර්දේශ වී ඇතැයි පැවසේ.
 
Related Posts with Thumbnails