Ads 468x60px

.

කපිතාන් එක්ස් ෆයිල්ස් නිළියගෙන් කෝටි 10ක වන්දියක් ඉල්ලයි


ලොව පුරා ජනප්‍රිය 'එක්ස් ෆයිල්ස්චිත්‍රපට මාලාවේ ප්‍රධාන  නිළි ජිලියන් ඇන්ඩර්සන් මහත්මියට අයත් රුපියල් ලක්ෂ 178ක් වංචා කළ බවට සැකකෙරෙන  හිටපු හමුදා කපිතාන් වරයා නිළියගෙන්ද ඇගේ සැමියාගෙන්ද ශ්‍රී ලාංකිකයකුගෙන්ද රුපියල් දස කෝටියක වන්දි ඉල්ලා අධිකරණයේ නඩුක් පවරා ඇත.


ජිලියන් ඇන්ඩර්සන් නම් හොලිවුඞ් නිලියගේ රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්‍ෂයක් වංචා කළැයි නඩුවකට මුහුණ දෙන ආබාධිත හා විශ‍්‍රාමික කපිතාන් කොළඹ වාණිජ අධිකරණයේ මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ඉදිරියේදී අද එම නඩු පවරා ඇතැයි සඳහන් විය.

එම නිළියගේ පස්යාලේ වත්තට විදුලිය ගැනීම සඳහා දුන් මුදල් වංචා කළැයි කපිතාන්ට එරෙහිව එම නිළිය කොළඹ කොටුව උසාවියේ නඩු පවරා ඇත.



 
Related Posts with Thumbnails