Ads 468x60px

.

පෘථීවියේ වසර 165ක් සපුරා නෙප්චූන් ග‍්‍රහයාට අලූත් වර්ෂයක් ලබයි

1846 වසරේදී ප‍්‍රංශ ජාතික ලේවැරියර් සහ එංගලන්ත ජාතික ජෝන් කොච් ඇඩම්ස් විසින් නෙප්චූන් ග‍්‍රහයා ග‍්‍රහලොවක් ලෙස ප‍්‍රථම වතාවට හදුනා ගැණුනු පසු වර්ෂ 165 ක් ගත කොට නෙප්චූන් ග‍්‍රහයා සූර්යයා වටා වූ තම පළමු පරිභ‍්‍රමණය සම්පූර්ණ කර ඇති බව වාර්තා වේ.
නෙප්චූන් ග‍්‍රහයාගේ වසරක් ලෙස සැලකෙන්නේ සාමාන්‍ය වසර 165 කි.

සූර්යයාගේ සිට කිලෝ මීටර් බිලියන 4.5 කට ආසන්න දුරකින් නෙප්චූන් ග‍්‍රහයා පිහිටා ඇති අතර හයිඩ‍්‍රජන් සහ හීලියම් බහුලව ඇති බැවින් මෙම ග‍්‍රහයා නීල වර්ණයෙන් දිස්වේ.

පියාඹන කාර්

ගොඩබිම මෙන්ම ගුවනේ ද ධාවනය කළ හැකි මෝටර් රථයක්  Terrafugia විසින් නිෂ්පාදනය කර ඇතැයි සඳහන් වේ. The Transition ලෙස නම් කර ඇති මෙම මෝටර් රථය සඳහා ඇමරිකාවෙ National Highway Traffic Safety Administration (NHTSA) ආයතනයෙන් ගොඩබිම සහ ගුවනේ ධාවනය කිරීම සඳහා අනුමැතිය ලැබී තිබේ.

සූට්කේසයෙන් ගමන් යන්න

ජපන් සමාගමක් විසින් කුඩා ස්කූටරයක් ලෙස භාවිත කළ හැකි සූ‍ට්කේසයක් වෙළඳපොළට නිකුත් කර තිබේ. ලීටර් 26 ධාරිතාවයකින් යුත් මෙම බහාලුමේ බර කිලෝග්‍රෑම් 5ක් පමණ වේ. මෙම ස්කූටරයේ වේදිකාවට කිලෝග්‍රෑම් 100 ක බරක් දැරිය හැක.

ප්‍රධාන වශයෙන් මෙම නිර්මාණය විශාල ගොඩනැගිලි, ගුවන් තොටුපොළ වැනි ස්ථාන වලදී ප්‍රයෝජනවත් වන බව මෙහි නිර්මාතෘවරුන් පවසයි. ඔබේ එදිනෙදා වැඩ කටයුතුවලදී පයින් ගමන් කිරීමට සිදුවන අවස්ථා සඳහා මෙම නිර්මාණය පහසු හා ඉක්මන් විසඳුමකි. මෙය ඉතා ආරක්ෂා සහිත නිර්මාණයක් වුවත් මහජනයා බහුලව ගැවසෙන ස්ථාන වලදී භාවිත කීරිම අපහසු වීම එහි පවතින එක් දුර්වලතාවයකි.

ලොව මිල අඩුම නිවසත් නැනෝ

ලෝකයේ මිල අඩුම මෝටර් රථය වන නැනෝ රථය නිපදවූ ටාටා සමාගම ලෝකයේ මිල අඩුම නිවසද නිපදවීමට සැලසුම් කරන බව වාර්තා වේ.

නැනෝ නිවස ලෙස නම් කර ඇති මෙය, ඉන්දියානු රුපියල් 32,000 ක් වැනි අඩු මුදලකට සෑදිය හැකි බව ටාටා සමාගම පවසයි.

ලාංකික ගෘහසේවිකාව මැරූ සවුදි ඝාතකයාට ලේ වන්දියෙන් සමාව

සවුදි අරාබියේදි ඝාතනයට ලක්වූ ශී‍්‍ර ලාංකික ගෘහසේවිකාවක වෙනුවෙන් සවුදි රියාල් 50,000ක ලේ වන්දියක් ගෙවීමට එකඟ වූ ඝාතකයාට සමාව ලබාදීමට ඇයගේ පවුලේ සාමාජිකයින් එකඟව තිබේ.

පේ‍්‍රම රංගනය ගැස්සී පෙම් යුවල පොලිසියේ

මහියංගනය, තිස්සපුර මහා විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබු ශිෂ්‍යාවක් කිසියම් පිරිසක් විසින් ඊයේ (19) දහවල් පැහැරගෙන ගොස් ඇති බවට වාර්තාවූ සිද්ධිය පැහැර ගැනීමක් නොවන බවට මේ වන විට තොරතුරු අනාවරණයවී තිබේ.

දංකොටුවේ මඩමකින් ගණිකා කතුන් හත්දෙනකු අල්ලයි

මීගමුව දංකොටුව ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ හෝටලයක පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වැටලූ වලාන දූෂණ මර්දන ඒකකය කාන්තාවන් හත්දෙනකු සමඟ එහි කළමණාකරු ලෙස කටයුතු කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

කිරි අම්මාට කළ සාහසික අපරාධයක්‌

සීදුව ලියනගේමුල්ල ප්‍රදේශයේ ගව ගාලක සිටි දින කිහිපයකට පෙර පැටවකු බිහි කළ කිරි එළදෙනගේ තන බුරුල්ල කපා දමා ඇති කිසියම් පිරිසක්‌ එහි බැඳ සිටි ගවයකුගේ පාදයක්‌ද මන්නයකින් කපා දමා පලාගොස්‌ තිබේ. සීදුව "ලයන් සිටි" නිවාස සංකීර්ණය ඉදිරිපිට මුතුරාජවෙල දෙසට විහිද ඇති මාර්ගයේ නිවෙස්‌ හිමියකුට අයත් ගව ගාලක බැඳ සිටි කිරි වැස්‌සියකුට හා ගවයකුට මෙම තිරිසන් ප්‍රහාරය එල්ල කර ඇත.

හපුතලේ පාසල් ගුරුවරියකට පෙට්‍රල් දමා ගිනි තබලා

හපුතලේ ප්‍රදේශයේ පාසල් ගුරුවරියකට යුද හමුදා සෙබළකු විසින් ඊයේ පෙරවරුවේ පෙට්‍රල් වක්‌කර ගිනි තැබීම හේතුවෙන් ඈ බරපතළ පිළිස්‌සුම් තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි හපුතලේ පොලිසිය පවසයි.

කහවත්ත ප්‍රදේශයේ තවත් සැකකටයුතු පුද්ගලයන් හතර දෙනකු අත්අඩංගුවට

කහවත්ත ප්‍රදේශයේ ආරක්‍ෂක කටයුතුවල නිරතව සිටින විශේෂ කාර්ය බළකාය තවත් සැකකටයුතු පුද්ගලයන් හතර දෙනකු පෙරේදා (18 වැනිදා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

තමා පොලූ නොතැබූ බව චූලා කියයි

නිරූපණ ශිල්පිණියක්, නිළියක් හා නිවේදිකාවක් ලෙස ජනාදරයට පත් චූලා පද්මේන්ද්‍ර මෙනවිය ‘ලිවින් විත් හෝප්’ චිත‍්‍රපටයෙන් ඉවත්වූයේ එම චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂ හා නිෂ්පාදක සමඟ එකඟතාවයකින් පසුව බව කියයි.

හසන්තගේ විවාහය දෙදරූ කතාව බොරු

ස්වාධින රුපවාහිනියේ අටපට්ටම වැඩසටහන මගින් ජනප්‍රියත්වයට පත් හසන්ත හෙට්ටිආරච්චි යුග දිවියට එළඹුණේ පසුගිය මැයි මස 6 වෙනිදාය.
 
නමුත් පසුගිය දිනවලදී එක්තරා වෙබ් අඩවියකින් පළවූ ප්‍රවෘතියකින් කියවුනේ හසන්තගේ විවාහය දෙදරා ගොස් ඇති බවයි.මෙම පුවත අන්තර්ජාලය හරහා ඉතා වේගයෙන් පැතිරගිය අතර ඊ - මේල් හරහාද එම පුවත සංසරණය විනි.


එම පුවත පල කල එක් වෙබ් අඩවියක් තමාගෙන් සමාව ගත් බව පවසමින් ලැබුන ඊ -මේල් ලිපියක්ද හසන්ත විසින් දොරමඩලාවේ පෙන්වනු ලැබුවා.