Ads 468x60px

.

කහවත්ත ප්‍රදේශයේ තවත් සැකකටයුතු පුද්ගලයන් හතර දෙනකු අත්අඩංගුවට

කහවත්ත ප්‍රදේශයේ ආරක්‍ෂක කටයුතුවල නිරතව සිටින විශේෂ කාර්ය බළකාය තවත් සැකකටයුතු පුද්ගලයන් හතර දෙනකු පෙරේදා (18 වැනිදා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

කහවත්ත කේන්ද්‍ර කොටගෙන පැවැති භීෂණකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා එම ප්‍රදේශයේ තාවකාලික ආරක්‍ෂක කටයුතුවල නිරතව සිටින විශේෂ කාර්ය බළකා සෙබළුන් මුර සංචාරයක නිරතව සිටියදී එම සැකකරුවන් හතරදෙනා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් සිය අනන්‍යතාව තහවුරු නොකිරීම නිසා සහ නිකරුණේ සැරිසරමින් සිටියදී මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

සැකකරුවන් සමඟ ත්‍රිරෝද රථයක්‌, මුදලින් රුපියල් පනස්‌දහස්‌ එකසියයක්‌, ඔරලෝසුවක්‌ සහ ජංගම දුරකථනයක්‌ද විශේෂ කාර්ය බළකා අත්අඩංගුවට පත්ව තිබේ.

අත්අඩංගුවට පත්වූවන් සහ අදාළ භාණ්‌ඩ වැඩිදුර පරීක්‍ෂණ සඳහා කහවත්ත පොලිසිය වෙත භාරදී ඇත.
 
Related Posts with Thumbnails