Ads 468x60px

.

තමා පොලූ නොතැබූ බව චූලා කියයි

නිරූපණ ශිල්පිණියක්, නිළියක් හා නිවේදිකාවක් ලෙස ජනාදරයට පත් චූලා පද්මේන්ද්‍ර මෙනවිය ‘ලිවින් විත් හෝප්’ චිත‍්‍රපටයෙන් ඉවත්වූයේ එම චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂ හා නිෂ්පාදක සමඟ එකඟතාවයකින් පසුව බව කියයි.


එක්තරා වෙබ් අඩවියක තමා අදාළ චිත‍්‍රපටයට පොලූ තබා ඇතැයි කියන පුවතක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළාය.

එම සිනමා පටයෙන් ඉවත්වීමට මුල්වූයේ තමාට එහි රඟ පෑමට අසීරු නැටුම් ජවනිකා කිහිපයක් තිබූ හෙයින් බවද ඇය පැවසුවාය.

අදාළ චිත‍්‍රපටය සඳහා අත්සන් කළ කොන්ත‍්‍රාත් මුදල්නැවත ලබාදීමට තමා එකඟවී ඇති බවද චූලා අපත් සමඟ පැවසීය.

සම්මානනීය සිනමා නිළියක් වන නීටා ප‍්‍රනාන්දු මහත්මිය විසින් මෙම චිත‍්‍රපටය නිෂ්පාදනය කිරීමට නියමිතය.

මෙය තුන්වන ලෝකයේ සිටින ඒඞ්ස් රෝගියෙකුගේ ජීවිතය වටා ගෙතී අතැයිමේ අතර වාර්තා වේ.
 
Related Posts with Thumbnails