Ads 468x60px

.

ලාංකික ගෘහසේවිකාව මැරූ සවුදි ඝාතකයාට ලේ වන්දියෙන් සමාව

සවුදි අරාබියේදි ඝාතනයට ලක්වූ ශී‍්‍ර ලාංකික ගෘහසේවිකාවක වෙනුවෙන් සවුදි රියාල් 50,000ක ලේ වන්දියක් ගෙවීමට එකඟ වූ ඝාතකයාට සමාව ලබාදීමට ඇයගේ පවුලේ සාමාජිකයින් එකඟව තිබේ.

තිස්හය හැවිරිදි පවානි දේවි සින්නයියා මස්කෙලියේ සිට සවුදි අරාබියට ගොස් ඇත්තේ 2008 වසරේදී බව ‘ඇරැබ් නිව්ස්’ වාර්තා කරයි.

ඇයගේ හාම්පුතා විසින් පසුගිය ජනවාරි මාසයේ දිනක ඇය ඝාතනය කළබවට ඔප්පුව තිබේ.

පවානිගේ සිරුර මේ මස මුලදි දිවයිනට ගෙන්වාගෙන ඇත.

වසර දෙකක කාලයක් සඳහා ඇයට නොගෙවා තිබූ සවුදි රියාල් 16,245ක මුදලක්ඝාතකයාගේ පියා විසින් ඇයගේ පවුලට ගෙවීමට එකඟව තිබේ.
 
Related Posts with Thumbnails