Ads 468x60px

.

අමිල නයනා කුමාරිගේ පා යුගම වැඳ සමාව ගත්තේ වෙල්ගමගේ බලපෑමටද..?

නයනා කුමාරිට අපහාස වන කට කතා තැනින් පතුරලාලු...

පැමිණිල්ල ගොඩින් බේරගන්නයි වැඳලා තියෙන්නේ...

නයනා කුමාරිට අපහාස කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධව ඇය විසින් මිරිහාන නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට කරන ලද පැමිණිල්ලකට අනුව ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන අමිල අබේසේකර විසින් නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතා ඉදිරියේ අදාළ සිද්ධියට කනගාටුව ප්‍රකාශ කර පැමිණිලිකාර නයනා කුමාරිගෙන් වැඳ සමාව ගෙන තිබෙනවා.

එසේ "පබා" ටෙලි නාට්‍යයෙන් ජනප්‍රියත්වයට පත්වූ අමිල අබේසේකර අමාරුවේ වැටි තිබෙන්නේ ටෙලි නාට්‍යය නිලියක් මෙන්ම රුපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන නයනා කුමාරි හට අපහාස වන කට කතා තැනින් තැන කීම හේතුවෙනුයි.

ශරීරයේ ඇතැම් අවයව මිරිකීමෙන් කරන වෙදකම සම්භාහනයද..? ලිංගික සන්තර්පනයද..?

සෙක්‌ස්‌ ද? මසාඡ් ද ඕනෑ...

මසාඡ් එකට නම් එක්‌කෙනකුට රුපියල් 2000 යි... 

දෙකටම නම් රුපියල් 5500 ක්‌ ගන්නවා.

ශරීරයේ ඇතැම් අවයව මිරිකීමෙන් කරන වෙදකමට සම්භාහනය යෑයි කියනු ලැබේ. ඉංග්‍රීසී භාෂාවේ එය මසාඡ් යෑයි හඳුන්වයි. මසාඡ් හෙවත් සම්භාහනය කරන වෙදදුරාට සම්භාහකයා හෝ සම්භාහිකාව යෑයි අරුත් ගන්වති. 

එහෙත් 'සම්භාහනය' සම්බන්ධයෙන් තේරුම්ගත යුතු බොහෝ දේ ඉතිරිව ඇත. සැබැවින්ම සම්භාහන මධ්‍යස්‌ථානයක්‌ යනු කුමක්‌ද? ශරීරයේ අවයව මිරිකීමෙන් සම්භාහනය කිරීමට පවත්වාගෙන යන ස්‌ථානයක්‌ද?

නැතහොත් ලිංගික ආස්‌වාදය ජනනය කිරීම පිණිස සේවා සපයන ආයතනයක්‌ද යන්න අප විග්‍රහ කර ගත යුතු වේ. මන්ද අප සමාජයේ ඇති බොහෝ සම්භාහන මධ්‍යස්‌ථාන තුළ සිදුකෙරෙන්නේ ලිංගික සන්තර්පනයන්ම පමණක්‌ බැවිනි.

ප්‍රථමයෙන්ම අපි මෙරට සම්භාහන මධ්‍යස්‌ථානවල උප්පත්තිය ගැන අවධානය යොමු කරමු. ප්‍රථම වරට සම්භාහන මධ්‍යස්‌ථානයක්‌ මෙරටට හඳුන්වාදී ඇත්තේ 1980 වර්ෂයේදීය. ඒ කොළඹ තිඹිරිගස්‌යාය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සම්භාහන මධ්‍යස්‌ථානයකිනි. 

බෝගහපැලැස්‌සේ ළමා නිවාසයේ ළමයින් ලවා මස්‌ කඩයක්‌ කරවලා...

බෞද්ධ ආගම ඇදහීමත් තහනම් කරලා...

තිස්‌සමහාරාම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් බෝගහපැලැස්‌ස ප්‍රදේශයේ දීර්ඝ කාලයක්‌ තිස්‌සේ පවත්වාගෙන යන ළමා නිවාසයක දරුවන්ට විවිධ හිරිහැර කරමින් ඔවුන් ලවා ඌරන් හා කුකුළන් වැනි සතුන් මරා දැමීමේ ම්ලේච්ඡ අපරාධයක තොරතරු දැන් හෙළිවී තිබෙනවා.

මෙම දරුවන් විසින් ඌරකු මරා එම මස්‌ පුච්චා අනුභව කරන වීඩියෝ දර්ශනද ප්‍රදේශවාසීන් විසින් ලබාගෙන
තිබෙනවා.

සුනාමියට හසුව අසරණ වූ දරුවන්ද, විවිධ හේතු මත අසරණ වූ දරුවන්ද මෙම ළමා නිවාසයේ සිටින අතර ඔවුන් අවුරුදු දොළහ, දහතුන හා පහළොව වයසේ පසුවන බවද ප්‍රදේශවාසීහු
පවසනවා.

මෙම ළමා නිවාසයට අයත් බව කියන ඌරු හා කුකුළු කොටුවල මෙම දරුවන් සේවයේ යොදවා ඒවායේ කටයුතු පවත්වාගෙන යමින් තිබෙන බවද හෙළි වී
තිබෙනවා.